Divaina - වංචා, දූෂණ හා නාස්‌තිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණව ඕනෑම අයකුට එරෙහිව නඩු පැවරිය හැකියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 අප පහසුකම් දෙනවා වැඩේ හරියට
 කරන එක ඒ ආයතනවල වගකීමයි
 ඇමැතිනි තලතා අතුකෝරළ
 
 චමින්ද සිල්වා
 
 talatka135වංචා දූෂණ නාස්‌තිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් රජයේ නිලධාරීන් මෙන්ම ඕන කෙනකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි යෑයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
 
 අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස්‌ පළ කළේ දෙවැනි ස්‌ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්‌ථාවට අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ එක්‌වෙමිනි. එහි දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය තවදුරටත් මෙසේ ද සඳහන් කළාය.
 
 ප්‍රශ්නය - අද දින විවෘත කළ විශේෂ මහාධිකරණයේ කාර්ය මොන වගේද?
 
 පිළිතුර - මෙහෙමයි අපේ යහපාලන රජයේ ප්‍රතිපත්තියක්‌ හැටියට මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වෙච්ච ඕනම සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන්න ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන්න කටයුතු කළා. පළවැනි එක පිහිටෙව්වා. තුනක්‌ තමයි පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි එක අද දවසේ විවෘත කරනවා. අධිකරණ සංවිධාන පනත සංශෝධනය වන හැටියට තමයි දෙවැනි එක අද පිහිටු වන්නේ.
 
 විශේෂයෙන්ම වංචා, දූෂණ, නාස්‌තිය සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධව දේශපාලනඥයන් රජයේ නිලධාරීන් ද ඇතුළු ඕනම කෙනෙකුට විරුද්ධව නඩු ගොනු කරනවා. නීතිපතිතුමා හා අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමාලාට නඩු පැවරීමේ අයිතිය තියෙනවා.
 
 ප්‍රශ්නය - මහා පරිමාණ නඩු දූෂණ වංචා කඩිනමින් විභාග කරන්න තමයි මේ අධිකරණ ආරම්භ වුණේ. මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චූදිතයා වශයෙන් නම් කරලා තියෙන අර්ජුන මහේන්ද්‍රන් තවමත් ලංකාවට ගෙනැල්ලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. මේ විශේෂ මහාධිකරණය දාන එකෙන් ඒ වගේ කටයුතුත් කඩිනම් වෙයිද?
 
 පිළිතුර - බැඳුම්කරයද වෙනත් වංචාවක්‌ ද කියන එක මෙතැන අපිට විශේෂත්වයක්‌ නැහැ. අපේ වගකීම තියෙන්නේ අවශ්‍ය පහසුකම් සපයන එකයි. අවශ්‍ය කටයුතු කරන එක පරීක්‍ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස්‌ කොමිසමේත් වගකීමක්‌aa.
 
 ප්‍රශ්නය - රජයක්‌ විදිහට වගකීමක්‌ නැද්ද?
 
 පිළිතුර - රජයක්‌ විදියට විශේෂයෙන් ම අපි ඒ පුද්ගලයන්ව මේ රටට එවන්න කියලා ඉල්ලීමක්‌ කරලා තියෙනවා. මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා විතරක්‌ නෙවෙයි. මිග් යානා ගනු දෙනුවලට අත්‍යවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි කියලා තියෙන්නේ. එවන නොඑවන එක ඒ රටවල්වල කටයුතු කරන විදියට තමයි. අපිත් මේ බලා ගෙන ඉන්නේ ඒ වගේ සිද්ධි එහේ අය මෙහේ ඇවිල්ලා කළොත් භාර දෙන කොට අපිටත් ඒ වගේ තීරණ ගන්න වෙයි.
 
 ප්‍රශ්නය - ඒ වගේම දැන් ඔබතුමිය දන්නවා උදර්පණ නීතිය නිසා තමයි මේ පාතාල නායකයෝ ගොඩක්‌ අය ගෙන්වන්න බැරිවෙලා තියෙන්නේ. ඉදිරියේදී රජයක්‌ වශයෙන් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක්‌ ගන්නවාද?
 
 පිළිතුර - මෙහෙමයි. අපේ රටේ එක එක විදිහට රාජ්‍යයන් අතර ඇති කර ගත්ත සම්මුතීන් තියෙනවා. ගිවිසුම් තියෙනවා. අපරාධකරුවන් නැවත භාරදීම සම්බන්ධයෙන් අපි එකඟතා ඇති කර ගෙන තියෙනවා. මේ හැම එකක්‌ම කෙරෙන කොට රාජ්‍යයන් අතර අවබෝධයකින් කටයුතු කරන්න ඕන. ඉතින් සමහර වෙලාවට අපි හිතන විදිහට සමහර රාජ්‍යයන් අතර වැඩ කටයුතු කරගෙන යන කොට සමහර අයගේ කළු සල්ලි තියාගෙන තියෙන රාජ්‍යයන් තියෙනවා. රටවල් තියෙනවා. ඒවාගෙන් හරි අමාරුයි අපරාධවලට සම්බන්ධ අයව ගෙන්න ගන්න. ඉතින් උදර්පණ නීතිය තුළින් ගිවිස ගෙන තිබෙන විදිහට අපිට භාර දෙන්න ඕන. හැබැයි ඉතින් සමහර තැන්වල ඒක කෙරෙන්නේ නැහැ. ඒකට ඉතින් අපි අපේ රට පැත්තෙන් අපේ රජය හැටියට ඒවා ද සිදු කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපිත් වගකීම ඒ රටවලින් බලාපොරොත්තු වෙනවා. විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කරනවා යෑයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 මෙහිදී අමාත්‍යවරිය අතින් දෙවැනි ස්‌ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් සුජීවා ලක්‌මාලී මහත්මිය වෙත අධිකරණය සංකේතාත්මකව භාරදීම සිදුවිය. මෙම අවස්‌ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්‌ එක්‌ විය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles