Divaina - ඔබගේ ධර්ම මාර්ගයට නැවත සිහි කැඳවීමකි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

budmag134දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබා ඇති මෙම අවස්‌ථාවෙහි එමගින් ලැබිය හැකි උතුම්ම ඵලය වන දහම් ඇස පාදාගෙන සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක්‌ ප්‍රධන් වීර්ය පවත්වා ගත යුතු බවට නිතර මෙනෙහි කරන්න. පස්‌පව් දස අකුසල්වලින් මිදෙන්නට යෑයි මොනතරම් පැවසුවද වැඩි පිරිසක්‌ ඒ ගැන නොසිතන්නේ කුමක්‌ නිසාද? එයට හේතුව නම් දුර්ලභව ලබා ඇති මෙම මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ නොකර ගැනීම නිසාය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් තිස්‌ එකක්‌ ලෝක තුළ උපත ලබා ඇති සියලු සත්වයෝම ඔවුන්ගේ අතීත සසරෙහි උපත ලබා ඇත්තේ සතර අපායේය.
 
 සතර අපායේ ඉපිද ඉන් නිදහස්‌වීමට නොහැකිව, කල්ප ගණන් දුක්‌ විඳ ඇත්තෝය. එළුවන්, කුකුළන්, ගවයන් ආදී සතුන් ලෙස ඉපද, ගෙල කැපී ඉන් ගලාගිය රුධිරය සිවුමහා සාගරයේ ජල කඳට වඩා වැඩි බවය. ප්‍රේත විෂයෙහි ඉපිද අපවිත්‍ර දැ ආහාරයට ගනිමින් වචනයකින් කියා නිමකළ නොහැකි තරම් දුක්‌විඳ ඇත්තෝය. 'දුල්ලභංච මනුස්‌සත්තං' මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම ඉතාම දුර්ලභ බව ඔබට අපාය දකින විට අවබෝධ නොවේද? අසනීපයක්‌ නොවේ නම් උපතින් ද ශරීර වර්ණය හෝ උස, මහත ගැන කලබල විය යුතු නොවේ. ඉතාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය අප ලබා ඇති බව සිහිපත් කොට ඉන් උතුම්ම ප්‍රයෝජන ලැබීමට වීර්යය ආරම්භ කළ යුතුය. සම්මුතියෙහි පිහිටා සම්මත ලෝකයෙහි ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවන්, ගේ දොර ආදී කටයුතු සීලයෙහි පිහිටා පවත්වා ගැනීම ගෘහස්‌ථ ජීවිත ගතකරන පිරිස සඳහා අනුමතය. ඒවා නිසා පස්‌පව් දස අකුසල් නොකළ යුත්තේ අතීත සසරෙහි අපමණ දුක්‌ නැවත නැවත සිහිපත් කිරීමෙන්ද, දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගැන සිහිපත් කිරීමෙන්ය.
 
 ලෞකික වශයෙන් සීලයෙහි පිහිටා එම පැවැත්ම පිණිස කටයුතු කළේද පරමාර්ථ ධර්මයට අනුව ලැබූ ජීවිතයෙහි සහ බියකරු සසරෙහි යථා ස්‌වභාවය අමතක නොකොට භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥවෙන් යුතුව දේශනා කළ දහම් මගට බැස ගැනීමද පල ලැබීමද අත්‍යන්තයෙන්ම කළයුතු දෙයකි. මෙම දහම් මඟට බැස ගැනීම සහ ඵලයන් ලබා ගැනීමද කල්දැමීමටද නොහැකිය. එයට හේතුව නම්, සම්මතයෙහි අවුරුදු සීයක්‌ ආයු ඇත්තේය යනුවෙන් පැවසුවත් බොහෝ පිරිසකට සීයක්‌ ආයු විඳින්නට අවස්‌ථාව නොලැබේ. මවුකුසේ කළලය හටගත්
 
 මොහොතේ පටන් ඕනෑම මොහොතක්‌ ජීවිතයේමරණය හෙවත් අවසන්
 
 මොහොත විය හැක්‌කේය. අනුමාන වශයෙන් 'තිබෙනවා කියන' අවුරුදු සීයද ලෙඩවීම්, දිරාගෙනයාම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අප්‍රිය අරමුණු සමග ගැටීම්, කැමති අරමුණු ඉටු නොවීමෙන් සිදුවන සෝක සන්තාප, හඬා වැළපීම්, දුක්‌ඛ දොaමනස්‌ස සමගින් ගත කරන්නට සිදුවෙයි.
 
 'මෙහෙම දුකක්‌ විඳින්නට ඇයිද මම ඉපදුණේ?' යනු ශෝකාලාපයටද යටත්ව මරණ බයෙන් බිරාන්තව දිවි ගෙවන්නට ද සිදුවෙයි. මොන ආකාරයේ ආයු ශක්‌තියක්‌, කර්ම ශක්‌තියක්‌ අප සියලු දෙනා විසින් රැගෙන ඇත්තේද අපි නොදනිමු. කවර ආකාරයේ ලෙඩ දුක්‌ මෙම දෙතිස්‌ කුණපයන්ගෙන් පිරුණු කයෙහි ඇත්තේදැයිද මතුවන්නේදැයි නිශ්චිතව පැවසීමද නොහැක්‌කේය. මේ නිසා වඩාත්ම සතියද කායික මානසික ශක්‌තියද පැවැත්විය හැකි මොහොතේ පටන් ධර්ම මනසිකාරයට සිතද සිහියද පුරුදු කිරීම උතුම්ය.
 
 අපි මෙසේ මනසිකාරය කරමු. අපිරිසිදු සිතින් යුතුව සිතනා, කියනා කාරණා සියලු දෙයම නිසා දුක්‌ සහගත ප්‍රතිවිපාක ලැබෙන බවත්, පිරිසිදු සිතින් සිතනා කියනා කරනා දේවල් නිසා යහපත්වූ ඵල විපාකම ලැබෙන බවත්ය. සියලු
 
 සත්වයින්ම කර්මය දායාද කොට ගන්නා බවත්, කර්ම සිදුවන්නේ ඒ ඒ මොහොතේ බවත් සිහිකරමින්, එළඹ සිටින
 
 මොහොතෙහි පිරිසිදු සිතම පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගනිමු. සිතින් යමක්‌ සිතා වචනයෙන් පිට කරන්නට පෙර ක්‍රියාවෙන් හැසිරෙන්නට පෙර එය තමාටත් අන් අයටත් යහපත් හෝ අයහපතක්‌ සිදුවන දෙයක්‌ දැයි පිරිසිදු ධර්ම මාර්ගය අනුගමනය කරන බුද්ධශ්‍රාවයෙක්‌ ලෙස මෙනෙහි කරන්න. එය තමාට හෝ අන් අයටත් යහපතක්‌ නම් සුදුසු පරිදි සුදුසු කාලයෙහි සිදුකරන්න. අයහපතක්‌ නම් 'මුතු මැණික්‌ රත්තරන්' දෙනවා යෑයි පැවසුවත් 'කෝටියක්‌' මුදලක්‌ දෙනවා යෑයි පැවැසුවත් නොකිරීමට තරම් ධර්ම මාර්ගයෙහි තිර අධිෂ්ඨානයක්‌ ඇත්දැයි විමසා බලන්න.
 
 තමා සමාදන්වූ සීලය, වචනයට පමණක්‌ සීමා නොකොට, ඒ ඒ සිල්පදවල අර්ථයද සීලය මනාව ආරක්‌ෂා කිරීමෙන් සමාධියට, සම්‍යක්‌ ප්‍රඥවට බලවත් සේ උපකාර වන ආකාරයද සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ''භික්‌ඛු සීලවා හෝති. පාතිමොක්‌ඛ සංවරො විහරති, ආචාර ගෝචර සම්පන්නෝ, අණුමත්තේසු වඡ්ඡේසු භයදස්‌සාවි, සමාදාය සික්‌ඛති සික්‌ඛාදේසු'. භික්‌ෂුවක්‌ නම් ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලයෙන් යුතුව වත් පිළිවෙත්හි යෙදෙමින් කුඩා අණුකුඩා වරදෙහි පවා බිය දක්‌නා යුතුව සික්‌ඛාපදයන්හි හික්‌මෙන්න. එනම් අවබෝධයෙන් යුතුව සීලය පවත්වා ගන්න. ගෘහස්‌ථ ජීවිත ගත කරන අයට එසේම සීලය කෙරේ කැමැත්තක්‌, ගෞරවයක්‌, අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. ''සීල පරිධෝතාහි බ්‍රාහ්මණ ප්‍රඤ්Æ, පඤ්Æපරිධෝතං සීලං යFථි සීලං තFථ පඤ්Æ, යFථ පඤ්Æ තFථ සීලං. සීලවතො පඤ්Æ පඤ්Æවතො සීලං. සීල පඤ්Æණඤ්ච පනලෝකස්‌මිං අග්මක්‌ඛායති (සෝණදණ්‌ඩ සූත්‍රය). ''ප්‍රඥව සීලයෙන් පිරිසිදු වෙයි. සීලය ප්‍රඥවෙන් පිරිසිදු වෙයි. සිල් ඇති කල්හි ප්‍රඥව වෙයි. ප්‍රඥව ඇති කල්හි නිවන අරමුණු කරගත් සීලය වෙයි. සීලය ඇත්තාට සම්‍යයක්‌ ප්‍රඥව ඇත. සම්‍යයක්‌ ප්‍රඥව ඇත්තාට ආර්යකාන්ත සීලය ඇත. සීලය සහ ප්‍රඥව ලොව අග්‍ර යෑයි කියනු ලැබේ.''
 
 තමන්ටත් අන් අයටත් හානියක්‌ නොවන නිවැරැදි ජීවනෝපාය මාර්ගයන්හි පමණක්‌ නිරත වන්න. අධර්මයෙන් උපයන ධනය මහා ගින්දරක්‌ සේද, උණුවූ ලෝදියක්‌ සේද, තමාට පමණක්‌ නොව, ඒවා පරිහරණය කරන අයටද දෙලොවදීම කටුක විපාකවලට මුහුණදීමට සිදුවන බව දහම් ඇසින් යුතුව දකින්න. ඔබ රකින සීලයේ පිරිසිදු බවත්, සීලයේ ආනිසංසත් මෙනෙහි කිරීම භාවනාවක්‌ කරගන්න. එය සීලානුස්‌සති භාවනාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි පදනම වන සීලය පිරිසිදු වන විට සමාධියත්, ප්‍රඥවත් දියුණුවන වටපිටාවක්‌ මනසේ පහළ වන බව අත්දකින්න.
 
 ''අපකිච්ච, සල්ලහුකවුත්ති' යනුවෙන් මෙත්ත සූත්‍රයෙහි දැක්‌වූ ආකාරයෙන් අවබෝධයෙන් යුතුව අල්ප වූ කටයුතු සහ සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති,
 
 පහසුවෙන් පෝෂණය කළ හැකි අයකු වන්න. අත්‍යවශ්‍යම කරුණු ඉටුවන පරිදි පමණක්‌ දේවල් සපයා ගැනීමට සිත පුරුදු කරන්න. නිමක්‌ නැති ආශාවන්ට වහල්වෙමින් බඩු බාහිරාදිය රැස්‌කිරීමේ පුරුද්ද ක්‍රමයෙන් අත්හරින්න. දැනට ආශාවෙන්ම රැස්‌කරගෙන සිටිනා දේවල් ස්‌වල්පය බැගින් හෝ අයිතිය අතහැර පරිත්‍යාග කිරීමට යොමුවී ඔබේම සිතේ ස්‌වභාවය ගැන තේරුම් ගන්න. තමන් කළ පරිත්‍යාගයන් 'තණ්‌හා මද, මාන දෘෂ්ටියෙන්' තොරව මෙනෙහි කරන්න. එය චාගානුස්‌සති භාවනාව බවට පත්වෙයි.
 
 නිතරම අන් අයගේ දොස්‌ දකින, අන් අය විවේචනය කරන අයෙක්‌ බවට පත් නොවන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ධර්ම මාර්ගයෙහි තමා නිවැරැදි අයෙක්‌දැයි ප්‍රත්‍යවේක්‌ෂා කරන්න. තම ජීවිතයේ අහවලා 'බැන්නා, දොස්‌ කිව්වා, තමා සතු දේවල් ගත්තා' ලෙසින් සිතේ පවත්වා ගන්නාවූ සියල්ල මුළුමනින්ම ඉවත්කොට දමන්න. එසේ නොවුණොත් එම සිතුවිලි අකුසල් සඤ්Æ, සංඛාර ලෙස ඔබ සුගති මාර්ගයෙන් බැහැරකොට අගති මාර්ගයට යොමුකරවන බවත් සිහිපත් කරන්න. මේ ජීවිතය ගැන පමණක්‌ නොසිතා පුරා දුර ගමනක්‌ ගෙවා පැමිණ ඇති බවත්, කෙළෙසුන්ගේa හටගැනීම සහ ක්‍රියාත්මකවීම නතර නොකර ගතහොත්, තව බොහෝ දුකින් පිරි දිගු ගමනක්‌ ඉදිරියටද යාමට සිදුවනු ඇති බවත් මෙනෙහි කරන්න. මේ පවත්නා ගමනේ හමුවී මගේ යෑයි ජීවිතයේ අල්ලාගෙන සිටිනා පුද්ගලයන් සහ විවිධ දේ කෙරෙහි ඇති කරගන්නා බැඳීම්වල තාවකාලික බව හා නිසරු බව නුවණින් අවබෝධ කරගන්න. සිතින් හා අතින් අල්ලාගෙන සිටිනා සියලු මරණයේදී අත්හැරෙනා නිසාම ඒවා මුල්කරගෙන ජීවිතය පුරා අකුසල් රැස්‌කර ගැනීමෙන් ඵලක්‌ නොවන බවට සිත පුරුදු කරන්න.
 
 අනිත්‍ය දේ නිත්‍ය ලෙසත්, අසුබ දේ සුබ ලෙසත් දුක්‌ඛ දේ සැප ලෙසත්, අනත්ත දේ අත්ත ලෙසත් පටලවාගෙන අවිද්‍යාවෙන් යුක්‌තවීම නිසා එක්‌ රැස්‌වූ කර්ම ශක්‌තියෙන් දුක්‌ සහිත භවය සකස්‌වන බව තේරුම් ගන්න. සියලු දුක්‌වල අවසානය යනු හටගෙන නැතිවී ය සියලු දේ (සංඛාර) නැවත හට නොගන්නටම සිඳී යාමයි. තථාගතයන් වහන්සේ ලොවට පෙන්වා දුන් පරම සත්‍ය වූ නිවන යනු ඒ පරම ශාන්ත වූ සන්සිඳවීමයි.
 
 ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles