Divaina - රජරටත් ජන ජීවිත අවුල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

re11 1රටේ සෙසු පෙදෙස්‌වල මෙන්ම රජරට ජන ජීවිතය ද මේ දිනවල අවුල් ය. පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ අගය ඉතාමත් පහළ මට්‌ටමක පැවැති අතර තවමත් එය යථා තත්ත්වයට පැමිණ නැත. ඊට හේතුව දරුවන් පමණක්‌ නොව ඔවුන්ගේ මාපියන් ඇතුළු සෑම සියලු දෙනාගේ සිත් තුළින් බිය සැක තවමත් පහව නොයැම බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 මාස්‌ කන්නයේදී ගොවිතැන් කටයුතු බොහෝ විට ආරම්භ වී ඇතත් ඒවා කලට වේලාවට අවසන් කර ගැනීමට ගොවි ජනතාවට නොහැකිවී තිබේ. එයට හේතුව කඹුරු ගොවිතැන් සඳහා පිට පළාත්වලින් පැමිණෙන ශ්‍රමිකයන් මෙවර නොපැමිණීමයි.
 
 සංචාරක ව්‍යාපාරයෙන් දිවි රැකගත් පිරිස්‌ අනුරපුර පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වෙසෙති. විදේශ සංචාරකයන්ගේ නොපැමිණීම නිසා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව එදිනෙදා ජීවිකාව කරගත් බොහෝ පිරිසකට දැන් යන එන මං නොමැතිව ඇත. සීගිරිය, දඹුල්ල, හබරණ, පොළොන්නරුව ආදී නගරවල දෙස්‌ විදෙස්‌ සංචාරකයන් කැටුව ජීප් රථවලින් වන උයන් නැරඹීමට ගිය විශාල පිරිස අද ඉතාමත් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනුයේ තම ජීවිකාව අහිමිවීම නිසාවෙනි. බැංකුවලින් ණය ලබාගෙන නැතහොත් කල්බදු පදනම මත මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන මිලදීගත් ජීප් රථ සඳහා ණය වාරික ගෙවා ගැනීමට පවා නොහැකිවී ඇතැයි ඔවුහු පෙන්වාදෙති. කෙසෙල්, පැපොල් ආදිය ආර්ථික බෝගයක්‌ ලෙස වගා කළ රජරට ගොවීන් පවසනුයේ සංචාරක හෝටල් බොහෝමයක්‌ වැසී යැම නිසා තම අස්‌වනුවලට තිබූ සෘජු වෙළෙඳපොළ සහ ඉහළ මිල දැන් අහිමිවී තිබෙන බවයි. මේ හේතුවෙන් කෙසෙල්, පැපොල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙන බවද එම පළතුරු ගොවීහු කියා සිටිති. මේ අන්දමට සෑම ක්‍ෂේත්‍රයක්‌ම බරපතළ ලෙස කඩා වැටීම නිසා ජනතාවගේ ආර්ථිකයට මරු පහරක්‌ එල්ලවී තිබෙන බව නොරහසකි. එදිනෙදා ජීවිත ගැට ගසා ගැනීම පවා අසීරු කරුණක්‌ බව ඔවුන් පෙන්වාදෙන්නේ ඒ නිසාවෙනි. කොටින්ම කියතොත් රටේ අනෙක්‌ පළාත්වල මෙන්ම රජරට ද ජන ජීවිතය සැබැවින්ම අවුල්ය.
 
 චීන නිල සංචාරයට පෙර  ජනපති පොළොන්නරුවේ
 
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සතියේ පොළොන්නරුවේ පැවැති උත්සව අවස්‌ථා කිහිපයකට සහභාගි විය. ජනාධිපතිවරයා එසේ පැමිණියේ චීනයේ නිල සංචාරයක්‌ සඳහා සහභාගි වීමේ දිනයට පෙර දිනයේය.
 
 පිබිදෙමු පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් දශ ලක්‍ෂ 2500 ක්‌ වැයකර ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක්‌ ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
 ඒ යටතේ පොළොන්නරුව දීප උයනේ 5ඨ සන්නිවේදන කුලුන විවෘත කිරීමද, නව තාක්‍ෂණික පහසුකම් සහිත පොළොන්නරුව ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලය විවෘතකිරීමද මෙදින සිදු විය.
 
 අනතුරුව පොළොන්නරුව නව නගරයේ පිහිටි පුලතිසි චන්ද්‍ර මණ්‌ඩපයේ පැවැති උත්සවයට සහභාගි වූ ජනාධිපති මෛතිs්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාසල් 110 ක්‌ සඳහා නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමද සිදු කළේය. ඒ අවස්‌ථාව සංකේතවත් කරමින් පාසල් 10 ක්‌ සඳහා එම සන්නිවේදන උපකරණ කට්‌ටල ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.
 
 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් ද ඊට එක්‌ව සිටියහ.
 
 අසුන්දර ප්‍රේම කතාවක්‌
 
 ප්‍රේමය වූ කලී බොහෝවිට සුන්දර මතකය එක්‌ කරනා බැව් නොකියමනාය. එහෙත් 23 හැවිරිදි තම පෙම්වතිය අබිරහස්‌ ලෙස ඝාතනය කර මරා පුළුස්‌සා දැමූ පාපතර පාපිෂ්ඨ මිනීමරු පෙම්වතකු පිළිබඳව පොලොන්නරුවෙන් අසන්නට ලැබෙයි.
 
 පොලොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් කම්හලක සේවය කළ මේ තරුණිය රූපයෙන් අගතැන්ය. ඇගේ පෙම්වතාද ඒ ඇඟලුම් කම්හලේම සේවය කළ අයෙකි. ඔහු විවාහක එක්‌දරු පියෙකු බව දැනගන්නට ලැබෙන්නේ ප්‍රේමය තරමක්‌ දුර දිග ගිය පසුවය. ඒ නිසා ඇය ඔහුගෙන් ඈත්වෙන්නට උත්සාහ කළද යන්න කිසිවෙකුත් නොදන්නා සැකයකි. රැකියාවට ගොස්‌ සිටියදී මීට මාසයකට පමණ පෙර අතුරුදන්ව සිටි ඒ තරුණිය අබිරහස්‌ ලෙස ඝාතනය කර ඇති පුවත අනාවරණය වන්නේ ඇගේ පෙම්වතා බව කියන විවාහක එක්‌දරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පාපොච්චාරණය කරමින් තම පෙම්වතිය පිහියකින් ගෙල කපා සිරුරේ කිහිප පොළකටද පිහියෙන් ඇන මරා දමා ඉන් පසුව පෙට්‌ට්‍රල් දමා මළසිරුර පුලුස්‌සා දැමූ බව කියා තිබේ. ඔහුගේ ඒ ප්‍රකාශයට අනුව මේ අපරාධය සිදුකර ඇත්තේ පසුගිය සිංහල අලුත් අවුරුදු දිනයට දින දෙක තුනකට ඉහතදීය. නමුත් ඒ අපරාධයේ සුලමුල හෙළිකරගැනීමට පොලිසියට හැකියාව ලැබුණේ මීට දින කිහිපයකට මත්තෙන්ය. තම පෙම්වතිය තමන් මුණගැසෙන බොහෝa අවස්‌ථාවලදී රණ්‌ඩු සරුවල් ඇති කර ගැනීම හේතුවෙන් මෙලෙස ඇයව මරා දමන්නට තීරණය කළ බව සැකකරු වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කර තිබිණි. මෙවන් භයානක අපූරු පෙම්වතුන්ද සමාජයේ ජීවත්වන බව දැන සිටීම බොහෝa තරුණ ප්‍රේමවන්තියන්ට ඉතා වැදගත්ය.
 
 වෙසක්‌ සඳ පායන්නට පෙර නිවී ගිය සිසු තරුව
 
 වෙසක්‌, පොසොන් මහ පෝය ලංවන විට ගම්බද දරුවෝ පහන් කූඩු තනන අයුරු ඉතා සුලබය. එළඹෙන වෙසක්‌ පෝයට පත්තු කිරීම සඳහා වෙසක්‌ පහන් කූඩු සෑදීමට උණ ගසක්‌ කැපීමට ගිය අවස්‌ථාවේ එය අධිබලැති විදුලි රැහැනක දැවටීම නිසා විදුලිය සර වැදී අකල් මරණයට ගොදුරු වූ 16 හැවිරිදි පාසල් සිසුවකු පිළිබඳ දුක්‌මුසු පුවත අපට අසන්නට ලැබෙනුයේ මරදන්කඩවල මාවතවැව ප්‍රදේශයෙනි.
 
 අනුරාධපුර, වළගම්බාහු මහා විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබමින් සිටි මේ දරුවා තම නිවෙස අසල පිහිටි නිවෙසක තිබූ උණ පඳුරකින් උණ ගසක්‌ කපමින් සිටි අවස්‌ථාවේ මේ ඉරණමට ගොදුරු වී තිබේ.
 
 ඒ අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි සිසුවා ප්‍රතිකාර ලබාදීම සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස්‌ ඇති බව කියති. තමන් අධ්‍යාපනය ලැබූ පාසලේ දීප්තිමත් සිසුවෙකු බව කියන මේ දරුවා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස ඊයේ (15 දා) දිනයේ නිල ලාංඡන පළදවන්නටද නියමිතව සිටි බව අසන්නට ලැබීම කාගේ වුවද දුක දොම්නස වැඩිකරවයි. නොකල්හි ජීවිත ගමන නිමා කළ ප්‍රේමශාන්ත ඕෂධ සිසුවාට මේ වෙසෙ`ග් අපිද නිවන් සුව පතමු.
 
 මින්නේරිය වන උයනේ සද්ධන්තයෙකු යකඩ යකාට බිලිවෙයි
 
 මින්නේරිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයෙකු ඊයේ (15 දා) අලුයම යකඩ යකාට බිලිවිය. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වන උයන් අතර අලි මාරුවෙන සුප්‍රකට අලි මංකඩක මේ නොකල්හි අලි මරණය සිදුවී තිබෙන බව වනජීවි නිලධාරීහු කීහ. කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් තිබූ දුමිරියේ ගැටී ඒ සද්ධන්තයා අප්‍රමාණ වේදනා විඳ මෙළොවින් සමුගන්නට ඇත. වසරක්‌ තුළ සිදුවන අලි මරණ විශාල සංඛ්‍යාව අතරේ දුම්රිය ගැටීමෙන් සිදුවන ප්‍රමාණය ඉතා ඉහළය. වන අලි ගැවසෙන ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය කරවීමේදී වේග සීමාවන් පවත්වාගෙන යන ලෙසට දුම්රිය රියෑදුරන්ට උපදෙස්‌ දී තිබෙන බව නොරහසකි. එහෙත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් මේ අවාසනාවන්ත තත්ත්වයන් දිගින් දිගටම සිදුවීමට හේතුවක්‌ නැත. ඇතැම් අවස්‌ථාවල අලි රංචු පිටින් දුම්රියේ හැපී එකා නොව දෙතුන් දෙනා මියගිය අවස්‌ථා බොහෝ තිබේ. කෙසේ නමුත් අපේ රටේ මේ සද්ධන්තයින්ගේ පරපුරේ ගමන ඉක්‌මනින් නිමා කරන්නට දුම්රියද විශාල වැඩ කොටසක්‌ ඉටු කරනා බව ඉතා ප්‍රකටය. මේ කාරණය වටහාගත් දුම්රිය රියෑදුරෝද අදාල බලධාරීහුද මනස යොමු නොකරන්නේ මන්ද යන්න විමතිය දනවන්නකි.
 p6 487

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles