Divaina - 'ලෝක පුවත්පත් නිදහස්‌ දිනය සැමරීම' ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 julian
 
 මහචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
පසුගිය මැයි 03 වැනිදා 'ලෝක පුවත්පත් නිදහස්‌ දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස්‌ ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක්‌ නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම කුමක්‌ද? ඔහුව නිදහස්‌ කිරීම සඳහා යෝජනාවක්‌ හෝ සම්මත කරගැනීමට උනන්දුවක්‌ නොතිබිණ. මෙම ලිපිය විකිලීක්‌ස්‌ නිර්මාතෘ ජුලියන් අසෝන්ඡ් වෙනුවෙනි.
 
 පසුගිය මස 11 වැනි බදාදා ලන්ඩන් පොලිසිය විsසින් 2010 වසරේ තැබූ ඇප කොන්දේසි කැඩීම හේතුව ලෙස ගෙන විකිලීක්‌ස්‌ නිර්මාතෘ ජුලියන් අසෝන්ඡ්ව අත්අඩංගුවට ගනු ලැබීය. මෙය ලෝකයම කැළඹවූ ප්‍රවෘත්තියක්‌ විය. අසෝන්ඡ් සරණාගතයකු ලෙස 2012 සිට 2019 දක්‌වා ලන්ඩනයේ ඉක්‌වදෝර තානාපති කාර්යාලයේ ජීවත් වූයේ නීත්‍යනුකූල සරණාගත අනුග්‍රහය යටතේය. ඒ ඔහුට එරෙහිව ස්‌වීඩනය විsසින් ලිංගික අතවර සහ දූෂණ චෝදනා එල්ල කර තිබීමත් ඇ. එ. ජනපදයේ උදර්පණ ඉල්ලීමේ තර්ජනයකටද විවෘතව සිටීමත් නිසාය. දේශපාලනයේ නිරත වූවන් සහ මාධ්‍යවේදීන් සහ සුප්‍රකට අය තානාපති කාර්යාලවල සරණාගතයන් ලෙස සිට ඇතද වැඩිම කාලයක්‌ එනම් වසර 6යි මාස 5 ක්‌ පමණ කාලයක්‌ එසේ සිට ඇත්තේ මාධ්‍යවේදී අසෝන්ඡ් පමණි. මෙම ලිපිය විවිධ සමර්ථකම්වලින් අනූන (versatile) මෙම නිර්භීත ප්‍රගතිශීලී මාධ්‍යවේදියාගේ සේවය ඇගැයීමටත් ඔහුව ඇමරිකාවට උදර්පණය නොකළ යුතුය යන්නට සාධාරණ හේතු සැපයීමටත් ලියූවකි.
 
 කවුද මේ ජූලියන් අසෝන්ඡ්?
 
 ජූලියන් අසෝන්ඡ් (1971) 48 වෙනි වියේ පසුවන ඕස්‌ටේ්‍රලියානු ජාතිකයෙකි. සම්පූර්ණ නොකළද මෙල්බර්න් විsශ්වවිද්‍යාලයේ ගණිතය, පරිගණක විද්‍යාව සහ භෞතික විsද්‍යාව උපාධියක්‌ සඳහා වසර 3 ක්‌ හැදෑරුවෙකි. ඔහු පරිගණක ක්‍රමලේඛණ ශිල්පියෙකි (computer programmer). 21 ක්‌ වැනි අඩු වයසකදී 'ළමයින් සූරාකෑම පිළිබඳ වික්‌ටෝරියානු පොලිස්‌ ඒකකයේ 'තාක්‌ෂණ උපදේශක වූ ඔහු 1994 දී ඕස්‌ට්‍රෙලියාවේ 'පොදුජන අන්තර්ජාල සේවාවේ' මංගල ආරම්භයටද දායකත්වය දුන්නෙකි.
 
 දුෂ්ට ෙච්තනාවකින් නොව හුදු ශාස්‌ත්‍රීය සහ සමාජ ශෝධක අරමුණකින් 'හැකිං' හෙවත් පරිගණක පද්ධතීSන්ට අනවසරයෙන් රිංගා ඒවා තම වෙබ් අඩවිය වූ 'විකිලීක්‌ස්‌' හරහා ෙගෘරවාන්විතව සමාජගත කළ මාධ්‍යවේදියෙකි. ඔහු මෙම කාර්යයෙහි නිරත වූයේ වයස 16 දී සිටය. එදා ඔහුගේ කේත නාමය (code name) වුයේ ලතින් වචනයක්‌වූ Mendax ය. තේරුම Liar ය. එනම් 'බොරුකාරයා' යන්නය. ඔහු 'වීකිලීක්‌ස්‌' හරහා කළ කාර්යයන් දෙස බලන කල මෙම නම එදා යොදාගත්තේ ඔහුගේ අනාගත අනාවරණයට එනම් අදට හසුවන බොරුකාරයන් සහ දූෂකයන් හැ`දින්වීSමට ඔහු කළ පෙර සුදානමක්‌ හැටියට යෑයි ගත හැකිය.
 
 ඔහු 'වීකිලීක්‌ස්‌' (WikiLeaks) නමින් ජාත්‍යන්තර ප්‍රකාශන සංවිsධානයක්‌ 2006 දී යුද අපරාධ, මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ ලෝකය පුරා එවකට ව්‍යාප්තව තිබූ මුල්‍ය සහ වෙනත් දූෂණ අනාවරණය කිරීම සඳහා ය. තොරතුරුවල විනිවිsදභාවය පිළිගත් ඔහු ජනතාවට ප්‍රබන්ධිත කතා නොව සැබෑ තොරතුරු දැනගැනීමේ අයිතිය කොන්දේසි විsරහිතව පිළිගන්නා බව ප්‍රසිද්ධියේ පවසා ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසෝන්ඡ්ගේ මෙම ආස්‌ථානය ප්‍රගතිශීලි මෙන්ම සමාජය සදාචාරවත් කිරීමේ අරමුණට සාපේක්‌ෂව ගත්කල නිර්භීත සහ උදාර ප්‍රකාශයකි. ලෝකය පුරා රාජ්‍ය පාලකයන් විසින් අනුකම්පා විssරහිතව ජනතා මුදල් මංකොල්ලකෑම් අනාවරණය කළ යුතු යෑයි අසෝන්ඡ් ප්‍රමුඛ 'වීකිලීක්‌ස්‌' ගත් තීරණය සහ එය අනතුරුව කළ දෑ ප්‍රශංසනීයය. අමිලය. ප්‍රගතිශීලීය. ඓතිහාසිකය. සංදර්භයානුකූලව කාලීනය. හේතුව මුල්‍ය චෞරයන් තරගයට මෙන් අනෙක්‌ රටවල් නොව තම රටම කොල්ලකෑම දක්‌නට ලැබුණු නිසා සහ අද ද දක්‌නට ලැබෙන නිසාය. අසෝන්ඡ්ගේ අරමුණ ඇගයීමට කැපී පෙනෙන චෞර දේශපාලකයන්ගේ නම් කිහිපයක්‌ මතක්‌ කර ගනිමු.
 
 2016 වසරේ Mossack Fonseca අනාවරණය කළ පැනමා හොරු රැල (ලංකාවේ කිහිප දෙනෙක්‌ද ඒ හොර මුලේ සිටියහ), අප්‍රිකාවේ ඡේකබ් සුමා, ආර්ජන්ටිනාවේ ක්‍රිස්‌ටිනා ෆර්නැන්ඩස්‌, පිලිපීනයේ මාකෝස්‌, පකිස්‌තානයේ අල්ෂදාරී, ප්‍රංශයේ සාකොසී, ඇමරිකාවේ පෝල් මැනෙෆෝ, දකුණු කොරියාවේ පාක්‌ ගුවාන් හයි සහ ශ්‍රී ලංකාවේ මුල්‍ය අවභාවිතය පිළිබඳව දැනට චූදිතයන් වී සිටින බැසිල් සහ ගෝඨාභය රාජපක්‌ෂ දෙබෑයෝ, ඔප්පු වී ඇති අර්ජුන මහේන්ද්‍රන් සහ ඇලෝසියස්‌ මාමා, බෑණෝ සහ තවත් අය.
 
 අසෝන් සහ 'වීකිලීක්‌ස්‌' ජාත්‍යන්තර අවධානයට ලක්‌වූයේ ස්‌විස්‌ බැංකු රහසක්‌ 2008 දී මුදාහැරීමත් සහ 2010 දී චෙල්සි මැනින් නමැති පරිගණක ශේ්‍රණියේ ඇමරිකානු හමුදා නිලධාරිනියක්‌ ලබාගත් කාන්දු ලේඛන වීකිලීක්‌ස්‌ හරහා විsශේෂයෙන් 'බැග්ඩෑඩ් ඝාතන වීඩියෝව, ඇෆ්ගනිස්‌ථාන් සහ ඉරාක යුද සැළසුම් ආදිය ප්‍රසිද්ධ කිරීමත් සමගය. (මැනින් මේ වනවිට හමුදා 'රහස්‌' වීකිලීක්‌ස්‌ ට යෑවීමේ වරදට වසර 7 ක සිරදඬුවමක්‌ විඳ දැන් නිදහස්‌ව ඇත.) අසෝන්ඡ් පසුපස ඇමරිකාව ලූහුබඳිනුයේ වෙනත් කරුණුද අතර මැනින් සමග තිබූ මේ සම්බන්ධය නිසාය.
 
 අසෝන්ඡ්ගේ සංස්‌කාරකත්වයෙන් වීකිලීක්‌ස්‌ මිලියන 10 කට වඩා රහස්‍ය ලේඛන 'ලීක්‌' කර ඇති අතර අසෝන්ඡ්ට අනුව 'ලෝකයේ මිනිසාට කරන ලද කුරිරු වධ බන්ධන තොරතුරු සහිත ලේඛන ඇතුළත් 'යෝධ් පුස්‌තකාලය 'විකිලීක්‌ස්‌ය'. මා අසෝන්ඡ්ව තේරුම් ගත් ආකාරයට අඩුපාඩු තිබුණද අසෝන්ඡ්ගේ මුලික අරමුණ වූයේ ජනතාවගේ පැත්තේ සිට කවර හෝ රටක පාලක පංතියේ සහ පරිපාලන ව්‍යqහයේ මානව විරෝධී, නොහොබිනා, දුර්දාන්ත චර්යාවන් ලෝකයට එළිදරව් කරමින් ඔවුන්ව දේශපාලනික වශයෙන් අර්ථශූන්‍ය සහ නන්නන්තාර කොට නව දේශපාලන විකල්පයකට සහ නව මානව මාධ්‍ය සංස්‌කෘතියකට පසුතලය සකස්‌ කිරීමය.
 
 අසෝන්ඡ්ගේ පුළුල් මාධ්‍යය කලා භාවිතය
 
 රාජ්‍ය හා ආයතන දූෂණ හෙළිදරව් කරනු ලැබූ ගැරී මැකිනොන් (UFO, NASA) මාක්‌ ෙµල්ට්‌ (WATER GATE), එඩ්වඩ් ස්‌නෝඩන් (NSA), සහ චෙල්සි මැනින් (USA-army) සහ එවන් වෙනත් අයගෙන් අසෝන්ඡ් වෙනස්‌ය.
 
 ඔහු තමා සොයාගත් කරුණු ක්‍රමවේදයක්‌ සහ දර්ශනයක්‌ සහිතව ජනගත කළාට අමතරව ඒවා කෙටි චිත්‍රපටි ලෙසද නිපදවා අන්තර්ජාලයට මුදාහැරියේය. බැග්ඩෑඩ් ඝාතනය Collateral Murder (2010) නමින් මුදාහැරි එවන් වීඩියෝවකි. අනෙක්‌ දෙක වූයේ Mediastan සහ The Engineer ය. දෙකම සරණාගත සමයේ නිමකළ ඒවාය. එසේම ඔහු ටී.වී. වැඩසටහන් නිෂ්පාදකයකු ලෙසද කටයුතු කරමින් තම වැඩසටහනට සම්බන්ධ කරගනු ලැබුවේ (අපේ රටේ සමහර නාලිකා කරනවා මෙන්) එහෙන් මෙහෙන් අහුලා ගත් අය නොව ලෝක පූජිත උගතුන් සහ රැඩිකල් දේශපාලනඥයන්ය. ඒ අතර ටරික්‌ අලි, ඉම්රාන් ඛාන්, නෝම් චොම්ස්‌කි සහ ස්‌ලෙවෝඡ් ජීජැක්‌ද වූහ. ඇසෝන්ඡ්ව ඇමරිකාවට පාවාදුන් වර්තමාන ඉක්‌වදෝර ජනාධිපති මොරේනෝ අසෝන්ඡ්ව අත්අඩංගුවට ගත් දිනට පසුදින අසෝන්ඡ් වනාහී කාලකණ්‌aනි 'හැකර්' කෙනෙක්‌ පමණි යෑයි කීමෙන් ඔප්පු වනුයේ අසෝන්ඡ් පිළිබ`දව මොරෙනෝගේ නොදැනීමයි. ඉක්‌වදෝaරයට දෙවි පිහිටයි.
 
 එසේම අසෝන්ඡ් තම විෂය පථය වූ 'හැකිං' තාක්‌ෂණය පිළිබඳ නිපුණයකු පමණක්‌ නොව ඒ පිළිබඳව පොත් පත් පවා ලියා එම විෂය පිළිබ`ද දැනුම සමාජයට බෙදූ විද්වතෙකි. Cyberpunks, When Google Met WikiLeaks, The World according to the U.S.Empire, Freedom and the Future of the Internet ඔහුගේ කර්තෘත්වයෙන් බිහිවූ ඒවාය. එසේම 2010 වසරේ Why the World Needs WikiLeaks? යන තේමාවින් TedGlobal ටී.වී වැඩසටහන් සම්මුඛ පරීක්‌ෂණයේදී දූෂණ එළිදරව් කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ආකාරයෙන්ම ඔහුගේ මුඛ්‍ය අරමුණ කුමක්‌දැයි පැහැදිලි වේ. මෙම ලිපියට වැදගත් මෙන්ම අසෝන්ඡ් ඇමරිකාවට උදර්පණය නොකළ යුත්තේ ඇයිද යන්නට හේතුවද එයින් ඉස්‌මතු වන හෙයින් අසෝන්ඡ් ගේ පිළිතුරුවල සංක්‌ෂිප්තය පමණක්‌ මෙහි සටහන් කරමි.
 
 ප්‍රශ්නය - රහස්‌ සහ අනර්ථකාරී තොරතුරු හෙළිදරව් කළ යුතුයි කියා ඔබ හිතන්නෙ ඇයි ?
 
 අසෝන්- - කුමන තොරතුරුවලටද ලෝකය හදන්න පුළුවන්? කුමන තොරතුරුද වැදගත්? කුමන තොරතුරුද ලෝකය විනාශ කරන්නේ? මේවා තෝරා බේරාගත යුතුයි. කුමන මඟකින් හෝ ඒවා හෙළිදරව් කළ යුතුයි.
 
 ප්‍රශ්නය - ඔබ උත්සාහ කරන්නේ ලෝකය වෙනස්‌ කරන්නද?
 
 අසෝන්ඡ් - සත්තකින්ම ඔව්.
 
 ප්‍රශ්නය - බැග්ඩෑඩ් ඝාතන වීඩියෝව ඔබ මුදාහැරියේ ඇයි?
 
 අසෝන්ඡ් - ඒක විශාල අපරාධයක්‌. මාධ්‍යකරුවන් දෙදෙනෙකුත් ඇතුළු 12 ක්‌ අමු අමුවේ අහේතුකව මැරුවා. (දෙන්නෙක්‌ මැරුවෙ මිනිසුන් කුරුල්ලෝ ලෙස සලකා. Hey. There, another two birds. ආන් තව කුරුල්ලෝ දෙන්නෙක්‌. උද්ධෘතය - වීඩියෝ හ`ඩ පටියෙන්.)
 
 මේ තමයි අසෝන්ඡ්. මේ තමයි ඔහුගේ මාධ්‍ය සදාචාරය. මම හිතන්නෙ අසෝන්ඡ් අති නිවැරැදියි. හේතුව අපරාධකාරයෙකුගේ සදාචාරය මාධ්‍ය වේදියෙකුගේ වෘත්තිය හා සදාචාරය නොවන බැවිනි සහ එය එසේ නොවිය යුතුද බැවිනි. සැඟවීමට වඩා සදාචාරය සහ යුතුකම ඉදිරියට ගෙන නීති පනත් අමතක කොට (හේතුව නීතියද මෙවන් අපරාධ ආරක්‌ෂා කරගැනීමට සහ අපරාධ හෙළිදරව් කරන්නන්ට ද`ඩුවම්දීම සඳහා කල්තියා සම්මත කරගත් ඒවා වන බැවිනි) මානව වර්ගයා වෙනුවෙන් කළයුත්ත කළ යුතුය.
 
 ශ්‍රී ලංකාවද මෑතක සිට දූෂිත සහ ඝාතන සාර්ව විශ්වයේ (macrocosm) ක්‌ෂුද්‍ර විශ්වයක්‌ව ඇති නිසා (microcosm) අසෝන්ඡ්ගේ මාධ්‍ය කලාවට අපද පිවිසීම අත්‍යවශ්‍ය යෑයි සිතේ. කිහිපදෙනෙක්‌ මෙම කාර්යයේ මේ වනවිටත් යෙදී සිටිම සතුටට කරුණකි. අසෝන්ඡ් දෙන පණිවිඩය නම් ජනතාව යුද ව්‍යසනයන්ගෙන් සහ මුල්‍ය වංචාවන්ගෙන් මෙන්ම පටු යුද හා ජාතිවාදී දේශපාලනයෙන් මුදාගනු ලබන මාධ්‍ය භාවිතය තුළ පමණක්‌ මානවවාදී මාධ්‍යය කලාව ඇති බවය. එහි සහ එහි පමණක්‌ ප්‍රගතිශීලී ලෝකය වෙනස්‌ කිරීමේ දේශපාලනය අධිගෘහිතව ඇති බවයි. වයෝවෘද්ධ නූතනවාදී දේශපාලන සංකල්පයට සහ භාවිතයට තවදුරටත් දූෂණය, වංචාව, ජනඝාතන යුද්ධ සහ මුදල් විශුද්ධිකරණ ආදී ක්‍රමවේද නොමැතිව පැවැත්ම ඉදිරියට ගෙනගිය නොහැක. අනික්‌ අතට එය පාලිත ජනතාවට ද දැරිය නොහැකිය. දේශපාලනික සුසමාදර්ශ ඉලිප්පීමක අවශ්‍යතාව (political paradigm-shift) අපට දැනිය යුත්තේ මේ නිසාය. පුළුල් මාක්‌ස්‌වාදී න්‍යායකින් අසෝන්ඡ් සන්නද්ධව නොසිටියද ඔහුගේ පරිගණක පද්ධතීන්ට රිංගීමේ කුසලතාවයෙන් සහ ලබාගත් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නිර්භය වීමෙන් ඔහු තත්වාරක්‌ෂක, නිවට, පක්‌ෂග්‍රාහී සහ අපෘෂ්ඨවංශි මාධ්‍යවේදීන්ට වඩා ඉදිරියෙන් සිටින්නෙකු බව ඔහුගේ දර්ශනයෙන්, කතාවෙන්a සහ ක්‍රියාවෙන් දැනටමත් පෙන්නුම් කර අවසානය. බහු කුසලතාවන්ගෙන් සපිරි අසෝන්ඡ්ව ඇමරිකාවට උදර්පණය නොකළ යුතු යෑයි මෙවන් මාධ්‍යවේදියෙකුට ළබැ`දි අප ඉල්ලා සිටිය යුත්තේ මේ නිසාය.
 
 ඇරත් අසෝන්ඡ් 'හැකර්' කෙනෙකු නොවේ. Leaking නමැති ඉංග්‍රීසි වචනයට මෙන්ම ග්‍රාම්‍ය සිංහලෙන් 'ලීක්‌ කිරීම් යන ක්‍රියා පදයට ලැබී තිබුණේ පරිභවාත්මක අරුතකි. එහෙත් එම ක්‍රියාවට මානවවාදී අරුතක්‌ සහ රැඩිකල් දේශපාලන නිර්වචනයක්‌ සැපයුවේ අසෝන්ඡ් විසිනි. 'හැකිං' සහ 'ලීSකිං' යනු ක්‍රියාවන් දෙකකි. අර්ථ දෙකකි. 'හැකිං' වලට තාක්‌ෂණ කුසලතාවක්‌ අවශ්‍යය. 'ලීකිං' වලට හදවතක්‌, මනුස්‌සකමක්‌, නිර්භීතකමක්‌ සහ අසෝන්ඡ් ගේ අර්ථයේ 'මාධ්‍ය සදාචාරයක්‌" අවශ්‍යය. බැලිය යුත්තේ සහ තක්‌සේරු කළ යුත්තේ අරමුණෙහි ආධ්‍යාහාරවූ නැතිනම් ගැබ්ගෙන ඇති මනුස්‌සකම මිස එය කරන ක්‍රමයේ ගුණාගුණ නොවේ. "නිතරම මනුෂ්‍යත්වය අරමුණ ලෙස සලකන්න. කිසිදා එය මාර්ගයක්‌ කර නොගන්න. මෙම ඔවදන දුන් එක්‌ අයෙක්‌ නම් ජර්මන් දාර්ශනික එමානුවෙල් කාන්ට්‌ය. අසෝන්ඡ් කාන්ට්‌ ගැන දැන නොසිටින්නට ඇත. එහෙත් ඔහු wikiLeak හරහා කළ මාධ්‍යය භාවිතය කාන්ටියානුය. අසෝන්ඡ් ගේ අවබෝධයට සහ නිර්වචනයට අනුව 'හැකිං' යනු පුවත්පත් කලා ශානරයේ තවත් ප්‍රකාරයක්‌ මිස ත්‍රස්‌තවාදයක්‌ නොවේ. අනික්‌ අතට 'හැකිං' හෙවත් අනවසරයෙන් පරිගණක පද්ධතියකට රහසේ රිංගීම නිර්මාණශීලී ක්‍රියාවකි. අප නින්දේ දී නිර්මාණය කරන බොහෝ සිහිනයන් 'හැකිං'ය. අප සිහිනෙන් අනුන්ගේ දේපොළවලට, කඩ-සාප්පුවලට, උද්‍යානවලට, අන්‍ය ස්‌ත්‍රී-පුරුෂ ශරීරවලට ඇතුල්වනුයේ අවසර ලබාගෙනද? සත්තකින්ම නැත. එමනිසා 'හැකිං' ත්‍රස්‌තවාදයක්‌ විය නොහැකිය. ඇරත් ඇමරිකාවට 'හැකිං' හො`ද නම් එය අසොන්ඡ්ට පමණක්‌ නොහොඳ විය නොහැකිය. ඇමරිකාවේ බුද්ධි අංශ ලෝකය පුරා ඇති විකාශන ජාල පද්ධතිවලට 'හොරෙන්' රිංගා මිලියන ගණනින් දත්ත ගබඩා කරගත් බව එඩ්වඩ් ස්‌නෝඩන් හෙළි කළේ 2013 දීය. මෙහි තේරුම 'ඇමරිකාව වන අපට පුළුවන් එහෙත් අසෝන්ඡ්ට බැහැ'යන්න නොවේද?
 
 අරමුණට සහ චෞරයන්ගේ ක්‍රියාවලට සාපේක්‌ෂකව ගත්කල අසෝන්ඡ්ගේ 'හැකිං' ත්‍රස්‌තවාදයක්‌ ලෙස සැලකිය හැකි නොවේ. මට පෙනෙනුයේ එය පුළුල් සමාජ සේවයක්‌ ලෙසය. මානවවාදී මාධ්‍යයක්‌ ලෙසය.
 
 අසෝන්ඡ් දක්‌ෂකම් රාශියකින් යුත් පුවත්පත් කලාවේදියෙක්‌ මිස ත්‍රස්‌තවාදියෙක්‌ නොවේ. ඒ බව ඔහු දිනා ගත් සම්මාන රාශියෙන් ඔප්පු වේ. ප්‍රධාන කිහිපයක්‌ :
 
 1. නව මාධ්‍ය සම්මානය - The Economist 2008
 
 2. මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය සම්මානය 2009
 
 3. වර්ෂයේ පුද්ගල පෞරුෂය. Time සඟරාව 2010
 
 4. සෑම් ඇඩම්ස්‌ සම්මානය 2010
 
 5. ගෝලීය හුවමාරු මානව අයිතිවාසිකම් සම්මානය 2013
 
 6. භාෂණයේ නිදහස පිළිබඳ වොල්ටෙයාර් සම්මානය 2011
 
 7. කලාව පිළිබඳ යෝකෝ ලෙනන් (නැසීගිය ගායක ලෙනන්ගේ බිsරිඳ) දිරිය සම්මානය 2013
 
 8. ලෝකයේ හොඳම ටී.වී. සහ චිත්‍රපටි රිදී පදක්‌කම නිව්යෝර්ක්‌ ප්‍රදාන උත්සවය 2013
 
 අසෝන්ඡ් ඉහත සම්මාන දිනාගනු ලැබුවේ අවස්‌ථාවාදී ඉක්‌වදොර් ජනාධිපති මොරේනෝ ඔහුව හඳුන්වාදුන් පරිදි අසෝන්ඡ් වනාහී 'කාලකණ්‌නි 'හැකර්' කෙනෙකු පමණකි' යන්න මත පදනම්ව නම් එය මාධ්‍ය සම්මාන 14 ක්‌ අසෝන්ඡ්ට පිරිනැමූ සම්භාව්‍ය ආයතනවලට මොරේනෝ කළ නිගාවකි. සම්මානවලින් වැඩි ප්‍රමාණයක්‌ ඔහු ලබා ගත්තේ සරණාගතව ලන්ඩනයේ සිටි අවධියේ වීම විශේෂත්වයකි. ගරුත්වයෙන් කොටසක්‌ හිමිවිය යුත්තේ ඉක්‌වදෝර් හිටපු ජනාධිපති රෆායෙල් කොරේරාටය. ඒ ලන්ඩන්හී සරණාගත අනුග්‍රහය අසෝන්ඡ්ට අනුමත කළේ ඔහු බැවිනි.
 
 මේ සම්මාන රොත්ත දිනාගත් එක අයෙක්‌ වෙත්නම් ඒ අසෝන්ඡ්ය. අසෝන්ඡ් වැන්නන් ඇමරිකාවට උදර්පණය නොකළ යුත්තේ ඔහුගේ ඉහත දක්‌ෂකම් සහ නිර්මාණ කුසලතාව ලොප් වන නිසා පමණක්‌ නොවේ. ඔහුගේ නිර්මාණ අපට අහිමි වන නිසාය. වැදගත්ම කරුණ අධිරාජ්‍යවාදින් විසින් රහසේ කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන් මොනවා දැයි දැනගැනීමට ඔහු වැනි මාධ්‍යවේදීන් අපට අවශ්‍ය නිසාය. 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles