Divaina - ඇමෙරිකානු ඉතිහාසයේ කළු පරිච්ඡේදය - කාටුන් කියෑවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 cart ma
 
 රුවන් තරස්‌වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
ගුවන්තනාමෝ බොක්‌ක පිහිටා ඇත්තේ කියුබාවේ ගිනිකොණ දිග මුහුදු වෙරළ ආශ්‍රිතවය. 1898 දී කියුබා භූමියේ දී සිදු වූ ඇමෙරිකා ස්‌පාඤ්ඤ යුද්ධයේ දී ඇමෙරිකාව ගුවන්තනාමෝ බොක්‌ක ආශ්‍රිතව නාවික හමුදා කඳවුරක්‌ පිහිටුවීය. 1907 දී එවකට පැවති කියුබානු රජය විසින් ඇමෙරිකානු එක්‌සත් ජනපදයට එම ප්‍රදේශයේ ඉඩම් පරිහරණය කිරීම සඳහා අවසර ලබා දෙමින් බදු ගිවිසුමක්‌ද අත්සන් කළේය. ඒ කාලයේදී ඇමෙරිකාව ප්‍රකාශ කළේ කියුබාවේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කිරීමට මෙම කඳවුර පවත්වා ගෙන යන බවය.
 
 ගුවන්තනාමෝ බොක්‌කේ නාවික කඳවුර යනුවෙන්ද, ගුවන්තනාමෝ බොක්‌කේ රඳවා ගැනීමේ කඳවුර (Guantanamo Bay Naval Base camp, Guantanamo Bay Detention camp) යන නම් දෙකෙන්ම අද වන විට මෙම කඳවුර හඳුන්වන අතර මෙය G Bay, "G tmo" යන කෙටි නම්වලින්ද හඳුන්වනු ලබයි.
 
 1953 ජූලි 26 වැනි දින ෆිදෙල් කැස්‌ත්‍රෝගේ නායකත්වයෙන් ඇරැඹි 1958 දෙසැම්බර් 31 අවසන් වූ කියුබන් විප්ලවයෙන් පසු 1959 ජනවාරි 1 දින නිදහස්‌ කියුබන් රජයක්‌ බිහිවිය. කියුබාවේ පාලකයා වී සිටි ඇමෙරිකන් ගැති µqල්ගන්සියෝ බැටිස්‌ටා විප්ලවයෙන් පසු ඩොමිනික්‌ රාජ්‍යයට පලාගිය අතර කියුබාවේ සිටි ඇමරිකන් වැසියෝද කියුබාව අතහැර ගියහ. එහෙත් දීර්ඝකාලීන බදු ගිවිසුම නිසා ගුවන්තනාමෝ නාවික කඳවුර ඉවත් කිරීමට කියුබාවට නොහැකි විය. වර්ග කිලෝමීටර් 116 ක්‌ (වර්ග සැතපුම් 45 ) ආවරණය කරණ මෙහි සම්පූර්ණ පාලන බලය ඇමෙරිකාව සතුය. මෙහි අවම වශයෙන් හයදහසක්‌ පමණ ඇමෙරිකානුවන් ජීවත් වන අතර ඊට ඇමෙරිකානු මිලිටරි පිරිස්‌, කාර්ය මණ්‌ඩලය හා ඔවුන්ගේ පවුල්වල පිරිස්‌ ඇතුළත්ය. මුලදී මෙහි කාර්ය මණ්‌ඩලයේ බොහෝ අය කියුබානුවන් විය. දේශීය සීනී කර්මාන්තයෙන් ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක්‌ අමෙරිකාවෙන් ඔවුන්ට ලැබිණි. 1964 දී ෆිදෙල් කැස්‌ත්‍රෝ ඇමෙරිකාව සමග ඇතිකර ගත් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ගේ නියෝගයෙන් කියුබානු කම්කරුවන් කඳවුරෙන් ඉවත් කෙරිණි.
 
 1990 දී ගුවන්තනාමෝ කඳවුර සරණාගත කඳවුරක්‌ ලෙස යොදාගත් අතර එකල හයිටි සරණාගතයන් තිස්‌දහසක්‌ පමණ එහි රැඳී සිටියහ. පසුව ඔවුන් ඇතුළු තිස්‌දහසක්‌ පමණ ඩොමිනික්‌ රාජ්‍යයට පලා ගියහ. 2002 වසරේ සිට කඳවුරේ දකුණු කොටස ඇමෙරිකාවේ ජාතික ආරක්‌ෂාවට බලපෑම් ඇතිකරන පුද්ගලයන් රඳවා ගැනීමට භාවිත කරනු ලබයි. 2002 ජනවාරි 11 වැනි දින පළමුවරට මෙහි රැඳවියන් 20 දෙනකු රඳවා තැබීය. මෙම කඳවුරේ රඳවා තබාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාව ඉතා රහසිගත වූ අතර කඳවුරේ සියලු කටයුතු මෙහෙයවනු ලැබුවේ එක්‌සත් ජනපද ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ ගුවන්තනාමෝ (JTF - GTMO) විසිනි. 2002 අග භාගය වනවිට මෙහි රැඳවියන් 779 ක්‌ සිටි අතර 2004 වනවිට ඉන් 200 ක්‌ මුදාහැර තිබිණි.
 
 2011 අප්‍රියෙල් මාසයේදී ගුවන්තනාමෝ කඳවුරේ රැඳවියන්ට කරනු ලබන වධහිංසා පිළිබද ලිපිගොනු සහ වාර්තා 779 ක්‌ විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය මගින් මුදා හරිනු ලැබීය. මෙම කඳවුරේ සිටි රැඳවියන් සෘජුවම ත්‍රස්‌තවාදී කටයුතුවලට සම්බන්ධ දැයි සොයා බැලීමට Combatant Status Review Tribunals (CSRT) මගින් සිදු කරණු ලබයි. 2011 වන විට කඳවුරේ සිටි රැඳවියන් 600 ක්‌ නිදහස්‌ කෙරිණි. මෙලෙස නිදහස්‌ වූ රැඳවියන්ගේ තොරතුරුවලට අනුව ගුවන්තනාමෝ කඳවුරේදී ඔවුන්ට ලබාදුන් වධහිංසා අතර ලිංගික හිංසනය, බලෙන් මත් ද්‍රව්‍ය පෙවීම, ආගමික හිංසනය, නින්ද අහිමි කිරීම, පහරදීම ආදිය වේ. 2003 වනවිට කඳවුර තුළදී සියදිවි නසාගැනීම් 23 ක්‌ වාර්තා වූ අතර එලෙස මියගිය පුද්ගලයන් අතර සිටි සෞදි පුරවැසියන් සම්බන්ධයෙන් සෞදි රජය එක්‌සත් ජනපදයට බලපෑම් එල්ල කළේය. 2007 වර්ෂය වනවිට ගුවන්තනාමෝ කඳවුරේ සිටි සෞදි රැඳවියන් 92 ක්‌ නිදහස්‌ කෙරිණි.
 
 ගුවන්තනාමෝ කඳවුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය දිගින් දිගටම එල්ලවීමත් සමග මෙම කඳවුර වසා දමන බවට බුෂ් ජනාධිපතිවරයා මෙන්ම ඔබාමාද පොරොන්දු විය. 2009 දී කඳවුර වසා දැමීම සදහා ඔබාමා අත්සන් තැබුවද කොංග්‍රසයේ දැඩි තීරණ හේතුවෙන් එය තීරණය ආපසු හැරවීමට ඔබාමාට සිදු විය. කොංග්‍රසය තීරණය අනුව රැඳවියන් 245 ට අඩුකළ අතර ඒ සඳහා රැඳවියන් වෙනත් රටවල බන්ධනාගාරවලට මාරු කිරීමට සිදු විය.
 
 2018 මැයි පළමුවැනිදා වනවිට එක්‌සත් ජනපද ආණ්‌ඩුවේ තොරතුරුවලට අනුව ගුවන්තනාමෝ කඳවුරේ සිටි රැඳවියන් ගණන 40 කි. ගුවන්තනාමෝ කඳවුර පිළිබඳව ලෝකයේ බොහෝ කාටුන් ශිල්පීන් නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. මේ එම නිර්මාණවලින් කිහිපයකි.
 
cart11. ක්‍රිස්‌ටෝ කොමර්නිට්‌ස්‌කිගේ (chiristo komarnitski) කාටුනයේ දැක්‌වෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්‌ බඩේ බැඳගෙන සිටින ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බුෂ්ය. guantanamo යනුවෙන් නම්කර ඇති එම බෝම්බයේ පුපුරණ ද්‍රව්‍ය වශයෙන් යොදාගෙන ඇත්තේ කඳවුරේ රැඳවියන්වය. මෙම කඳවුර නිසා ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිදුවූ බොහෝ පීඩා මෙම කාටුනයෙන් නිරූපිතය.
 

cart22. බලය පෝෂණය කිරීම (Force Feeding) යනුවෙන් නම්කර තිබූ මෙම කාටුනයේ ජනාධිපති ඔබාමා පුටුවකට තබා බැඳ ඇත. එය සිරමැදිරියක්‌ බව පෙනේ. කොංග්‍රසය (congress) නැමති සොල්දාදුවා පැමිණ ඔබාමා ප්‍රකාශ කරන දේ ඔහුට කෑමට දීමට සැරසේ. ඔබාමා පවසන්නේ මෙම ගිට්‌මෝ (Gitmo) වසා දැමීමට පොරොන්දු වන බවය. ගිට්‌මෝ යනු ගුවන්තනාමෝ හඳුන්වන කෙටි නමය. එහෙත් කොංග්‍රසය ඊට ඉඩ දෙන්නේ නැත. එය වසා දැමීමට ඔබාමා පියවර ගතහොත් ඔබාමාටද සිදු වන්නේ ගුවන්තනාමෝ කඳවුරේ සිරබත් කෑමට බව කාටුන් ශිල්පියා පවසයි.
 

cart3 3. බොබ් එන්ගල්හාර්ට්‌ගේ (Bob Englehart) කාටුනයේ ඔබාමා යකඩ මිනිසා (Iron Man) ලෙස නිරූපණය කර ඇත. ඔහුගේ යකඩ ඇඳුම Guantanamo නමැති විශාල කාන්දමට ඇලී ඇත. ගුවන්තනාමෝ කඳවුරෙන් ඔහුට කිසිදා ගැළවීමක්‌ නොතිබූ බව කාටුන් ශිල්පියාගේ අදහසය.
 

cart44. කාටුනයේ දැක්‌වෙන්නේ ගුවන්තනාමෝ ප්‍රතිපත්ති (Guantanamo Policy) නමැති සිර කූඩුවේ සිටින ඔබාමාය. 2009 දී ඔබාමා පැවසුවේ කඳවුර වසා දමන බවය. නමුත් 2011 තෙක්‌ එය ඉටු නොවීය. සිදුවූයේ කඳවුරේ සිටින රැඳවියන්ගේ ගණන 200 දක්‌වා අඩුවීම පමණි. මෙම සිදුවීමෙන් ඔබාමාගේ කීර්තියට කළු සළකුණක්‌ එකතු වූ බව කාටුන් ශිල්පියා පවසයි.
 

cart55. පිල් හෑන්ඩ්ගේ (Phil Hands) කාටුනයේ දැක්‌වෙන්නේ Gitmo නමැති පොතේ අන්තිම පිටුව වසා දැමීමට සැරසී සිටින ඔබාමා ඇමෙරිකානු ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදය වසා මම කැමතියි... ( I would Like to close this Dark chapter of American History) කියා පවසයි. පොත ඇතුළේ සිටින කොංග්‍රසය 'අපට උදව් කිරීමට නොහැකියි' (Not if We can Help it) කියා පවසයි. කොංග්‍රසය ඇමරිකාවේ අඳුරු පරිච්ඡේදය වසා දැමීමට ඔබාමාට ඉඩ නොදුන් බව කාටුන් ශිල්පියා මෙමගින් පවසයි.
 

cart66. පැට්‌රික්‌ චපත්තේ ( Patrick Chappatte) කාටුනයේ දැක්‌වෙන්නේ සිර කඳවුරේ ඇතුළත දර්ශනයකි. එහි යුක්‌තිය (Justice) නමැති කාන්තාව පුටුවකට තබා බැඳ ඇත. කාන්තාවගේ කඩුව, තරාදිය බිම වැටී ඇත. ඇයගේ නහයට බටයක්‌ ගසා බලෙන් කැවීම ( Forced Feeding) සිදු කරනු ලබයි. සිර කඳවුරේ සිටි රැඳවියන් කඳවුරේ සිදුවන වධහිංසාවලට එරෙහිව විරෝධය පළ කරමින් කෑම ප්‍රතික්‌ෂේප කළවිට ඔවුන්ට මෙසේ බලෙන් දියර ආහාර ලබා දුන් බවට වාර්තා වී ඇත. ගුවන්තනාමෝ සිර කඳවුරේ යුක්‌තිය පවා පාලකයන්ගේ ග්‍රහණයට හසු වී තිබුණේ මෙසේ බව චපත්තේ මෙම කාටුනයෙන් පෙන්වා දෙයි. 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles