Divaina - ‘විජයබා කොල්ලය’ සිනමාවට එන්නේ ත‍්‍රිමාන තාක්‍ෂණයෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

vijayaba555

 

ඩබ්ලියු. ඒ. සිල්වා ලියූ නවකතා කීපයක්ම සිනමාවට නැගිණි. ‘ කැලෑ හඳ’ , ‘රදළ පිළිරුව’ , ‘සිරියලතා’ , ‘දෙයියන්ගේ රටේ’ , ‘දෛවයෝගය’ , ‘හඳපාන’ , ‘හිඟන කොල්ලා’ ඒ නවකතාය. මේ අතරට තවත් එකතුවන අලූත්ම නවකතාව වන්නේ ‘විජයබා කොල්ලයයි‘.
 
 ‘විජයබා කොල්ලය‘ නවකතාවක් ලෙස නිකුත් වූයේ 1938 වසරේ. ‘කැලෑ හඳට‘ පමණක් දෙවැනි වූ ‘විජයබා කොල්ලය‘ මේ වන විට විසිපස් වතාවක් මුද්‍රණය කර ඇත.
 
 vijayaba2

 

ඩබ්ලියු. ඒ. සිල්වාගේ විජයබා කොල්ලයත් අපට සිනමා තිරයෙන් දැක බලා ගැනීමේ වාසනාව උදාකරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. නිෂ්පාදනය එච්.ඞී.පේ‍්‍රමසිරි ගෙනි. ‘විජයබා කොල්ලය’ අධ්‍යක්‍ෂවරයා මෙන්ම අතිරේක දෙබස් සහ ගේය කාව්‍ය රචකයාද වන්නේ සුනිල් ආරියරත්නයන්ය. මේ වන විට එහි නිර්මාණ කටයුතු අවසන්ය.
 
 vijayaba3

”අවුරුදු අසූවක් පරණ වුණත් ‘විජයබා කොල්ලය‘ තවමත් කතා රසයෙන් අනූනයි. මෙහි නූතන මට්ටමක් තිබෙනවා. නීලමනී, නයනානන්ද සහ අසංග යන චරිත තුන දහසය වැනි සියවසේ පෘතුගීසීන් ලංකාවට ආ කාලය, විජයබා රජතුමාගේ පාලනය සමග ඉතාමත් අපූරුවට මේ කතාව ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් විසින් ඉදිරිපත්කර තිබෙනවා.” යැයි සුනිල් ආරියරත්නයන් පවසා සිටී. චිත‍්‍රපටයට කළ ආයෝජනය ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
 
 ‘අපි මේ සඳහා විශාල මුදලක් ආයෝජනය කළා . මගේ ‘කුස පබා’, ‘පත්තිනි’ සහ ‘යශෝධරා’ තරම් දැවැන්ත චිත‍්‍රපටයක් තමයි ‘විජයබා කොල්ලය’. මේ දැවැන්ත නිෂ්පාදනයට උර දුන්නේ එච්.ඞී.පේ‍්‍රමසිරි මහතායි. එබඳු නිෂ්පාදකවරු නැත්නම් මෙබඳු දැවැන්ත චිත‍්‍රපට කරන්න වෙන්නේ නැහැ. මේ කතාව මෙතෙක් ඉතිරිව තිබුණේ එහි අයිතිය බුද්ධි කීර්තිසේන මහතා විසින් පවරාගෙන තිබූ නිසායි. තිස්ස අබේසේකරයන් ලවා මෙහි තිර නාටකයත් සකසා කිර්තිසේන මහතා සතුව තිබුණා. බුද්ධිට වගේම ඔහුගේ පුතා බූඩිටත් මම කෘතඥ වෙනවා ඔවුන් සතුව තිබූ මේ මාහැඟි නවකතාව මට ලබා දීම ගැන. මම අ.පො.ස. සාමාන්‍ය පෙළට පංති කාමරයේ හැදෑරුවේ ‘විජයබා කොල්ලය’. සාමාන්‍ය පෙළ පංති කාමරයේදී කළ පොත චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න මටම අවස්ථාව ලැබීම ඉතා කලාතුරකින් කෙනෙකුට ලැබෙන වරප‍්‍රසාදයක්.
 
 ‘විජයබා කොල්ලය’ නිර්මාණය කර තිබෙන්නේ නවීන තාක්‍ෂණය යොදා ගනිමින් බවයි මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේ.
 
 ‘විජයබා කොල්ලය’ ත‍්‍රිමාණ නැත්නම් ත‍්‍රී ඞී චිත‍්‍රපටයක් ලෙසයි තිරගත වෙන්නේ. මින් පෙරත් සිංහල චිත‍්‍රපට ත‍්‍රිමාණව පෙන්වීමේ අත්හදා බැලීම් කළා. ඒ අත්හදා බැලීම්වලදී චිත‍්‍රපටය ත‍්‍රිමාණ කළේ එහි රූගත කිරීම් අවසන් කළ පසුව. ඒත් ‘විජයබා කොල්ලයේ ’ විශේෂත්වය වන්නේ චිත‍්‍රපටය මුලූ රූගත කිරීම් කාලය තුළ ත‍්‍රිමාණ ශිල්පීන් දර්ශන තලයේ රැුඳී සිටිමින් ඔවුන්ගේ ත‍්‍රිමාණ ප‍්‍රක්ෂේපණයට උචිත ලෙස රූගත කිරීම් මෙහෙයවීමයි. එනිසා මා හිතනවා සැබෑ ත‍්‍රිමාණයෙන් යුත් පළමු චිත‍්‍රපටය වන්නේ ‘විජයබා කොල්ලයයි’. අඩුම වශයෙන් ත‍්‍රිමාණ පිටපත් පහළොවක්වත් ප‍්‍රදර්ශනය කළ හැකි වේවි කියා හිතනවා. අපි සිනමා ශාලා හැත්තෑ පහක පමණ ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පහළොවක් ත‍්‍රී ඞී තාක්ෂණයෙන් පෙන්වනවා. ඒ වගේම ස`දහන් කළ යුතුයි මින් පෙර මගේ චිත‍්‍රපට සියල්ලේම ශබ්ද කටයුතු කළේ ඉන්දියාවේ. මේ චිත‍්‍රපටයේ පළමුවරට ශබ්ද කටයුතු අපේ රටේ ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප‍්‍රවීන් ජයරත්න ළඟ තමයි කළේ. මට ඉන්දියාවේ ලද අත්දැකීම් හා සමානවම සාර්ථක අත්දැකීම් ඩිල් ශබ්දාගාරයෙන් ලැබුණා.
 
 ‘විජයබා කොල්ලය’ කැමරාව චන්න දේශප‍්‍රිය. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප‍්‍රිය, අංග රචනා හර්ෂ මංජුල, දෘශ්‍ය ප‍්‍රයෝග බුඞී කීර්තිසේන, වස්ත‍්‍රාභරණ වෙනුක වික‍්‍රමාරච්චි, නාද සැලසුම්කරණය කාවිංග ගිහාන් පෙරේරා, නිෂ්පාදන කළමනාකරු නිමල් විජේසිරී සේනාධීර, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඞී.රංජිත් කුමාර, ගීත ගායනය උමාරියා සිංහවංශ සහ ශනුක වික‍්‍රමසිංහ, තිස්ස අබේසේකරගේ තිරනාටකය. නිෂ්පාදනය සරසවි සිනෙරු වෙනුවෙන් එච්. ඞී. පේ‍්‍රමසිරි, සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත‍්‍රී, චන්දු හපුතන්ත‍්‍රී සහ චාන්දි හපුතන්ත‍්‍රී, හේමාල් රණසිංහ (නයනාන්ද*, සෙනාලි ෆොන්සේකා (නීලමනී*, අශාන් ඩයස් (අසංග*, චුලක්ෂි රණතුංග (හමිතුම්මා*, හාන්ස් බිල්මෝරියා (පරංගි සෙන්පති* සහ මරියොන් වෙත්තසිංහ රංගනයෙන් එක්වෙති. ප‍්‍රවීණ නළු රවින්ද්‍ර රන්දෙණියගේ බිරිඳ ප‍්‍රීති රන්දෙණිය අවුරුදු හතළිහකට පසුව මෙම චිත‍්‍රපටයේ ර`ගපාන්නීය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles