Divaina - ජනපති මෛත‍්‍රි ෂාන්ට කී කථාව.....! නිලමේ අකිලට කී කථාව......! ආණ්ඩුකාරවරයා ඇන්දවීමට ගිහින්.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

maagam135මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් ඉකුත් සතිඅන්තයේ ගාල්ලට පැමිණියේය. ඒ රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහාය. ආරක්ෂක අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කොට තිබුණි. ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, වජිර, ගයන්ත, හිටපු මහ ඇමති ෂාන්, විජේපාල, නිශාන්ත, තිසර ගුණසිංහ, ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම දකුණු පළාතේ රජයේ ආයතන ප‍්‍රධානින්, ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් ප‍්‍රාදේශීය සභාපතිවරු ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා හිටපු මහ ඇමැති ෂාන් ලබුදූව සිරිධම්ම විද්‍යාලයට ගොස් සිටියේය. ගුවන් මගින් පැමිණි ජනාධිපතිවරයා සිරිධම්ම විද්‍යාලයේ සිටි ෂාන් ද තම නිල රථයට නංවාගෙන ලබුදූව දක්ෂිණපායට පැමිණියේය. මෙහිදී ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දකුණේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පැහැදිලි කළේය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබඳ විග‍්‍රහයක් කළේය. පාසල්වල ආරක්ෂාව ගැන වජිර අබේවර්ධන ඇමැතිවරයා කතා කළේය. සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල්වලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වජිර අබේවර්ධන ඇමැතිවරයා ජනාධිපතිවරයාට ස්තුති කළේය. දකුණේ ආරක්ෂක තත්ත්වය ගැන සොයාබලමින් ආණ්ඩුකාරවරයා කළ කාර්යභාරය පිළිබඳ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු කිහිප දෙනෙක්ම ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ට ස්තුති කළේය. මෙකී රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් තේ සූදානම් කොට තිබුණේ හිටපු ප‍්‍රධාන ඇමැති ෂාන් සිටි නිල කාමරයේය. අපි මෙතැනට මීට කලින් තේ බොන්න ඇවිත් තියෙනවා වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේය. මමත් ඇවිල්ලා තියෙනවා. ෂාන් හිටපු නිල කාමරයේ කිසිවක් වෙනස්වෙලා නැහැ නේ. මහ ඇමැතිවරයා විදියට හිටපු කාලයේ තිබූ බඩු භාණ්ඩ ඒ විදියටම තියෙනවා ජනපති මෛත‍්‍රි සිනහවෙමන් කීවේය. සර් සංචාරක කර්මාන්තයේ යෙදිලා ඉන්න අයට සහනයක් ලබාදිය යුතුයි. හබරාදූව ආසනයේ ශ‍්‍රිල.නි.පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ කීවේය. ෂාන්ද සංචාරක කර්මාන්තයේ පවතින ගැටලූ ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේය. ජනපති මෛත‍්‍රි තේ පානය කරමින් සිටියදී විජේපාල හෙටිටිආරච්චි මන්ත‍්‍රීවරයාද ඔහු අසලට කිට්ටු විය. සර් සතියක් හෝ ඇඳිරි නීතිය දමලා සෝදිසි මෙහෙයුම් කරලා ත‍්‍රස්තවාදීන් විනාශ කළ යුතුයි. හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා කීවේය. තේ පානයෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පහළට බැසීම සඳහා විදුලි සෝපානය අසලට ගියේය. එහි ෂාන් හා නිශාන්ත ද සිටියේය. ෂාන් විදුලි සෝපානය ශක්තිමත් නේ ජනපති මෛතී‍්‍ර ෂාන්ට විහිළුවක් කරමින් ඇසුවේය. සර් අපි උදේ හවස ඉහළ පහළ ගියේ මේ විදුලි සෝපානයෙන් බව ෂාන් කීවේය.

ආණ්ඩුකාරවරයා ඇන්දවීමට ගිහින්

දකුණු පළාත් ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන් ඉකුත් සති අන්තයේ බද්දේගම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. ඒ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත‍්‍රීවරයාගේ ආරාධනයෙනි. ආණ්ඩුකාරතුමා බද්දේගම ප‍්‍රදේශයේ පාසල්, රෝහල්වලට ගිහින් බලන්න. එවායේ අඩුපාඩු විශාල වශයෙන් තියෙනවා නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත‍්‍රීවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබුණි. ආණ්ඩුකාරවරයා බද්දේගම ප‍්‍රදේශයේ පාසලකට ගොස් එහි අඩුපාඩු සොයාබැලූවේය. පාසලේ ජල ප‍්‍රශ්නයක් තියෙනවා. ටැංකියක් ගහලා තමයි වතුර ගන්න ඕන. ප්‍රෙසර් එක මදි. ඒ සඳහා ලක්ෂ 34ක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කෙරිණි. මේකට ලක්ෂ 34ක් ආණ්ඩුකාරවරයාට ඉබේටම කියවිණි. එච්චර මුදලක් යන්න විදියක් නැහැ. ජල නළ අලූත්වැඩියා කරලා ජලය ගන්න පුළුවන් නේ. නැහැ ආණ්ඩුකාරතුමා ජලනල දිගේ ඉහළට ජලය ගන්න ප්‍රෙෂර් එක මදි එහි සිටි අයෙකු කීවේය. පසුව ආණ්ඩුකාරවරයා තාක්ෂණික නිලධාරීන්ද ගෙන්වා මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් හොඳට තෙම්පරාදු වී ඇති අයෙකි. කිසිවෙකුටවත් ඔහු ඇන්දවීම එතරම් පහසු කාර්යයක් නොවේ. මක්නිසාදයත් හේ ප‍්‍රායෝගිකව වැඩකරන ආණ්ඩුකාරවරයකු නිසාය. පසුව කළ සොයාබැලීමේ දී අනාවරණය වූයේ ජලය ගෙන යෑමට නොහැකි අයුරින් ජල නලය කිසිවකු විසින් පාසල් නිවාඩු කාලයේ දී විසන්ධි කොට ඇති බවය. නමුත් ආණ්ඩුකාරවරයා ඇන්දවීමට උත්සාහ කළේ ප්‍රෙෂර් එක මදි නිසා ජලය ඉහළට ගෙනයෑමට නොහැකි බවත් ඒ සඳහා ටැංකියක් ඉදි කළ යුතු බවත් කියමිනි. කෙසේ වුවද ලක්ෂ 34 ඇස්තමේන්තුව රුපියල් 12500ක් කිරීමට ආණ්ඩුකාරවරයාට හැකිවිය.

රනිල් ඇල්පිටියේ

අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉකුත් සති අන්තයේ ඇල්පිටියට පැමිණියේය. ඒ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාගේ ආරාධනයෙනි. ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉඩම් සඳහා ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම මෙහිදී අගමැතිවරයාගේ අතින් සිදු කෙරිණි. වජිර, විජේපාල, බන්දුලාල්, සංජීව කරුණාතිලක, ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. හැමදාම පරක්කු වෙලා එන විජේපාල මන්ත‍්‍රීවරයා අද ටිකක් වේලාසනින් ඇවිත් ඉන්නවා ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා විජේපාල හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට විහිළුවක් කරමින් කීවේය. උත්සවයේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ගොස් සිටි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදියකු වන විජේසිංහට අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවිය. ඔහු සිය යතුරුපැදිය ඇල්පිටිය නගරයේ වෙළෙඳ සලක් තුළ නවතා මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ගියේය. ඔහු වෙනදාත් සිය යතුරු පැදිය දමා යන්නේ මෙම ස්ථානයේය. අනික විජේසිංහ තමන් මාධ්‍යවේදියකු බව සෙසු අයට දැන

ගැනීම සඳහා යතුරු පැදියේ එක්තරා විද්‍යුත් නාලිකාවක පුවරුවක්ද සවි කොට තිබුණි. විජේසිංහ එනවිට එහි යතුරුපැදිය තිබුණේ නැත. ආරක්ෂක අංශ මගින් යතුරුපැදිය ඒ අසල කැලයකට ගොස් දමා තිබුණි. විජේසිංහට මේ සිද්ධියට යකා නැග්ගේය. ඔහු ඇල්පිටිය පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කිරීමට ගියද පැමිණිල්ල භාරගෙන තිබුණේ නැත. මාධ්‍යවේදියාටත් මෙහෙම දෙයක් වුණා කියලා මිනිසුන් හිනා වෙනවා. නගරයේ හිටපු යාචකයින්ද කැලයට ගොස් ගිහින් දමලා විජේසිංහ තවත් මාධ්‍ය සගයකු සමග තමන්ට වූ අකරතැබ්බය ගැන කීවේය.

අධ්‍යාපන සමුපකාර සමිතියේ නිලවරණය..

අධ්‍යාපන සමුපකාර සමිතියේ නිලවරණය ලබන මස 08 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින්ද කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබේ. එහි බලය ලබා ගැනීම සඳහා ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීමේ වගකීම පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට හා ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්ට පවරා තිබේ. ගාල්ල දිස්ත‍්‍රික්කයේ සංවිධාන කටයුතු කළයුතු ආකාරය පිළිබඳ එම නියෝජිතයින් දැනුවත් කිරීමේ රැුස්වීමක් රමේෂ් පතිරණ මන්ත‍්‍රීවරයාගේ නිවසේ දී පැවැත්විණි. මේ සඳහා මොහාන් පී. ද සිල්වා මන්ත‍්‍රීවරයාද එක්ව සිටියේය. සංවිධාන කටයුතු කළයුතු අකාරය පිළිබඳ මෙහිදී හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු හා පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ද අදහස් දැක්වූහ. අම්බලන්ගොඩ නගරාධිපති අනුර ප‍්‍රදීප් ද මේ ගැන කථා කළේය. හිටපු ප‍්‍රධාන ඇමති ෂාන් එකල අම්බලන්ගොඩ ආසනය තුළ මේ සඳහා සංවිධාන කටයුතු කළ අකාරය ගැන කීවේය. ඒ නිසා සියලූ දෙනා මේ සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළයුතු බවට අරුණ ප‍්‍රදීප් පෙන්වා දුන්නේය.

නිලමේ අකිලට කී කථාව

දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක තෙන්නකොන් නිලමේ ඉකුත් සතියේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ දී මුණගැසුණි. කොහොමද නිලමේ මන්ත‍්‍රීතුමා දකුණු පළාතේ පාසල් දරුවන්ගේ පැමිණීම අකිල ඇසුවේය. පාසල් දරුවන්ගේ පැමිණීම අඩුයි. නමුත් ගම්බද පාසල්වල නම් දරුවන්ගේ පැමිණීමේ ප‍්‍රගතියක් තියෙනවා, නිලමේ කීවේය. පාසල් දරුවන්ට හා පාසල්වලට උපරිම ආරක්ෂාව සලසලා තියෙනවා. අකිල කීවේය. ඒ වුණාට ඇමැතිතුමා දෙමවුපියන් දරුවන් පාසල්වලට එවන්නේ නැහැ. නමුත් හවසට උපකාරක පංතිවලට රැුගෙන යනවා. පාසල්වල ඉන්න ඇතැම් ගුරුවරු විදුහල්පතිවරු නොයෙකුත් කථා කියමින් දෙමවුපියන් බිය කරන බවටත් තොරතුර වාර්තා වෙලා තියෙනවා. ඇතැමුන්ට අවශ්‍ය රට අස්ථාවර කරන්න. බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා. තව සතියක් දෙකක් විතර යනවිට දරුවන් පාසල්වලට පැමිණීම සාමන්‍ය තත්ත්වයට පත්වේවි තෙන්නකෝන් නිලමේ අකිලට කීවේය.

ජ.වි.පෙ. ස්ථාවරය

අන්තවාදය පැරදවීමට ජාතික ආරක්ෂාව ගොඩනැ`ගීමට මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්ය භාරය මැයෙන් ජ.වි.පෙ. ක‍්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ඉකුත් සති අන්තයේ ගාල්ලට පැමිණියේය. අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය ඉස්ලාම් අන්තවාදී උමතු ම්ලේච්ඡු ප‍්‍රහාරයක්. එහෙම කීවොත් විතරයි මේ ප‍්‍රහාරයේ සැබෑ ස්වරූපය හඳුනාගත හැක්කේ ජ.වි.පෙ. වගකීම මොන තරම් සුලි ආවත් රැුළි ආවත් අපි දේශපාලන තීන්දු ගත යුත්තේ අදට විතරක් වලංගු වන්න නෙමේ අනාගතයට වලංගු වන්නයි. මේ වෙලාවේ ජනප‍්‍රිය දේශපාලනය ජාතිවාදයයි. නමුත් ජනප‍්‍රියම දේශපාලනය හැම වෙලාවෙම නිවැරදි නෙමේ. මේ වෙලාවේ නිවැරදි දේශපලානය ආගමික සමගිය සහජීවනයයි. අපි වෙනදාටත් වඩා හඬින් දේශපාලන රැුළි වලට ගහගෙන නොගොස් අපේ දේශපාලන ස්ථාවරයන් ආරක්ෂා කර ගත යුතුයි. ජ.වි.පෙ. නායකයා කීවේය.

ලලිත් චාමින්ද

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles