Divaina - ජිනීවා යෝජනා උණුසුම් වෙන හැඩ - රට යන අත

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 ජනිත සෙනෙවිරත්න

 

rata444
 
 දේශපාලන තලය උණුසුම්ය. එහෙත් ඒ උණුසුම ජනතාවට නොදැනෙන තරමේ නිද්‍රාවකට රටම වැටී ඇත්තේ ආර්ථික අර්බුදයත් සමගය. රටේ සෑම අංශයකටම බලපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රටේ හෙට දවස සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබේ. අයවැය දෙවන වර කියවීමේ ඡුන්ද විමසීම ආණ්ඩුව පහසුවෙන් ජයගත්තේ දෙමළ ජාතික සන්ධානයේ සහයත් සමගය. තීරණාත්මක තෙවන වර කියවීමේ විවාදය අපේ‍්‍රල් 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර අපේ‍්‍රල් 05 වැනිදා අයවැය තෙවන වර කියවීමේ ඡුන්ද විමසීම ද පැවැත්වීමට නියමිතය.
 
 විපක්ෂය එය පරාජය කරන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර යම් ලෙසකින් එය පරාජය කළහොත් හදිසි මහා මැතිවරණයකට යෑමට සිදුවනු ඇත. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය කිසි විට රජයට එරෙහිව ඡුන්දය භාවිත කරනු ඇතැයි සිතිය නොහැකි අතර එම නිසා අයවැය පරාජය කිරීම පහසු කටයුත්තක් නොවේ. එක්සත් ජාතික පක්ෂයෙන් විශාල මන්ත‍්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගැනීමද මැතිවරණයක් ආසන්නයේ පහසු නොවීමත්, මන්ත‍්‍රීවරුන් පිරිසකට විශ‍්‍රාම වැටුප පිළිබඳ ප‍්‍රශ්නය ආදී බොහෝ කරුණු මේ සම`ග බැඳී පවතී.
 
 ජනාධිපති වැය ශීර්ෂය ඡුන්දයකින් තොරව සම්මතයි
 
 එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවට ප‍්‍රකාශ කිරීම නිසා ඒ සම්බන්ධයෙන් මෙවර අයවැය විවාදයේදී අවධානය යොමු විය. එහෙත් ඡුන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
 
 එය සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී චමින්ද විජේසිරි නැ`ගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.
 
 බෙදීමක් අවශ්‍යදැයි කථානායක කරු ජයසූරිය මහතා යළි ප‍්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්‍ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා නැ`ගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප‍්‍රකාශ කළේය.
 
 ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දුන්නේය. ඒ අනුව ඡුන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.
 
 ව්‍යවස්ථාදායක සභාවේ රහස් වැඩ
 
 ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මේ වන විට රටේ විශාල විරෝධයක් ඇතිවී තිබේ. රටේ ප‍්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් සිදුකරන මෙම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් රටේ ජනතා විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබේ.
 
 මෙරට අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු ළඟදී විශ‍්‍රාම යාමට නියමිතය. ඒ සමගම එම පදවිය ඉදිරි කාලයේදී පුරප්පාඩු වන අතර එම තනතුරට අලූතින් පත්කරන පුද්ගලයා ගැන තීරණ ගන්නට කොළඹ පිහිටි එක්තරා ප‍්‍රබල නීතිඥවරයකුගේ නිවසේ එක්තරා ප‍්‍රබලයන් පිරිසක් පසුගියදා සාකච්ඡුා පවත්වා ඇති බව සඳහන්ය. ව්‍යවස්ථාදායක සභාව හා අනෙකුත් කොමිසන් සභා වලට සම්බන්ධ ඇතැමුන්ද මේ සාකච්ඡුාවලට සම්බන්ධ වී සිටි බව සඳහන්ය. රටේ වැදගත් ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත් කිරීම මෙවන් සාකච්ඡුා වලින් සිදු කරන්නට නම් 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වී ඇත්තේ මහා නස්පත්තියකි.එම නිසා මේ එන්.ජී. ඕ. නඩවලින් රට බේරාගන්නට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යව තිබේ.
 
 ජිනීවා සමුළුවට ඒකාබද්ධ කණ්ඩායමක්
 
 මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සළකා බැලීමේ අවස්ථාවට විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුතු ¥ත පිරිසක් ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වෙති.
 
 මෙවර ජිනීවා සැසිවාරයේදී ශ‍්‍රීලංකා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය අතර ගැටුමක් ඇතිවී තිබිණි. ශ‍්‍රීලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට ශ‍්‍රීලංකාව සමඅනුග‍්‍රාහකත්වය දැක්විය යුතු බව රජයේ ස්ථාවරය වූ අතර ජනාධිපතිවරයාගේ ස්ථාවරය වූයේ එයින් ඉවත් විය යුතු බවය.
 
 එසේම අපට දැන ගන්නට ඇති ආකාරයට මෙහි තවත් වැදගත් කාරණයක් වුයේ කාලයක් තිස්සේ ජිනීවා නිත්‍ය නියෝජිත තනතුර දරමින් ශ‍්‍රී ලංකාවේ අයිතීන් වෙනුවෙන් සටන්කාමී මෙහෙවරක් කළ වර්තමාන විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ ද මෙම කටයුතු සඳහා පසුගිය දිනවල සම්බන්ධ කර ගෙන නැති බවය. එම කටයුතු ඍජුවම යම් යම් පිරිස් විසින් මෙහෙයවනු ලබා තිබිණි.
 
 කෙසේ වෙතත් අවසානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර පවත්වනු ලැබූ සාකච්ඡුාවලින් පසුව, ජිනීවා නුවර පැවැත්වෙන මෙම සාකච්ඡුා සඳහා කොළඹින් සහභාගි වන රජයේ නියෝජිත පිරිසෙහි සංයුතිය තීරණය වී තිබේ.
 
 ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් එම ¥ත පිරිසට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් අයත් වෙති.
 
 ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහුද ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වෙති.
 
 මෙම ¥ත පිරිස 20 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කෙරෙන අතර අතර ඊට පසුදින (21* ශ‍්‍රී ලංකාව විසින් සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලීමේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
 
 ඉන්ධන මිල ඉහළට - කිරිපිටි මිල සූත‍්‍රය කරලියට
 
 පසුගියදා ඉන්ධන මිල යළිත් ඉහළ දමන ලදී. ඉන්ධන මිල සූත‍්‍රය අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත් මේ මිල සූත‍්‍රය කුමක් දැයි තවමත් රටේ ජනතාව දන්නේ නැත.
 
 ඒ අනුව මෙතෙක් රුපියල් 129 ක් වූ ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් 132 දක්වා රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 152 ක් වූ ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 159 දක්වා රුපියල් 07 කින් ඉහළ දමා ඇත.
 
 මෙතෙක් රුපියල් 103 ක් වූ ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 104 දක්වා රුපියලකින්ද මෙතෙක් රුපියල් 126 ක් වූ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 134 දක්වා රුපියල් 08 කින්ද ඉහළ දමා ඇත. ඉන්ධන මිල ඉහළ යෑම ජනතාවට දැඩි අසීරුතා මතුකර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ජනතාවගේ පැත්තෙන් පවා ගන්නා බවක් නොපෙනේ.
 
 මේ අතර ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් අනුව මෙරට මිල ගණන්ද තීරණය වීම ස`දහා වන මිල සූත‍්‍රයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
 
 මෙම නව මිල සුත‍්‍රය අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60 කින් මිල වැඩිවනු ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග කියයි.
 
 ඒ අනුව දැනට රුපියල් 860 ක් වන කිරිපිටි කිලෝවක් රුපියල් 920 දක්වාද ඉහළ යනු ඇති බවත් දැනට රුපියල් 345 ක් වන ග‍්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාද ඉහළ යනු ඇති බවත් පැවසේ. පුද්ගලික සමාගම් විසින් දක්වනු ලබන මිල ගණන් බොහෝ විට නිවැරදි නොවන නිසා ජාත්‍යන්තර මිල මත පදනම් කරගෙන මේ සූත‍්‍ර අනුව මිල නියම කිරීමට රජය පියවර ගත යුතුය.
 
 බැසිල් ගන්නා මග
 
 මීළ`ග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නම් කළද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
 
 එම ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරයෙක් නොවන කෙනෙක් නම් කළද එම අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවද, කෙසේ වෙතත් අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද ඒ මහතා පැවසීය.
 
 ‘ගම සමග පිළිසඳරක්’ නමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් ඇති එම පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ගැන දැනුවත් කිරීමට එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.
 
 කෙසේ වෙතත් කවුරුන් අපේක්ෂකයා වුවද එහි සංවිධානාත්මක ව්‍යුහය හා සාර්ථකත්වය රැුඳී පවතින්නේ බැසිල් මතය.
 
 ශ‍්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡුා සාර්ථක වෙයි.
 
 මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පළමු නිල සාකච්ඡුාව පසුගියදා පැවැත්විණි.
 
 විපක්ෂ නායක කාර්යාලයේදී පැවති එම සාකච්ඡුාව සාර්ථක බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර දෙවැනි නිල සාකච්ඡුාව ඉදිරි 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
 
 පළාත් සභා බලතල ගැන ගම්පහ මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
 
 පළාත් සභා අහෝසි කළ යුතු බවට මේ වන විට රටේ ජනතාව අතර දැඩි මතයක් ගොඩනැගෙමින් පවතී. පසුගියදා පළාත් සභාවල ප‍්‍රඥප්ති හා බලතල සීමාවන් සම්බන්ධයෙන් ගම්පහ පළාත්බද මහාධිකරණය සුවිශේෂී තීන්දුවක් ලබාදෙන ලදී.
 
 පාර්ලිමේන්තු පනතක් මගින් සමුපකාර සමිති මුද්දර ගාස්තු වලින් නිදහස් කර තිබියදී බස්නාහිර පළාත් සභාව ප‍්‍රඥප්තියක් සම්මත කරගෙන එම මුද්දර ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් නීතිඥ මහේෂ් අත්තනායක මහතාගේ මාර්ගයෙන් බොල්ලත සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිතිය පවරා තිබු නඩුවක තීන්දුව ප‍්‍රකාශ කරමින් මහාධිකරණය නියෝග කලේ මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව අභිබවා යමින් නීති සෑදීමට කිසිදු බලයක් පළාත් සභාවකට නොමැති බවය.
 
 එසේම පාර්ලිමේන්තුව විසින් මහජනතාවගේ යහපත සඳහා පනවා ඇති විධි විධාන කෙසේවත් පළාත් සභා මුදල් ප‍්‍රඥප්ති මගින් අහිමි කළ නොහැකි බවද පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති රීති සියලූ පළාත් සභා නීති රීති ප‍්‍රඥප්ති අභිබවා ක‍්‍රියාත්මක විය යුතු බවද එම තීන්දුවේ සඳහන්වේ. එසේම පාර්ලිමේන්තුව මගින් මහජනතාවගේ යහපත සඳහා ලබාදී ඇති සහන අහිමි කිරීමට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවද එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණය තීන්දු කර තිබේ.
 
 විශේෂයෙන්ම මේ වන විට රට පුරා පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා තම අභිමතය පරිදි රටේ නීතිරීති වෙනස් කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම දක්නට ලැබෙන අතර එම නිසා මෙම නඩු තීන්දුව අතිශය වැදගත්ය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles