Divaina - බුද්ධ අභාෂිත අං දේශනා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 

monk
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 මාවතගම පේමානන්ද හිsමි
 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ
 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
 
 
මෙම ලිපියේ මුල් කොටස්‌ 2019.04.03 වැනි දින සිට සතිපතා දිවයින බදාදා අතිරේකයේ පල විය. අද පලවන්නේ ලිපියෙහි අවසන් කොටසයි.
 
 අපේ රටේ සාමාන්‍යයෙන් බුදුදහම දේශනා කරන ධර්මකථීකයන් බොහෝ දෙනකු විවිධ රටා දහම් දෙසීමට යොදා ගනු පෙනේ. එසේ කරන්නේ තමා කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ය. එහි දී බුද්ධදේශනා විකෘති කොට දෙසන බවට බොහෝ දෙනකුට චෝදනා එල්ල වී නැත. බුද්ධධර්මය ඇතුළත් ත්‍රිපිටකයේ පාලි පදවල කිසි ම අර්ථයක්‌ නොදත් මේ මීවනපලානේ හිමියන් බෞද්ධ සමාජයටත් ඒ මගින් බුද්ධධර්මයටත්a සිදු කර ඇති හානිය අතිවිශාල ය. එය උන් වහන්සේ කෙරෙහි අන්ධ විශ්වාසයකින්, අන්ධ භක්‌තියකින් කටයුතු කරන අහිංසක බෞද්ධ ජනයා නිවන් මගට යොමු කරවනවා වෙනුවට සිදු කරන්නේ ඒ මග තව තවත් ඔවුන් වෙතින් දුරින් දුරු කිරීම ය. ඈත් කිරීම ය. ඔවුනට දුගති මග විවර කිරීම ය.
 
 සූත්‍ර, විනය, අභිධර්මාදි බුද්ධ දේශනා මෙන් බුදුන් වහන්සේ දෙසූ දේශනාවක්‌ ලෙස සං දේශනාව යනුවෙන් රට ම රවටන්නට මීවනපලානේ හිමියන් කර ඇති උත්සාහය උන් වහන්සේගේ කෘතියේ පහත දැක්‌වෙන ඡේදයෙන් ප්‍රකට වෙයි.
 
 මඡ්Cධිම නිකායේත් විශේෂයෙන්ම සංයුක්‌ත නිකායේත්, අංගුත්තර නිකායෙත් බොහෝමයක්‌ සූත්‍ර ධර්මවලත් මේ සංදේශණාව විවිධ ආකාරයෙන් විග්‍රහ කර ඇත. නිවන් දකින බුද්ධ ධර්මය තේරුම් ගැනීමට නම් සංදේශණාවක්‌ අසා සං තේරුම් ගත යුතු ය. බුද්ධ භාෂිතයේ ත්‍රිපිටක ධර්මයේ 'තේසං' වාගේ තැන්වලදී නිතරම සං භාවිතා කර තියෙන්නේ තවත් වචන සමග සන්ධි වීමෙනි. ත්‍රිපිටකයේ එන හැම ධර්ම කාණ්‌ඩයකම 'සං' යන පදය යොදා ඇත........" (87 පිටුව)
 
 මේ ලිපියේ මුල දී ම අපි සං යනු කවර පදයක්‌ දැ යි විස්‌තර කළෙමු. එය නාමයකට හා ධාතුවකට පෙර යෙදෙන පාලි, සංස්‌කෘත තත්සම උපසර්ගයකි. උපසර්ග යනු භාෂාවේ තනි ව යෙදෙන පද විශේෂයක්‌ නොවන බව ද පෙර ස`දහන් කළෙමු. එසේ කළේ පාලි, සංස්‌කෘත භාෂාවලට අයත් වියරණය පිළිබ`ද දැනුමක්‌ නැති අයට දැනුමක්‌ ලබා ගැනීමට ය. එසේ වූ උපසර්ග නමැති වියරණ අංගයක්‌ නාම සමග එක්‌ වී විවිධාර්ථ සපයන විට ඒ පිළිබ`ද මෙලෝ හසරක්‌ නොදත් මීවනපලානේ හිමියන්ට එම පද විස්‌මිත බුද්ධ භාෂිත ධර්ම දේශනා වී ඇත. උන් වහන්සේ සං උපසර්ගය යෙදී ඇති පද කීපයක්‌ තම කෘතියේ බුදුන් වහන්සේගේ සංදේශණා ලෙස මෙසේ දක්‌වා තිබේ. (පි. 86)
 
 උද:
 
 සංසාර = එකතු කරගත් දෙයෙහි, රැස්‌ කරගත් දෙයෙහි සාරවත් බව දැකීම
 
 සංඛාර = එකතු කරන්නට කරනු ලබන ක්‍රියාකාරකම්
 
 වචී සංඛාර = වචන භාවිතා කර යමක්‌ එකතු කරන්නනට කරන ක්‍රියාව
 
 කාය සංඛාර = කය පාවිච්චි කර යමක්‌ එකතු කරන්නනට කරන ක්‍රියාව
 
 මනෝ සංඛාර = මනස භාවිතා කර යමක්‌ එකතු කරන්නට, රැස්‌ කර ගන්නට කරන සිතිවිලි පැවැත්වීම
 
 සංඛත = වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කර එකතු කර හදා ගත්ත දේ, හැදුණු දේ සංඛත යනුවෙන් හඳුන්වයි. මේ ලෝකයේ පවතින සියලුම දේ සංඛතමයි. සංඛාරයක්‌ කර හදාගත් සංඛතයන්ම වේ.
 
 සංතෝස = එකතු කර ගත්ත දෙයක්‌ නිසා ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන සතුට, ප්‍රීතිය සංතෝසයයි. එකතු කර ගත්ත දෙයක්‌ නැතිනම් ලෞකිකත්වය තුළ සතුටක්‌ ලැබිය නොහැකියි.
 
 සංතාප= එකතු කරගත් දෙයක්‌ බරක්‌ වීම නිසා කායික හෝ මානසික වශයෙන් ලබන තැවීම, තාපනය සංතාපයයි.
 
 සංවේග = එකතු කරගත් යමක්‌ නිසා කායික හෝ මානසික වශයෙන් ඇති වන දැවීම, තැවීම නිසා ඇති වන ධාවනකාරී වේගය, සිතේ වේගයක්‌ ඇති වෙන්නෙ එකතු කර ගත් දේ නිසයි.
 
 සම්බන්ධ = එකතු කරගත්, රැස්‌කර ගත්, උපාදානය කරගත් පුද්ගලයින්ට, ද්‍රව්‍යවලට, වස්‌තූන්වලට, තැන්වලට, ධර්මතාවලට, අන්ධ ලෙසින් බැදීම. (සං+බ+අන්ධ)
 
 සම්බාධක = එකතු කර සකස්‌ කළ බාධක, ගොනු කළ බාධක.
 
 සන්නිවේදන = යමක්‌ එකතු කරන්නට කරන දැන්වීම - නිවේදනය, වෙළඳ සන්නිවේදනය යනු ලාබ එකතු කරන්නට කරන දැන්වීමකි.
 
 සංථානය = එකතුකරගත් ගති, ර්සංට්‌ තැන්පත් කරන ස්‌ථානය, චිත්තසංතානය.
 
 සම්මත (සං+මත) = ඒ ඒ අය තම තමාගේ අදහස්‌ එකතු කර ඉදිරිපත් කරන ලද මත, මත එකතුවක්‌ සම්මත වේ.
 
 සංකර = පිටින් එකතු කරගත් සිරිත් විරිත් සංකර ගති ලෙස සංකර සිරිත් විරිත් ලෙස හඳුන්වයි.
 
 සංසි`දීම = එකතු කරගත් දේ අතර ඇති අයහපත් දේ සිඳ හැර බරෙන් මිදී නිදහස්‌ වීම. - පස්‌සදිය
 
 සංවර = එකතු කරගන්නා කෙළෙස්‌ සහිත දේ, එකතු කිරීමෙන් වැළකී සිටීම, එකතු කිරීම වාරණය කිරීම, එකතු කිරීමෙන් වෙන් වී සිටීම සංවර වීමයි.
 
 සංඛ්‍යා= සිංහල හා පාලි භාෂාවන් දෙකේ ම ඉලක්‌කම් එකතු කිරිම හා අඩු කිරීම සඳහා යොදා ගත් පදය, "සං" යනු එකතු කිරීම, 'ඛය' අඩු කිරීමයි.
 
 සංකල්පනා } කාලය පීරා 'සං' එකතු කර ගැනීම. පනාවෙන් කරන්නේ පීරීමකි. අතීතකාල පරාසය පීරා ගති ලක්‌ෂණ එකතු කිරීම සංකල්පනා වේ.
 
 (පිටුව. 87)
 
 මේ පද ගොනුවට අර්ථ දක්‌වා ඇති සැටි හරි අපූරු ය. මේ රටේ යම් යම් වැරදිවලට සිවිල් නීතිය යටතේ අධිකරණයෙහි නඩු පවරා එය තහවුරු වුව හොත් ද`ඩුවම් ලැබේ. නමුත් පිරිසිදු ථෙරවාදී බුදුදහම පාලි, සංස්‌කෘත හෝ සිංහල බස වත් හරි හැටි නොදත් අඥානයකුට රිසි පරිදි විස්‌තර කිරීමට, විග්‍රහ කිරීමට ඉඩ දී විද්වතුන්, මහානායක හිමිවරුන් හා බුද්ධධර්මය දිවි හිමියෙන් ආරක්‌ෂා කිරීමට ශපථ කොට සිටින බලවතුන් නිහ`ඩ ව සිටීම විස්‌මයකි( ප්‍රශ්නයකි. මේ හිමියන්ගේ සං දේශණාව ම මෝඩ තකතිරු මාතෘකාවකි. එය උන් වහන්සේට නම් කළ යුතු ව තිබුණේ බුද්ධ අභාෂිත මීවනපලානේ හිමියන්ගේ අං දේශනාව යනුවෙනි. එසේ දක්‌වන්නේ පහත දැක්‌වෙන කරුණු පදනම් කර ගෙන යි. මීවනපලානේ හිමියන් ඉහත උපසර්ග සහිත පදවලට සපයා ඇති අරුත් වැරදි ය.
 
 සං උපසර්ගය සමග නාම එක්‌ වී සෑදුණු ඉහත දැක්‌වූ පද ස`දහා සපයා ඇති අරුත් මීවනපලානේ හිමිට හිතෙන හිතෙන පරිදි බෞද්ධ ශ්‍රාවකයන් මුළාවේ දැමිය හැකි වනු පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාග-ද්වේෂ-මෝහ, සංඛාර, උපාදාන, චිත්තසන්තානය, කෙලෙස්‌, සංවර වීම වැනි පද සමග මිශ්‍ර කොට යොදා ඇති බව පැහැදිලි ය. ඉහත සඳහන් ත්‍රිපිටකයේ ඇතුළත් බුද්ධ දේශනා යෑ යි මීවනපලානේ හිමියන් වැරදි අර්ථකථන සැපයූ පදවලට අදාළ නිවැරදි අර්ථ පිළිවෙළින් මෙසේ දක්‌වනු ලැබේ.
 
 උදා:
 
 1. සංසාර = හැසිරීම, නොසි`දී පවතින ස්‌කන්ධ ධාතු ආයතන පරිපාටිය බුදුදහමට අනුව භවයෙන් භවය ඉපදීම් මාලාව, භවෝත්පත්තිය, කර්ම ශක්‌තිය අනුව විවිධ තලවල විවිධාකාර උපත් ලැබීම යන අර්ථ ගෙන දෙයි.
 
 2. සංඛාර = මෙය නාම ප්‍රකෘතියකි. කුශල අකුශල කර්ම රැස්‌ කිරීම ලක්‌ෂණ කොට ඇති ධර්ම සමූහය.
 
 3. සංඛත = හේතු ප්‍රත්‍යයන් විසින් සකස්‌ කරන ලද හෙවත් හේතු නිසා උපන්.
 
 4. සංතෝෂ = ප්‍රීතිය, පිණා යැම (සන්තෝෂ විය යුතු යි)
 
 5. සංතාප = දැඩි උෂ්ණය, අධික දාහය, දැඩි සිත් තැවුල (සන්තාප විය යුතු යි)
 
 6. සංවේග = බලවත් සිත් තැවුල, කනගාටුව, ශෝකය
 
 7. සම්බන්ධ = මේ උපසර්ග සහිත පදය මීවනපලානේ හිමියන් වෙන් කොට ඇත්තේ සං+බ+අන්ධ යනුවෙනි. මේ නම් ඉවසා දරා සිටිය නොහැකි තරමට බස කෙලෙසූ තැනකි. මෙයින් පැහැදිලි වන්නේ මීවනපලානේ හිsමියන් භාෂාව නොදන්නාකමින් අන්ධ වූ බව නොවේ ද? මෙවැනි පද බෙදීමක්‌ උන් වහන්සේට ඉගැන්වූයේ කවුරුන් ද? එවැන්නක්‌ ඇතුළත් වියරණ ග්‍රන්ථය අපටත් ඉගෙන ගැනීමට, දැන ගැනීමට හැකි නම් ඉතා යහපත් ය. මෙහි තේරුම දී ඇති සැටි ඉහත දක්‌වා ඇත. සම්බන්ධ යන පදයෙහි අර්ථය අන්ධ ලෙසින් බැ`දීම ලු. මේවා කියවා හෝ අසා අපූරු අගනා ධර්ම දේශනා යෑ යි සාධුකාර දී පිළිගන්නා උගත් යෑ යි සමාජය පිළිගත් ඇත්තන්ගේ උගත්කමේ තරම ද අපට සිතා ගත හැකි ය. සම්බන්ධ යනු එක්‌වීම, බැ`දීම, සම්බන්ධ වීම යන අර්ථ ගෙන දෙන උපසර්ගයකි.
 
 8. සම්බාධක = දැඩි බාධක
 
 9. සන්නිවේදන = මනා ව, පුළුල් ව නිවේදනය කිරීම, අදහස්‌, හැ`ගීම් ආදිය දැනුම් දීම හා පතුරුවා හැරීම.
 
 10. සංථානය = සබ`දතාව, සම්බන්ධය. සන්තානය විය යුතු යි.
 
 11. සම්මත (සං+මත) = කල්පනා කළ, පිළිගත්, ගරු බුහුමන් කළ
 
 12. සංකර = මිශ්‍ර, කළවම්, විදේශික සංස්‌කෘතිය සමග මිශ්‍ර වීමෙන් කෙලෙසුණු.
 
 13. සංසි`දීම = සමථයකට පත් කිරීම, කෙලෙස්‌ නිවීම, සැනසීම.
 
 14. සංවර = ඉඳුරන් හික්‌මවීම, පව් වැළැක්‌වීමට හේතු වන කරුණ, වැළකීම
 
 15. සංඛ්‍යා = නාම ප්‍රකෘතියකි. ගණන, ගණනය, ගිණීම. ගණන් යන අර්ථ ගෙන දෙයි. මීවනපලානේ හිමියන් සංඛ්‍යා යන්නට දී ඇති අරුත වන්නේ සිංහල හා පාලි භාෂා දෙකේ ම ඉලක්‌කම් එකතු කිරීම හා අඩු කිරීම ස`දහා යොදා ගත් පදය ලෙස යි. එය නම් අපූරු විග්‍රහයකි. සං යනු එකතු කිරීම ලෙස ද ඛය යනු අඩු කිරීම ලෙස ද දක්‌වා තිබේ. මේ මරිමෝල් තකතිරු පද විග්‍රහයකිඳ අරුත් සැපයීමකි. සංඛ්‍යා යන පදය සංඛය කියා වෙන් කළ නොහැක. එය සිංහල භාෂාවට අයත් එකක්‌ නොවන බව වත් සංස්‌කෘත භාෂාවට අයත් පදයක්‌ බව වත් මේ හිමියෝ නො දනිති. මේ හිමියන් ඉලක්‌කම්වලින් අඩු කිරීම හා එකතු කිරීම කරන නිසා සංඛ්‍යා ශබ්දයට එසේ සාවද්‍ය අරුත් සපයා ඇති බව පෙනෙන්නේ බස පිළිබඳ කිසි දැනුමක්‌ නොමැති නිසා බව ඉතා පැහැදිලි ය.
 
 16. සංකල්පනා: මෙය නාම ප්‍රකෘතියකි. යහපත් අදහස, සිතිවිල්ල, කල්පනාව යන අරුත් දෙයි. නමුත් මීවනපලානේ හිමියන් මේ සඳහා කාලය පීරා සං එකතු කර ගැනීම යන අරුත දී ඇත. තව දුරටත් පනාවෙන් කරන්නේ පීරීමක්‌ බවත් අතීත කාල පරාසය පීරා ගති ලක්‌ෂණ එකතු කිරීම සංකල්පනා නම් වන බවත් ඒ හිමියන් තම කෘතියෙහි දක්‌වා තිබේ. මේ කොටස කියවන විට බස නොදත් අනුවණ තැනැත්තකු මහාප්‍රාඥයකු ලෙසින් ශබ්දධර්මතාවට පටහැනි ව පද බිඳ සපයන අරුත් පිළිගැනීමට හා ඒවා නිවැරදි යෑ යි සිතා අන්ධ භක්‌තියෙන් අනුගමනය කිරීමට මූඪ පිරිසක්‌ ක්‍රියා කිරීම ගැන අපට ඇත්තේ ඉමහත් සංවේගයකිඳ අනුකම්පාවකි. සං උපසර්ගය මෙතැන යෙදී ඇත්තේ යහපත් යන අරුතිනි. එවිට ඒ සමග බැඳුණු නාම ප්‍රකෘතිය වූ කල්පනා යනු සිතුවිලි යන අදහස දෙන පදයකි. මේ හිමියන් කල්පනා ශබ්දයේ ඇති පනා යන්න ගෙන එය පීරන පනාවක්‌ ලෙසින් අර්ථ දක්‌වයි. අනතුරු ව කල් යන්නෙන් අතීත කාලය යන අරුත දෙයි. එවිට අතීත කාල පරාසය පීරා ගති ලක්‌ෂණ එකතු කිරීම සංකල්පනා ලෙස දක්‌වා තිබේ. එය මොන තරම් බස කෙලෙසීමක්‌ ද? අහිංසකයන් මුළා කිරීමක්‌ ද? චීවරය ආධාරයක්‌ කර ගෙන රටක්‌ රැවටීම මහාභයානක පාප කර්මයකිඳ පිළිකුල් කළ යුත්තකි. මේවාට ඉඩ දී බකංනිලාගෙන වගකිව යුත්තෝ කොපමණ කලක්‌ සිටිත් ද? ඔවුන් මේ ගැන සොයා බලා කටයුතු කරන විට සිදු විය යුතු සියල්ල සිදු වී යළි කිසිදු ප්‍රතිකර්මයක්‌ කිරීමට අවස්‌ථාවක්‌ ශේෂ නොවන බව ද මතක්‌ කර සිටිමු.
 
 මෙලෙස බස කන්නන්ට දඬුවම් දීමට රටේ ක්‍රියාත්මක නීතියක්‌ නැති නිසා මෙවැන්නන් රටත් ආගමත් භාෂාවත් තුන ම වළ`දා (කා) විනාශ කරන බව නොකියා ම බැරි ය.
 
 මෙසේ ම විචාරයට ලක්‌ කළ යුතු කතු හිමියන්ගේ ප්‍රස්‌තුත කෘතියෙහි පහත සඳහන් අඥාන අර්ථ කථන ද කියවා බලා මෙතෙක්‌ අප විසින් පැහැදිලි කර දුන් කරුණු අනුව එකී රේදවලින් කියවෙන්නේ ධර්මය ද අධර්මය ද යන්න වටහා ගැනීමට ඔබගේ බුද්ධිය අවදි කර ඇති බව සතුටින් පවසමු.
 
 1. එදා බුදුපියාණන් වහන්සේ සං යන පදයෙන් අර්ථ ගැන්වූයේ එකතු කිරීම, එකතු කර ගත්තා, රැස්‌ කිරීම, රැස්‌කර ගත්තා, උපාදානය කිරිම, උපාදානය කර ගත්තා, අල්ලා බදා ගත්තා, යන අර්ථයෙනුයි. මේ සියලු පදවල ගන්නවා, ගත්තා යන තේරුමක්‌ ඇත.... ඒ වාගේ ම අස්‌ කිරීම, හිස්‌ කිරීම යන අර්ථයෙනුත් සං භාවිත කර තිබේ. (විසංඛාර) (88 පිටුව)
 
 2. "ඒ සියල්ලම සාරයි ලෙස දකින්නේ දැන ගන්නේ වි`ඤaඤාණ ශක්‌තියෙනි. ඒ නිසා සං බිහි කිරීමේ හැකියා ව ඇත්තේ වි`ඤa`ඤාණයටයි. සං වටින්නේ විඤඤාණයටයි. සංඛාර පච්චයා විඤaඤාණං, විඤaඤාණ හේතු සංඛාර කීවේ ඒ නිසයි."
 
 3. "ප්‍රිය රූපයක්‌ නිසා ඇස වින්දනයකින් මත් වේ. රාගය, ඡන්දරාගය, කාමච්ඡංදය යනු මේ මත් කිරීමේ ලක්‍ෂණය යි. මත් වූ සිත ප්‍රිය වස්‌තුවෙහි ඇලේ. 'පටිඉච්ච' වීම යනු මේ ගති ලක්‍ෂණය යි." (90 පිටුව)
 
 4. සං උත්පාද වීමක්‌ සමගම ගතියක්‌ ද බිහිවේ. ගතියකට බැඳේ...
 
 5. චිත්තසංථානය යනු සං තැන්පත් කර ගබඩා කර ගන්නා ස්‌ථානය යි. මේ චිත්තසංථානයේ ගබඩා කළ ගතියක්‌ ගති බවට පත් වේ. අපි ඒ ගති ලක්‍ෂණයම බව ලෙස හඳුන්වමු." (90 පිටුව)
 
 6. සං පිළිබ`දව ලැබූ දැනුමත් පටිච්ච සමුප්පාද ධර්මාවබෝධයක්‌ එනම් සං උපත ලබන උල්පතක්‌ දැක්‌කොත් තම චිත්තසංථානයේම මුල් බැස ගෙන පවතින සං දැක ධම්මෝ සංදිට්‌ඨිකෝ යන තත්ත්වයට පත් වීමෙන් සතිසම්පජානකාරී විය හැකි ය. (92 පිටුව)
 
 7. සං වලින් මිදී සහමුළින්ම සං උපත ලබන මුල් උදුරා දමා නිදහස්‌ වීමට මාර්ගය දැකීම, සම්මා දිට්‌ඨිය යන්නෙහි ලෝකෝත්තර අර්ථයයි. (92 පිටුව)
 
 8. අප අතීත කාල පරාසයක දී එකතු කර රැස්‌කර ගත් චිත්තසංථානයේ තැන්පත් කර ගත් දෙයක්‌ම පීරා සොයා බලා මතුකර ගැනීමට කරන සංඛාර පැවැත්වීම සංකල්පනා ලෙස හ`දුන්වයි. පනාවෙන් සිදු කරන්නේ පීSරීමයි. මෙතැනත් කල්පනා යනු කාලය පීරීමකි. කාලය පීරා එකතු කිරීම සංකල්පනාව යි. (93 පිටුව)
 
 9. අනාගතය යනු තමන්ම අතීතයේ එකතු කර ගබඩා කර ගත් ගති එකට අනාගෙන හදාගත් හිතින්ම මවාගත් දෙයක්‌ පමණි. (94 පිටුව)
 
 10. අවිද්‍යාව නිසා එකතු කර ගත් ප්‍රිය දෙයකින් ඉන්ද්‍රියයන් හය ම පිනවීම සංතෝෂය යි. කුශලමූල සංඛාරයක්‌ පවත්වා අතීතයේ එකතු කර ගත් කුණු කෙළෙස්‌ සළාහැර ලබන නිදහස්‌ වීමේ සතුටකුත් ඇත. එය සංතුට්‌ඨිලෙස ධර්මයේ පැහැදිලි වෙයි. සංතෝෂය යනු කාමය නිසා කය රමණය කිරීමෙන් ලබන සංතෝෂයයි. සංතුට්‌ඨි යනු නෙක්‌ඛම්ම නිසා එනම්, කාමයෙන් තොරවීම නිසා ලබන සතුට යි. (95 පිටුව)
 
 11. සංතුට්‌ඨි පරමං ධනං යනු අත්හැරීමෙන් නො ඇදීමෙන් මිදී නිදහස්‌ වීමෙන් ලබන සදාකාලික සුවය. (95 පිටුව)
 
 12. මෙතෙක්‌ කරන ලද විග්‍රහය අනුව හැම පුද්ගලයකුම සාරයි යනුවෙන් මෙසේ එකතු කර ගන්නා සං මේ සංසාර ගමනට එකම හේතුව බව දැන් තේරුම් ගත හැකිවනු ඇත. එය ම සංසාර ගමනක්‌ යැම ලෙස ද නම් කළ හැක. (96 පිටුව)
 
 13. සං උපත ලබන්නට හේතුව පටිඉච්ච වීම යි. (96 පිටුව)
 
 14 ග. ඔබ හැම කෙනෙක්‌ ම 'ස්‌වාක්‌ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්‌ඨිකෝ'යනුවෙන් නිතර නිතර කියවන ධර්මයට ව`දින ගාථාවෙන් පෙන්වූ ධර්මයෙන් ගුණ හය ම නිවැරදි ව තේරුම් ගැනීමට නම් සං දැක ගත යුතු ම යි. සං නිවැරදි ව දැක නොගත්තේ නම් සංදිට්‌ඨිකෝ නොවී නම් එතැන ස`දහන් වන අනෙක්‌ ගුණයන් පහමත් තේරුම් ගත නොහැකි යි. (97 පිටුව)
 
 මේ එක්‌ එක්‌ කරුණු ත්‍රිපිටක සාහිත්‍යය ඇසුරින් විග්‍රහයකට ලක්‌ කළ යුතු වුව ද මේ ලිපියේ සංක්‌ෂිප්තතාව අපේක්‌ෂා කොට කාගේත් අවධානය පිණිස ඒවා උද්ධෘත වශයෙන් පමණක්‌ මෙහි දැක්‌වූ බව සිහිපත් කරමු.
 
 බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය තේරුම් ගැනීම සඳහා මහාපරිනිබ්බාන සූත්‍රයේ දී සතර මහාපදේස නමින් කොටසක්‌ දක්‌වනු ලැබ ඇත්තේ මෙවැනි අවස්‌ථාවක නිවැරදි ධර්මය තේරුම් ගැනීමට ය. එසේ හෙයින් අප විසින් සිදු කළ යුතු වන්නේ පුද්ගලයන් සරණ යැම නොව, ධර්ම කරුණු නිවැරදි ව අවබෝධ කර ගැනීම යි. ඒ සඳහා ත්‍රිපිටකය සහ අටුවා ටීකා මැනවින් උපකාරී වේ. මේ කරුණු පිළිබඳ බොහෝ පිරිසකට නිවැරදි අවබෝධයක්‌ නොපවත්නා හෙයින් ඕනෑ ම පුද්ගලයකුට තමා කැමති කැමති ආකාරයෙන් කරුණු දක්‌වා පුද්ගලයන් මුළා කරවිය හැකි ය. මේ හිමියන් සිදු කරන්නේ ද එය යි. සං දේශනා නමින් අලුත් නමක්‌ ගොඩන ගෙන එයට තමා කැමති කැමති ආකාරයෙන් විවරණ ඉදිරිපත් කරයි. තම මතය තහවුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ද එවැනි දේශනාවක්‌ කොට ඇතැයි පවසයි. නමුත් මීවනපලානේ හිමියන් බුදුන් වහන්සේ එවැනි දේශනාවක්‌ කළ සූත්‍රයක්‌, සූත්‍ර පාඨයක්‌ හෝ වෙනත් ත්‍රිපිටක සාක්‌ෂ්‍යයක්‌ පැහැදිලි ව, නිවැරදි ව නොදක්‌වන අතර ත්‍රිපිටකයේ එන වචන, පද, පදකෑලි, වැකි, වැකිකෑලි හා යෙදුම් මුළුමනින් ම ධර්මවිරෝධී මෙන් ම ව්‍යවහාරවිරෝධී අර්ථ හෙවත් තේරුම් සමග ඉදිරිපත් කරමින් ඉතා සාවද්‍ය විස්‌තරවලට යමින් ධර්මය විකෘති කරමින් වල්බූරු අදහස්‌ බෝකරමින් මිථ්‍යාදෘෂ්ටිය වැපිරීමේ මහාසාවද්‍ය අකුශල කර්මය දැන හෝ නොදැන තමන් විහින් ම අඩුවක්‌ නැති ව සිදු කර ගනී. එසේ හෙයින් එම හිමියන් දක්‌වන කරුණු ඔහුගේ ම දෘෂ්ටියක්‌ පමණක්‌ ම වන බව දැන ගෙන නුවණැත්තන් විසින් දහම සුරැකි ව තබා ගනු වස්‌ පෙළගැසිය යුතු කාලය එලඹ ඇති බවත් මෙහි ලා සිහිකර දෙනු කැමැත්තෙමු.
 
 සංකේත නිරූපණ:
 
 1. අනි. - අංගුත්තර නිකාය
 
 2. අනිඅ. - අංගුත්තර නිකාය අට්‌ඨකථා
 
 3. අනිටී. - අංගුත්තර නිකාය ටීකා
 
 4. අභිධම්මත්ථසŒගහ
 
 5. ඛුනි. - ඛුද්දක නිකාය
 
 6. ඛුනිඅ. - ඛුද්දක නිකාය අට්‌ඨකථා
 
 7. දීනි. - දීඝ නිකාය
 
 8. දීනිඅ. - දීඝ නිකාය අට්‌ඨකථා
 
 9. දිනිටී. - දීඝ නිකාය ටීකා
 
 10. පටිසම්භිදාමග්ග
 
 11. පට්‌ඨානපාළි
 
 12. පදරූපසිද්ධි
 
 13. පයොගසිද්ධි
 
 14. මනි. - මඡ්Cධිම නිකාය
 
 15. ශබ්දකල්පද්‍රeම
 
 16. ශ්‍රී සුශකෝ. - ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ද්විතීය භාගය, (1970)
 
 17. සනි. - සංයුත්ත නිකාය
 
 18. සනිටී. - සංයුත්ත නිකාය ටීකා
 
 19. සාරාර්ථචන්ද්‍රිකා සාරස්‌වතාර්ථ ව්‍යාඛ්‍යාව
 
 20. සිං.ශබ්ද. - සිංහල ශබ්දකෝෂය, 25 කාණ්‌ඩය, (1992)
 
 21. PED. - Pali-English Dictionary, T.W. Rhys Davids, W. Stede(1997)
 
 22. PTS. - Pali Text Society
 
 23. SED. - Sanskrit-English Dictionary, MonierWilliam (1988)
 
 24. VRI. - Vipassana Research Institute (http://incubator.apache.org/lucene.net/)

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles