Divaina - දැකල පුරුදු කෙනෙක් ගැන දැකල පුරුදු කෙනෙක්ගෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

dakala555
 
 මුහුණු පොතේ සැරිසරදී අපූර්ව සටහනක් දුටුවෙමි. ඒ මේ දිනවල තිරගතවන මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක් ’ ගැනය. සටහන ලියා තිබුනේත් දැකල පුරුදු කෙනෙකි. එහෙත් ඔහු සිය සටහන අවසන නම සඳහන් කර තිබුනේ ”කොමර්ෂල් නළුවා” යනුවෙනි. මින් පෙර ඔහු ලියූ මෙවන් සටහනක් කිසිදා දැක නොතිබිණි. මෙය අවංකව සිය හදවතින්ම තැබූ සටහනක් බව බැලූ බැල්මට පෙනී යයි. ජනප‍්‍රිය සම්මානනීය නළු හේමාල් රණසිංහ ඔහුගේ මුහුණු පොතේ තබා තිබූ සටහන අපි සිනමා පිටුවට ගෙන ආවෙමු. මේ හේමාල්ගේ අදහසයි.
 
 ‘‘දැකල පුරුදු කීපදෙනෙක් එකතු වෙලා කරපු මරු වැඩක් බැලූව. ලොකු කතන්දර ඕන නෑ, වැඬේ ඇත්තටම මරු.
 
 සමහර film බලල එළියට එනකොට අල්ලන Mic වලට මොනවද කියන්නේ කියල lock වෙන වෙලාවල් කොච්චර තියෙනවද? ඒත් මේක බලල එනකොට ඇත්තටම lock වුනා, වෙන හේතුවකට නෙමෙයි, මුලූ කාලයම ගතකළේ film එකේ ඒ ඒ Characters එක්ක, ඒ plot එකත් එක්ක තනි තනිවම තර්ක කරගන්න ගමන්.
 
 භූපති Script එකේ වටිනාකම හොඳින් පෙන්නල තියෙනවා, බිමල්, සමාධි තම තමන්ගේ  Characters වලට කොච්චර සාධාරණයක් කරාද කියනව නම්, Film එකේ අවසානය වෙනකම් දෙන්නාගෙම පැත්තෙන් උත්තර හොයන්න ඔවුන් අපිව උනන්දු කරවනවා. ඒ විතරක් නෙමෙයි Film එකට තෝරගෙන තිබුණු අනිත් හැම Character එකක්ම පුදුම සාධාරණයක් කරල තිබුන, හරියට Script එක ලියනකොට භූපති එයාලව ඔලූවේ තියාගෙනම ලියල වගේ (එහෙම තමයි වෙන්න ඇත්තේ).
 
 මේ හැමදේම මේ විදියට දකින්න විඳින්න පුලූවන් වුණේ මලිත් හොඳ සංයමයකින් ඉතාම සියුම් තැන් හරියට Direct කරපු නිසාම විතරමයි...
 
 පොඞ්ඩයි ලියන්න ගියේ..මෙච්චරක් ලියවුණා..තව කියන්න ගොඩක් තියෙනවා..ඒවා ඕන නෑ, ඒකට Film එක බලන්න.. ඊට පස්සේ ඕන නම් හොඳ නරක කතාකරමු..ඒක ලේසියි..
 
 මොකද, මම ලියන්න හරි කම්මැලියි...
 
 තව දෙයක්, අර සම්භාව්‍ය 5 වන මණ්ඩලයද මොකද්ද කියන label එක නැති කළේ අපරාදේ, මොකද, මලිත්ලා, භූපතිලා මෙච්චර දක්ෂ Actors ලා එක්ක කරපු වැඬේ දැන් ඉතින් Market කරන්න වෙන්නේ කලවං කරපු audience එකකටනේ, ඒක මම හිතන්නේ film එක කරන එකටත් වඩා අමාරු වෙයි. ඒත් ඒකත් ජයගන්න ලැබේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා.. දැන් නම් හොඳටම ඇති..Film එක බලන්න..
 
 මීට,
 Commercial නලූවා..

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles