Divaina - ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැද්ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ආචාර්ය නිහාල් ජයවික‍්‍රම

gotasd3332020 සිට ඇති වීමට නියමිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡුන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡුන්දය ඉල්ලීමට අදහසක් නැති බව මේ වන විට කියා ඇති නිසා, එළැඹෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ඡුන්ද කොමසාරිස් විසින් ප‍්‍රකාශයට පත්කරන දවසේම අලූතෙන් තේරී පත්වන පුද්ගලයා ජනාධිපති වශයෙන් වැඩ භාරගනු ඇත. ඡුන්දාපේක්ෂකයන් කිහිප දෙනකු දැනටමත් කරලියට විත් තිබේ. ඇත්ත වශයෙන්ම, වයස අවුරුදු 35 සම්පූර්ණ, වෙනත් රටක පුරවැසියකු නොවන, මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා නැති, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා නුසුදුස්සකු වී නැති ඕනෑම පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් විය හැකිය. එහෙත්, ඔහුගේ/ඇගේ අපේක්ෂකත්වය එක්කෝ පිළිගත් දේශපාලන පක්ෂයකින් නිර්දේශ කළ යුතුය. නැත්නම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටින හෝ සිටිය කෙනකු නම්, වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡුන්ද හිමියකු විසින් ඔහුගේ/ඇගේ නම යෝජනා කරනු ලැබිය යුත්තේය.

මේ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන කිහිප දෙනකු දැනටමත් තමන්ගේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කොට ඇත. සමහරු ඒ ප‍්‍රකාශ නිකුත් කොට ඇත්තේ, විශාල වියදම්කාරී, තරු පහේ හෝටල්වල පැවැත්වුණු සුඛෝපභෝගී රැුස්වීම්වලදී ය. තවත් අය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒවා ප‍්‍රකාශයට පත්කොට ඇත. මේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් තුළ, ආර්ථික සහ සමාජ කරුණු ගැන මෙන්ම, ජාතික ආරක්ෂාව සහ ලංකාවේ පාලනයට අත්‍යවශ්‍ය තවත් වැදගත් කරුණු ගැන අවධානය යොමු කොට තිබේ. එක් අපේක්ෂකයකු තමා ජයග‍්‍රහණය කළොත් ක‍්‍රියාත්මක කරන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක පිටපතක් ද ඉදිරිපත් කොට ඇත. මේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණ සඳහා අපේ පුවත්පත් ද විශාල ඉඩකඩක් නිරන්තරයෙන් වෙන් කරයි.

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතිකර ගත් පරිදි, මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ දිනයේ සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් බවට පත්වන බව මේ කිසිවකු තේරුම්ගෙන නැද්ද? අලූත් ජනාධිපතිවරයා පත්වන දිනයේ පටන්ම රට පුරා ක‍්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් ය.

ඊළඟ ජනාධිපතිවරයාට ඇමැතිවරයකු වීමට ද නොහැක

ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් කියා සිටින්නේ, ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර වන්නේ අමාත්‍ය මණ්ඩලයට බව ය. එවිට පාර්ලිමේන්තුවට සාමූහිකව වගකියන්නේ අමාත්‍ය මණ්ඩලයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි වගන්තිය යටතේ ගත් විට, ඇමැතිවරයකු වශයෙන් පත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු වශයෙන් සිටින කෙනකු පමණි. ජනාධිපති සිරිසේනට ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ තමාගේ භාරයේ තබා ගැනීමට දැනට අවසර ලැබුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එන (ඔහුට සහ මේ ධුර කාලයකට පමණක් වලංගු* සංක‍්‍රාන්ති විධිවිධානයක් නිසාම පමණි. ඒ තාවකාලික සංක‍්‍රාන්ති විධිවිධානය ජනාධිපති සිරිසේන වර්තමාන ධුරය දැරීම නතර වන මොහොතේ සිට අහෝසි වන්නේය. ඒ අනුව, ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක්වත්, කිසිම විෂයයක් හෝ කාර්යයක්වත් තමන්ට පවරා ගැනීමට අවකාශ නැත. අඩු වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයවත් ඔහුට තබා ගත නොහැක.

ඊළඟ ජනාධිපතිගේ භූමිකාව

ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය කුමක් වනු ඇද්ද? ඔහු/ඇය රාජ්‍ය නායකත්වය හොබවනු ඇත. විධායකයේ ආණ්ඩුවේ නායකත්වය හොබවනු ඇත. සන්නද්ධ හමුදාවන්හි ප‍්‍රධාන අණදෙන නිලධාරියා වනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව සිටියේ හරියටම එවැනි තත්ත්වයකයි. ඊටත් කලින්, 1946 ව්‍යවස්ථාව යටතේ පවා විධායක බලය තිබුණේ අග‍්‍රාණ්ඩුකාරවරයා අතේය. ශ‍්‍රීමත් හෙන්රි මූර්, සෝල්බරි සාමි සහ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක වැනි එතෙක් සිටි සියලූ දෙනා සෑම සතියකම සෑම අමාත්‍ය මණ්ඩල සැසිවාරයකම සටහන් පත‍්‍රිකාවේ පිටපතක් ලැබීමට නියමිතව සිටියෝය. ඉන් පසු, ‘ක්වීන්ස් හවුස්’ හිදී සෑම බදාදා දිනකම පැවති චාරිත‍්‍රානුකූල දිවා ආහාරයේදී කැබිනට් තීන්දු පිළිබඳව අගමැතිවරයා විසින් ඔහුට දන්වනු ලැබීය. ඒ කාලයේ අග‍්‍රාණ්ඩුකාරවරයකු කැබිනට් රැුස්වීමකට සහභාගී වූ එකම අවස්ථාව වශයෙන් සටහන් වන්නේ, 1958 හදිසි නීති තත්ත්වය යටතේ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක වරක් ඊට සහභාගී වී ඇති අවස්ථාව පමණි. 19 වැනි ව්‍යවස්ථාවට අතපසු වී ඇතැයි සිතෙන එක කාරණයක් වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ඊළඟ ජනාධිපතිවරයා තවදුරටත් ‘අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා’ වශයෙන් සිටීමයි. සමහරවිට එහි අදහස වෙනවා ඇත්තේ, පාර්ලිමේන්තුවේ සභාපතිත්වය වර්තමානයේ කතානායකවරයා විසින් දරන්නා සේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දැරීම විය හැකිය. එවිට අමාත්‍ය මණ්ලඩයේ න්‍යාය පත‍්‍ර පිළිබඳ සිය අදහස් දැක්වීමටත්, ඔහු පි‍්‍රය කරන කාරණයක් එහිදී මාතෘකාව කර ගැනීමටත් හැකියාව තිබේ. එහෙත් යම් විෂයයක් සම්බන්ධයෙන් තමාගේ ‘ප‍්‍රතිපත්තිය’ කි‍්‍රයාවේ යෙදවීම ඔහුට කළ හැකි දෙයක් නොවේ. එසේ වුවහොත් එය, එකී විෂය භාර අමාත්‍යවරයාගේ විෂයපථය ජනාධිපතිවරයා විසින් ආක‍්‍රමණය කරනු ලැබීමක් වන්නේය.

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ උපදෙස් මත පමණි

ජනාධිපති ධුරය සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විට ඇති කොට තිබෙන වෙනස්කම්:

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත් කිරීම

2. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්කිරීම.

5. ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

6. ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම.

රාජ්‍ය නායකයකු සතු සම්ප‍්‍රදායික බලතල

පැහැදිලිවම, ඉදිරි ජනාධිපතිවරයාට ද රාජ්‍ය නායකයකු සතු සම්ප‍්‍රදායික අයිතීන් හිමි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔහුට යුද්ධ ප‍්‍රකාශයට පත්කිරීමට පුළුවන. එසේ වෙතත්, ඔහු එසේ ප‍්‍රකාශයට පත්කෙරෙන යුද්ධය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිනිස් බලය සහ අවි ආයුධ ආදිය රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා විසින් සපයන්නේ නම් මිස ඔහුගේ යුද්ධ ප‍්‍රකාශය සක‍්‍රීය නොවන්නේය. එසේම ඔහුට වෙනත් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයකු පත්කළ හැකිය. එහෙත්, එසේ පත්කරනු ලබන තැනැත්තා අරභයා එකී විදේශ රාජ්‍යයේ ‘අනුමැතිය’ අපේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා විසින් ලබා නොගන්නේ නම්, එසේ අලූතෙන් පත්කළ තානාපතිවරයාට එකී රටට පය ගැසීමට නොලැබෙන්නේය. එසේම ජනාධිපතිවරයාට හදිසි අවස්ථා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමත් කළ හැකිය. එහෙත්, එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සහ වෙනත් සම්පත් අමාත්‍ය මණ්ඩලය මගින් සම්පාදනය කර නොදෙන්නේ නම් සහ එම හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුව මගින් අනුමත නොකරන්නේ නම්, ඔහුගේ ප‍්‍රකාශය සක‍්‍රීය නොවන්නේය. එසේම, පාර්ලිමේන්තුවේ සෑම සභා වාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඔහුට කියැවිය හැක්කේය. එහෙත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය, අගමැතිවරයා විසින් සම්පාදනය කොට අමාත්‍ය මණ්ඩලය මගින් ඉදිරිපත් කරනු ලබන්නක් මිස ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නොවන්නේය.

නිගමනය

ඉතිං, සමහරු ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, ඒ ජනාධිපති තනතුරට හිමි වන්නේ එවැනි චාරිත‍්‍රානුකූල කාර්ය භාරයක් පමණක් බව හොඳින්ම දැනගෙන නම්, එයින් අදහස් වන්නේ, ඔවුන් ස්වයං-මාන්නයක් හෝ ස්වයං-ප‍්‍රසාදයක් පිළිබඳ යම් ආශාවක වෙලී සිටින බවක් මිස, මහා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හෝ සුභසාධන සැලසුමක් ක‍්‍රියාවට නැංවීමේ ආශාවකින් පෙළෙන නිසා නොවන බවට අපට උපකල්පනය කිරීමට සිදුවෙයි. ජනාධිපති තරගය සඳහා පවතින ගාමක බලය එසේ වන්නේ නම්, ප‍්‍රකෝටි ගණනක ධනයක් එවැනි පුද්ගලයකු තෝරා ගැනීම සඳහා කුමට නම් වැය කරමු ද? රට පුරා ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් දහස් ගණනකගේ ජීවිත කුමට නම් පරදුවට තබමු ද?

ඉතා බුද්ධිමත්ව 20 වැනි සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කොට ඇති ආකාරයට සහ අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් දැනටමත් කරන ආකාරයට, දැනුම සහ පරිචය ඇති, එමෙන්ම සුපිළිපන් භාවයෙන් යුත් පුද්ගලයකු ජනරජයේ එකී නිර්-දේශපාලනික උත්තරීතර තනතුර සඳහා තෝරා ගැනීම, පාර්ලිමේන්තුව හරහා හෝ ප‍්‍රජාතන්ත‍්‍රීයව ව්‍යවස්ථාපිත වෙනත් ‘මැතිවරණ කොලීජියක්’ හරහා හෝ නොකළ යුත්තේ ඇයි?

(2019 ජුනි 9 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Presidential Hopefuls - Have They Not Read Article 43 නමැති ලිපියේ සිංහල පරිවර්තනය - යහපාලනය ලංකා *

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles