Divaina - ඉරාන - ඇමෙරිකා ගැටුම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 රුවන් තරස්‌වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
ඉරානය අතීතයේදී හැඳින්වූයේ "පර්සියාව" යන නමිනි. චීනයේ සේද මාවතේ එක්‌ සන්ධිස්‌ථානයකි පර්සියාව. පර්සියාව අතීතයේ සිටම පලස්‌ (බුමුතුරුණු) පි`ගන් භාණ්‌ඩ, විසිතුරු කලා නිර්මාණ ආදිය සඳහා ප්‍රසිද්ධියක්‌ උසුලයි.
 
 ඉරානය හා ඇමෙරිකා එක්‌සත් ජනපදය අතර ඇති දේශපාලන සබඳතා ඇරඹුණේ පර්සියානු රජු නස්‌රේඩ්ඩින් ෂා කාජාර් (Nassereddin shah Qajar) විසින් 1856 දී පර්සියානු තානාපති ලෙස මිර්සා අබොලාසාන් ශිරාසි (Mirze Abolhasan Shiraz) 1856 දී වොෂින්ටන් ඩී. සී. වෙත නිල වශයෙන් යෑවීමෙනි. 1883 දී එක්‌සත් ජනපද තානාපති ලෙස සැමුවෙල් ජී. ඩබ්ලිව්. බෙන්ජමින් (Samuel G.W. Benjamin) පර්සියාවට පත්කර එව්වේය. ඊට ප්‍රථම 1880 මුල් භාගයේදී ඇමෙරිකානුවන් ඉරානයේ (පර්සියාවේ) සංචාරය කළේය. 1834 දී පර්සියාවට යවනු ලැබූ ප්‍රථම මිෂනාරිවරයා වූයේ අසායෙල් ග්‍රාන්ට්‌ය. (Asahel Grant)
 
 පළමුවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව සිය මූල්‍ය කටයුතු සන්සිඳුවීමට පර්සියාව නැවතත් එක්‌සත් ජනපදයේ සහාය ඉල්ලා සිටියේය. එහෙත් දෙවැනි ලෝක මහා යුද්ධය තෙක්‌ ඉරානය කෙරෙහි ඇමෙරිකාවේ වැඩි අවධානයක්‌ නොතිබිණි. නස්‌රේඩ්ඩින් ෂා රජු යටතේ අගමැති අමීර් කබීර් ද (Amir Kabir) ඇමෙරිකාව සමග සෘජු සබඳතා ඇති කර ගත්තේය. 19 වැනි ශත වර්ෂයේ අවසානය වනවිට පර්සියන් බොක්‌කේ සිට ඉරානයේ අගනුවර ටෙහෙරානය දක්‌වා දුම්රිය පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමට ඇමෙරිකානු සමාගමක්‌ සමග සාකච්ඡාද ආරම්භ කළේය. දෙවැනි ලෝක මහා යුද්ධය තෙක්‌ ඉරානය හා එක්‌සත් ජනපදය අතර සබඳතා සුහදශීලී විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් පර්සියානු ව්‍යවස්‌ථා විප්ලවය (Persian Constitutiond Revolution) කෙරෙහි අනුකම්පා කළ බොහෝ ඉරානීයයන් පර්සියානු කටයුතුවලදී බ්‍රිතාන්‍යය හා රුසියාවේ ආධිපත්‍යයෙන් නිදහස්‌ වීම සඳහා වූ අරගලයේදී තුන්වැනි බලවේගය ලෙස ඇමෙරිකාව පිළිගත්තේය.
 
 ඉරානයේ අවසාන රජු වු මොහොමඩ් රීසා පල්ලාවි (Mohammad Reza Pahlavi) - 1941 සැප්තැම්බර් 16 සිට 1979 පෙබරවාරි 11 දක්‌වා රජු) ඔහුගේ පාලනයේ වැඩි කාලයක්‌ තිස්‌සේ ඇමෙරිකාව සමග සමීප සබඳතා පවත්වාගෙන ගියේය. ඔහු නවීන ආර්ථික ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිවලට සහාය දක්‌වමින් ඇමෙරිකාවේ හිතෛෂී මිතුරෙකු ලෙස කටයුතු කළේය.
 
 1979 ඉරාන විප්ලවයට පෙර බොහෝ ඉරාන සිසුන් සහ වෙනත් ඉරාන පුරවැසියන් ඇමෙරිකාවේ ජනපදවල පදිංචි වී ඇමෙරිකාව හා ඇමෙරිකානුවන් කෙරෙහි ධනාත්මක හා ආචාරශීලී ආකල්පයක්‌ පවත්වාගෙන ගියේය.
 
 1951 දී ඉරාන අගමැති මොහමඩ් මොසාඩෙක්‌ (Mohammad Mossadeq ) විසින් ඇන්ග්ලෝ ඉරාන තෙල් සමාගම (Anglo lranian oil Company -AIOC) ජනසතු කිරීම ආරම්භ කළ අවස්‌ථාවේදී අබඩන් අර්බුදය (Abadan Crisis) සිදුවිය. මේ අතර ෂා රජු ඉතාලියට පලා ගියේය. 1953 දී ඇමෙරිකා එක්‌සත් ජනපදය හා එක්‌සත් රාජධානියේ (එංගලන්තය) ආණ්‌ඩු විසින් කරන ලද කුමන්ත්‍රණයකින් අගමැති මොහොමඩ් මොසාඩෙක්‌ගේ ආණ්‌ඩුව පෙරළා දැමීය. මෙය ෂා රජුගේ අත්තනෝමතික පාලනයේ ප්‍රතිඵලයකි. ෂා රජු ඇමෙරිකානු ගැති අයෙකු වශයෙන් ඉරානය තුළට ඇමෙරිකාවට අත පෙවීමට ඉඩදී බලා සිටියේය.
 
 මේ අතර ඇමෙරිකා විරෝධී උත්තරීතර නායක ඉමාමි අයතුල්ලා රුහුල්ලා කොමෙයිනි ඇමෙරිකානු රූඩකයක්‌ වූ ෂා රජු පලවා හැර ඉරානය නව මාවතකට ගෙන ඒම සඳහා විප්ලවයක්‌ දියත් කළේය. ලෝකයේ හැම රටක්‌ම පෙරදිග හෝ අපර දිග කඳවුරුවලට බෙදී තිබිණි. එහෙත් ඉරානය එම ගැතිකම්වලින් ඉවත් වී ඉස්‌ලාමීය ප්‍රතිපත්තියක්‌ අනුව තනි ම`ගක ගමන් කරවීමට කොමෙයිනිට හැකි විය. ෂා රජු පලවා හැර ඉරානය නව ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බවට පත්කිරීමට ඉරානීයයන් පෙළගැස්‌සවීමට කොමෙයිනිට හැකිවිය. මෙයට උරණ වූ ඇමෙරිකාව ඇතුළු බලගතු රටවල් ඉරානයේ අසල්වැසි රටක්‌ වු ඉරාකය යොදවමින් ඉරානය ආක්‍රමණය කළේය. වසර අටක කාලයක්‌ ඉරානයට තම මවු බිම ආරක්‍ෂා කිරීමට සටන් කිරීමට සිදුවිය. එහිදී අයතුල්ලා කොමෙයිනි ඉරානයට ලබාදුන් එඩිතර නායකත්වය අගනා එකක්‌ විය.
 
 මේ අතර අයතුල්ලා කොමෙයිනි "මහා සාතන්" ලෙස ඇමෙරිකාව විසින් හැඳින් විය. ඉස්‌ලාමීය විප්ලවවාදීන් දිගින් දිගටම බලයෙන් ඉවත් වී යන ලෙස ෂා රජුට බලපෑම් කළේය. මේ අතර අභ්‍යන්තර පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇමෙරිකාවට ඇතුළු වීමට ෂා රජු ඉල්ලා සිටියේය. එහෙත් ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති එයට විරුද්ධ විය. ඒ ෂා රජු ඇමෙරිකාවට ගිය ටිකට රටේ බලය විප්ලවවාදීන් අල්ලා ගනීවි යෑයි බියට ය. පසුව ෂා රජු ඉරානය අතහැර පලා ගියේය.
 
 මේ අතර ඉරාන සිසු ව්‍යාපාරයේ විප්ලවවාදී සිසුන් ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දුන්නේය. ඇමෙරිකානු තානාපති කාර්යාලය අත්පත් කරගත් සිසු උද්ඝෝෂකයන් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 52 ක්‌ ප්‍රාණ ඇපයට ගත්තේය. ඔවුන්ව දින 444 ක්‌ ප්‍රාණ ඇපයට තබාගත්තේය. ඉරානයේ මෙම සිදුවීම ඉරානයේ ඇමෙරිකානු බලපෑමට එරෙහි දැවැන්ත ප්‍රහාරයක්‌ විය. මේ අතර ඇමෙරිකානු හමුදාව ඊගල් ක්‌ලෝව් (Operatior Eagle Claw) මෙහෙයුම අරඹා ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළේය. එහිදී ඇමෙරිකානු නිලධාරීන් අට දෙනෙකුගේ දිවි අහිමි විය. පසුව 1981 ජනවාරි 19 දින ඇල්ජියස්‌ ගිවිසුම අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස්‌ කරන ලදී. 1980 අප්‍රේල් 7 වැනිදා ඇමෙරිකානු ජනාධිපති ජිමි කාටර් ඉරානය හා ඇමෙරිකාව අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීය.
 
 1979 ඉරාන විප්ලවයට පෙර එක්‌සත් ජනපදය ඉරානයේ ප්‍රධාන ආර්ථික හා මිලිටරි හවුල්කරුවෙකු විය. ඉරානයේ යටිතල පහසුකම් සහ කර්මාන්තයන් නවීකරණය කිරීම සඳහා තාක්‍ෂණික. උපදෙස්‌ පතා ඉගැන්වීමේ ධාරිතාවයන් රට තුළ ඇති කිරීමට එහි පදිංචිව සිටි 30,000 ක්‌ පමණ විදේශිකයන්ට හැකි විය. ඉන් වැඩි කොටසක්‌ ඇමෙරිකානුවන්ය. ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිද්ධියෙන් පසු ඉරානයේ බැංකුවල තිබූ ඇමෙරිකානු වත්කම්, රත්තරන් සහ වෙනත් දේපල ඇතුළු එහි ගණන ඩොලර් බිලියන 12 ක පමණ අගයක්‌ ගත්තේය.
 
 මේ අතර 1981-1989 රොනල්ඩ් රේගන් ජනාධිපතිගේ පාලන කාලය තුළ ඇමෙරිකාව ඉරානයේ යුද තත්ත්වයක්‌ ඇති කළේය. 1988 දී ඉරාන - ඉරාක යුද්ධයේදී කොටසක්‌ ලෙස පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාන ඛනිජ කටයුතු සඳහා ප්‍රතිප්‍රහාරයක්‌ එල්ල කර ඇති බව පවසමින් ඇමෙරිකාව ඉරානයට එරෙහි Operation Prayins Mantis මෙහෙයුම දියත් කළේය. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ විශාලම නාවික මෙහෙයුම මෙය විය. ඉරාන තෙල් නිධිවලට ඇමෙරිකාව මිසයිල එල්ල කර ඒවා බොහෝ ගණනක්‌ විනාශ කළේය. මේ නිසා කුඩා ළමුන් ඇතුළු ඉරානයේ අහිංසක ජීවිත අහිමි විය. මේ ජීවිතවලට ඇමෙරිකාව කනගාටුව ප්‍රකාශ කර ඇති මුත් ඉරානය කිසිදාක ඇමෙරිකාවට සමාව නුදුන්නේය.
 
 2005 අගෝස්‌තු මාසයේදී මහමුද් අහමදීන්ජාඩ් (Mahmoud Ahmadinejad) ඉරානයේ ජනපති විය. ඉන් පසු 2006 මැයි 8 වැනිදා ඉරානයේ න්‍යෂ්ටික අවි අර්බුදය අවසන් කිරීමට නව මාර්ග යෝජනා කිරීමට ඇමෙරිකා ජනපති බුෂ් වෙත පෞද්ගලික ලිපියක්‌ යෑවීය. 2003 සිට ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය සඳහා වැඩ පිළිවෙළක්‌ අරඹා ඇති බවටද ඇමෙරිකාව චෝදනා කළේය. 2008 ජනවාරි මාසයේදී ඇමෙරිකානු නිලධාරීන් විසින් හෝමුස්‌ සමුද්‍ර සන්ධිය තුළ තම නාවික යාත්‍රාවලට හිරිහැර කිරීම හා ප්‍රකෝප කිරීම ගැන ඉරානයට චෝදනා කළේය. එහෙත් ඉරානය එය ප්‍රතික්‍ෂේප කළේය.
 
 ඇමෙරිකාව ඉරානයට ජාත්‍යන්තර සම්බාධක පැනවීය. ඒ නිසා ඉරානය සමග කටයුතු නොකිරීමට ඇමෙරිකානු රජය යුරෝපීය මූල්‍ය ආයතනවලට ඒත්තු ගැන්වීමටද කටයුතු කළේය. ඉරානයේ විවේචකයෙකු වූ අලි එෆ්කා ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජය විසින් රහසිගත ක්‍රියා මාර්ගයක්‌ මනෝ විද්‍යාත්මක යුද්ධයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය. වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පතේ මාධ්‍යවේදී ඩේවිඩ් ඉග්නේෂස්‌ කීවේ. ඇමෙරිකානු රහසිගත ක්‍රියාවන් මාරාන්තික ක්‍රියාකාරීත්වයට බුද්ධිය එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනී යන බවයි. 2009 ජනවාරි මාසයේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත වාර්තා කළේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සංකීර්ණයට පහර දීම සඳහා එක්‌සත් ජනපදය විසින් ඊශ්‍රායලයට 2008 දී කරන ලද ආයාචනය ප්‍රතික්‍ෂේප කර ඇති බවය. 2012 දී ඉරානය මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රා සූදානම් කර ඇති අතර ගල්ෆ් කලාපයේ නාවික හමුදාවන් මෙසේ ගොඩනඟා ඇති බවටත් එක්‌සත් ජනපදය ඔවුන්ගේ නාවික හමුදාවට අනතුරු හ`ගවා ඇත. 2018 මැයි මාසයේ සිට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය මත ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කරුන බවට ප්‍රකාශ කළේය. මේ අතර ඉරානයේ විපක්‍ෂ කණ්‌ඩායම් උසිගැන්වීමේ ක්‍රියාවලියකට ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් සිටින බවටද ඉරානය චෝදනා කරයි. 2019 මැයි 19 දින එක්‌සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ගැටුමක්‌ ඇතිවුවහොත් එය ඉරානයේ නිල අවසානය වන බවය.
 
 දිනෙන් දින ඇදි ඇදී යන විටින් විට උග්‍ර වන මේ ඇමෙරිකා ඉරාන යුද ගැටුම් ගැනද බොහෝ කාටුන් නිර්මාණය වී තිබුණි. මේ එම කාටුන් නිර්මාණවලින් කිහිපයකි.
 
cart1
1. 1986 දී කාටුන් ශිල්පී හර්බ්ලොක්‌ Herblock විසින් නිර්මාණය කරන ලද කාටුනයේ දැක්‌වෙන්නේ රූපවාහිනි යන්ත්‍රයක තිරයේ ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ කතාවක්‌ විකාශනය වන ආකාරයයි. රූපවාහිනිය අසල ඉරාන නායක අයතුල්ලා කොමෙයිනි සිටගෙන සිටී. රේගන් රූපවාහිනි තිරයට පිටුපසින් බිම වාඩි වී සිටින බවද පෙනේ. ඔහු මේ බොරු ර`ගපෑමක්‌ කරන බව පෙනේ. රේගන් කොමෙයිනිට යම් පත්‍රිකාවක්‌ දෙයි. "ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට ආයුධ පගාවක්‌" (Arms Payoff For Hostage Release) යනුවෙන් එහි ඇත. රේගන් හදන්නේ ඉරානයේ සිටින ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමට කොමෙයිනිට ආයුධ පගාවක්‌ හොරෙන් දීමටය. රේගන් රූපවාහිනි තිරය ඔස්‌සේ කියන්නේ එක දෙයකි. පිටුපසින් සිට කරන්නේ තව දෙයක්‌ බව මේ කාටුන් ශිල්පියා පෙන්වා දෙයි.
 
cart22. ගැරී වාවෙල් (Gary Varvel) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ ඇමෙරිකාවේ 68 වැනි රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ඉරාන නායකයෙකි. ජොන් කෙරී ඔලිව් අත්තක්‌ (ඔලෙව් අත්ත සාමයේ සංකේතයකි) ඉරාන නායකයා වෙත දිගුකර මෙසේ කියයි. "අපි ඔබ නිරායුධ කරන්නම්. ඔලෙව් ශාඛාවක්‌ අපි ඔබට දිගු කරමු." (We Are Extending An Olive Branch To you If you Disarm) එහෙත් ඉරානය කරන්නේ තම අත තිබූ ස`ගවාගත් කඩුවකින් ජෝන් කෙරීගේ ඔලෙව් අත්ත අල්ලා සිටි අත කපා දමා යන ආකාරයයි. ඉරානය ඇමෙරිකාව සම`ග කිසිදා සාමයකට කැමැති නැති බව මේ කාටුන් ශිල්පියා පෙන්වා දෙයි.
 
cart33. ස්‌ටෙෆාන් ප්‍රේ (Stephane Peray) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ "ඉරානය සමග යුද්ධය" (War With lran) යන සද්දයට තාලයට බෙරයක්‌ ගසමින් ඇවිදින කෙනෙකි. ඔහුගේ ඔළුව නැත. ඔළුව බෙරය බවට පත් වී ඇත. පෙනුමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව පෙනේ. ඉරානය සමග යුද්ධයට යැම තම ඔළුව නැතිකර ගැනීමක්‌ බව මේ කාටුනයේ අදහසයි.
 
cart44. පැට්‌රික්‌ චපත්තේ ගේ (Patrick Chappatte) කාටුනයේ දැක්‌වෙන්නේ නිවසක්‌ තුළ දර්ශනයකි. ගෙදර ගෘහ මූලිකයා (මෙය ඉරාන ජාතිකයන්ගේ නිවසකි) කෑමට යමක්‌ ගැනීමට ශීතකරණයේ දොර අරියි. මේසය ළ`ග බඩගින්නේ හඬන දරුවකු හා බිරිඳ සිටී. ශීතකරණය තුළ ඇත්තේ කුමක්‌ද? ඔහු වික්‍ෂිප්ත වී ඇත. එහි ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන (Nuclear Program) යනුවෙන් නම් කර ඇති න්‍යෂ්ටික බෝම්බයකි. ඉරානයට දැන් සිදු වී ඇත්තේ න්‍යෂ්ටික බෝම්බවලින් කුසගිනි නිවා ගැනීම බව චපත්තේ මේ කාටුනයෙන් පෙන්වා දෙයි.
 
cart55. කොක්‌ස්‌ සහ ෙෆාaකි (Cox and Forki) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ ඉරාන ජනපති අහමඩින්ජාන් ගේ දිගු විශාල නාසය මිසයිලයක්‌ බවට පත් වී ඇති ආකාරයයි. එම නාස්‌ මිසයිලයේ. ඇමෙරිකාව හා ඊශ්‍රායලය මරණයට පත්කිරීම (Death to America and lsrael) යනුවෙන් ලියා ඇත. ඔහු කියනවා "ඇත්ත වශයෙන්ම අපේ න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන සාමකාමී අරමුණු සඳහාය. ඔබ ඇයි ඒවා ඉල්ලන්නේ?" (Of Course our nuclear Facilities are For peaceful Purposes Why Do you Ask) මෙය බොරුවකි. න්‍යෂ්ටික අවි ඉරානය කිසිදු සාමකාමී අරමුණුවලට යොදවන්නේ නැත. ඔවුන් ඒවා නිපදවන්නේ ඇමෙරිකාවේ යුද තර්ජන නිසාය. මිසයිල සාමකාමී අරමුණු සඳහා තබාගන්නවාය යනුවෙන් ඔවුන් පවසන්නේ බොරුවකි. ඒ නිසයි ඉරාන නායකයාගේ නහය පිනෝකියෝගේ වගේ දික්‌වෙන්නේ.
 

cart6 6. කාටුනයේ දැක්‌වෙන්නේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම (Iran Nuclear Deal) නම් පත්‍රිකාව කිරිගරුඬ ටැඹක්‌ මත තබා ඇති ආකාරයයි. බිම ඇත්තේ යුද්ධය නිසා විනාශ වූ ජීවිත, දේපළ ආදියේ සුන්බුන්ය. යුද්ධයක්‌ ඇති වී විනාශ වූ පසුව න්‍යෂ්ටික ගිවිසුම් ඉදිරිපත් කර ඒවාට විසඳුම් සෙවීමෙන් ඵලක්‌ නැත. මොකද එම ගිවිසුම් අත්සන් කරන විට වෙන්න ඕන දේ වී ඉවරය. විනාශයට පසු විරාමයක්‌ කුමටද? මේ කාටුනයේ අර්ථය එයයි.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles