Divaina - දැනට භාවිත වන උප්පැන්න 17%ක්‌, විවාහ සහතික 13%, මරණ සහතික 11% හොර ඒවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 රෙජිස්‌ට්‍රාර් ජෙනරාල් චතුර විතානගේ
 
 ජනතාවට මහා ෙ€දවාචකයක්‌ වූ
 රෙජිස්‌ට්‍රාර් දෙපාර්තමේන්තුව ඉහළ තත්ත්වයකට ගේනවා
 ඇමැති වජිර අබේවර්ධන
 
 චමින්ද සිල්වා
 
 
birthවසර 155 ක ඉතිහාසයක්‌ තුළ ජනතාවට මහා ෙ€දවාචකයක්‌ ලෙස රෙජිස්‌ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස්‌ කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක්‌ මේ වනවිට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්‌වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
 

  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ වන බව පැවසුවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්‌දින සේවාව හා භාෂා ද්විත්වයෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම පිළිබඳව පෙරේදා (14 දා) කොළඹ -07, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
 
 මෙම සේවාවේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 16 වැනි දින රෙජිස්‌ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා,
 
 "මෙම දෙපාර්තමේන්තුව වසර 155 ක්‌ පැරණියි. මෙම දෙපාර්තමේන්තුව පිළිබඳව විවිධ විවේචන, විවිධ අදහස්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. මෙම ආයතනය ලංකාවේ ඵලදායිතා ආයතනයක්‌ ලෙස ඉදිරියට ගත යුතු බව විවිධ අවස්‌ථාවල අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කර තිබෙනවා. බහුල ලෙස හොර ලියකියවිලි තිබෙන දෙපාර්තමේන්තුවක්‌ ලෙස පවතිනවා. එවැනි අවස්‌ථා විශාල ප්‍රමාණයෙන් අපට වාර්තා වී තිබෙනවා. සමහර විට නීතිමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරයට නොවෙයි එම කටයුතු සිදුවන්නේ. විශේෂයෙන් නගරවල ඉඩම් සඳහා මෙම වසර 155 ඇතුළත ලියෑවී ඇති හොර ඔප්පු ප්‍රමාණය අසීමිතයි. ඉඩම් ඔප්පු අස්‌ථානගත වී ඇත, දිරාපත් වී ඇත. කියලා නිලධාරීන් මග හරිනවා. ඔප්පු කළ හැකි ආකාරයට සහ ඔප්පු කළ නොහැකි ආකාරයට මෙම කටයුතු ශ්‍රී ලංකාව පුරා සිද්ධ වෙනවා. මෙය මහා ෙ€දනීය තත්ත්වයක්‌.
 
 මේ තත්ත්වය වෙනස්‌ කිරීමට අප කටයුතු කරගෙන යනවා. මෙම දෙපාර්තමේන්තුව ප්‍රතිලාභ ලබන දෙපාර්තමේන්තුවක්‌ ලෙස මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනය කරනු ලබනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිසට වැටුපෙන් 40% - 25%- 15% ආදී ලෙස එකතු වෙනවා. ඉඩමක්‌ සඳහා මුද්දර ගාස්‌තුව ලක්‍ෂ 100 ක්‌ වන පුද්ගලයාට රුපියල් 25,000 ක්‌ හෝ 50,000 ක්‌ ගෙවා පැයක්‌ ඇතුළත තමන්ගේ ඔප්පුව ලබාගන්න කැමැතියි. අදත් එය සිද්ධ වෙන ක්‍රමවේද තිබෙනවා. එම ක්‍රමවේද ගැන කතා කරන්න කැමැති නැහැ. මෙම වර්ෂය අවසානයේදී මිලියන 8000 ආදායමක්‌ ලැබීමට ඉලක්‌ක කරල තියෙනවා.
 
 සාමාන්‍ය ජනතාවට නියමිත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුව ඒ ආකාරයෙන්ම සුරක්‍ෂිත කරමින් හදිසි අවශ්‍යතා ඇති අයට මෙම ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. අවුරුදු 155 ක ඉතිහාසයක්‌ තුළ ජනතාවට මහා ෙ€දවාචකයක්‌ ලෙස දෙපාර්තමේන්තුව පැවතුණේ. නව උප්පැන්න සහතිකයක්‌ නිකුත් කරනවා. උප්පැන්න සහතිකය නිකුත් කරන අවස්‌ථාවේදීම ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් වෙනවා. ඒ අනුව වංචනික උප්පැන්න සහතික නිකුත් කිරීමට නොහැකිවී තිබෙනවා. ජාත්‍යන්aතර ප්‍රමිතියට අනුව මුළු රට පුරා ඉලෙක්‌ට්‍රොනික්‌ උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ වෙනවා. ඒ උප්පැන්න සහතිකය වගේම විවාහ සහතික, මරණ සහතිකවලද විශාල වෙනස්‌කම් ගණනාවක්‌ වෙනවා. උප්පැන්න සහතිකය අවශ්‍ය නොවන, පුරවැසියෙක්‌ ලෙස අසීරුතාවකට පත්වන කරුණු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව ඉහළම තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන තියෙනවා. මෙය ජාතික අවශ්‍යතාවක්‌" යෑයි කීය.
 
 මෙහිදී අදහස්‌ දැක්‌වූ රෙජිස්‌ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ භාවිත වන උප්පැන්න සහතිකවලින් සියයට 17 ක්‌ හොර උප්පැන්න බවයි. එමෙන්ම විවාහ සහතිකවලින් සියයට 13 ක්‌ හොර විවාහ සහතික බවත්, සියයට 11 ක්‌ මරණ සහතික හොරට සාදා ඇති බවත් මෙරට තිබෙන ඔප්පුවලින් සියයට 42 ක්‌ හොර ඔප්පු බවත් ඔහු කියා සිටියේය.
 
 රෙජිස්‌ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
 "අපි මේ තත්ත්වය වෙනස්‌ කරනවා. නව උප්පැන්නයක්‌ හඳුන්වා දෙනවා. එහි ආරක්‍ෂිත ක්‍රමෝපායයන් රැසක්‌ තිබෙනවා. අධෝරක්‌ත කිරණ මගින් දර්ශනය කළ හැකි රාජ්‍ය ලාංඡනයක්‌ ඉන් ප්‍රධානයි. ආරක්‍ෂිත ස්‌ටිකරයක්‌ සහ පරිගණක කේත ක්‍රමයක්‌ද මේ උප්පැන්න සහතිකයට අඩංගු කර තිබෙනවා. ඒ වගේම මෙතෙක්‌ උප්පැන්න සහතිකයේ තිබූ පුද්ගලිsකත්වයට හානිවන ස්‌ථාන කිහිපයක්‌ අපි ඉවත් කළා. තමන්ට අවශ්‍ය භාෂා ද්විත්වයකින් උප්පැන්න සහතිකය ලබාගන්න පුළුවන්. ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපන් සියලු දෙනාට මේ ජාතික උප්පැන්න සහතිකය ලබාදෙනවා. පසු අදියරයක පැරණි උප්පැන්නත් මේ ආකාරයෙන් වෙනස්‌ කරන්න බලාපොරොත්තු වෙනවා."
 
 මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අභ්‍යන්තර හා ස්‌වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ඡේ. සී. අලවතුවල මහතා ද සහභාගි වී සිටියේය.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles