Divaina - ලෝක නාට්‍ය දිනයදා ජයලාල් රෝහණගෙන් අලූත් වැඩක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

jayalala135ලෝක නාට්‍ය දිනය මෙම 27 වැනිදා. මේ නිමිත්තෙන් අපේ රටේ ද වේදිකා නාට්‍ය කේෂත‍්‍රයේ සිටින අය විවිධ වැඩසටහන් සිදු කරනවා. ඒ අතර සිදුවන සුවිශේෂී කටයුත්තක් ගැනයි මේ සටහන.
 
 ජයලාල් රෝහණ කියන්නේ වේදිකාවට මෙන්ම රූපවාහිනියට ද ආගන්තුකයෙක් නොවේ. ඔහු මේ මාධ්‍ය දෙකේම සිය හැකියාවන් පෙන්වන ප‍්‍රවීණයෙක්. මෙම 27 වැනිදාට යෙදෙන ලෝක නාට්‍ය දිනයට සමගාමීව ජයලාල් අලූත් වැඩකට අත ගසයි.
 
 මොකක්ද මේ...?
 
 ”මේක වෙනසක්..බොහෝ අවස්ථාවලදී මට මුණ ගැහෙනවා රාජ්‍ය හා පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්. ඒ අය කියනවා අපි හරි ආසයි කලාවට එන්න...රඟපාන්න... ඒත් මේ රස්සාව නිසා අපිට අපේ හැකියාවන් පෙන්න ගන්න බැහැ කියලා. මෙන්න මේ අය වෙනුවෙන් සහ අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවන්ට ප‍්‍රායෝගික දැනුම බෙදා දෙන්නත් මම අලූත් වැඩක් සැලසුම් කළා...”
 
 සැලසුම විස්තර කළොත්....?
 
 වෘත්තිකයන් එකතු කරගෙන නාට්‍යයක් නිපදවීම තමයි පළමු කටයුත්ත... ඒ වගේම නාට්‍ය හා රංග කලාව පිළිබ`ද අවබෝධය ලබාදීමත් සිදු කෙරෙනවා... මේ වැඬේ ආරම්භ කරන්නේ ලෝක නාට්‍ය දිනය දවසේ... 27 වැනිදා. ජාති ආගම් කුල භේද නැහැ... ඕනෑම වෘත්තිකයකුට විවෘතයි. එන්න බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයට (නාඩා* එදා උදේ අටට. තැන හොයාගන්න පහසුයි...කොළඹ විශ්වවිද්‍යාලය අසල ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ග‍්‍රහලෝකාගාරය ඉදිරිපිට.
 
 මෙතැනදි මොනවද වෙන්නේ....?
 
 අපේ වැඩපිළිවෙළේ පළමු සාකච්ඡුාව. සනත් ගුණතිලක, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සරත් කොතලාවල, රොඞ්නි වර්ණකුල, මාලි ජයවීරගේ, ජනක රණසිංහ, ඩබ්ලිව්. එස්. විජේසිංහ වැනි ප‍්‍රවීණයනුත් සහභාගි වෙනවා. දැනටමත් වෛද්‍යවරුන්, නීතිඥ මහත්වරුන් මේ වැඬේට එකඟත්වය පළ කරලා තියෙනවා.
 
 ඔබ පැවසුවා උසස් පෙළ දරුවන් ගැනත්..?
 
 ඔව්...අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවන්ට නිසි ප‍්‍රායෝගික දැනුමක් ලබාගන්න තැනක් නැහැ. ඒත් විභාගයේදී ඒ අයට ප‍්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. මේ දරුවන්ටත් ආරාධනා කරනවා. අපිත් එක්ක වැඩකරන්න එන්න කියලා.
 
 මෙය මුදල් අයකරන වැඩක්ද..?
 
 නැහැ... නොමිලේ කරන්නේ. ඒත් ශාලා ගාස්තුව සහ පිටින් දේශකයෙක් ගෙන්නුවොත් ඔහුව හිස් අතින් යවන්න බැරි නිසා පොඩි ගෙවීමක් කරන්න වෙනවා. මේ වියදම මට පෞද්ගලිකව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි සියලූම දෙනා එකතුවෙලා මේ මුදල දරා ගැනීමේ වැඩපිළිවෙළක් ගැනත් 27 වැනිදාට කතාබහ කර ගන්නවා. ඒ ඇරෙන්න මේක මුදලට කරන පාඨමාලාවක් නෙවෙයි. පාඨමාලාව මම නොමිලේ කරන්නම්. සෑම මසකම පෝය දවසේ තමයි පාඨමාලාව කරන්න තීරණය කළේ. ඉතිං මේ වැඬේට කැමති අය පමණක් මෙම 27 වැනිදා උදේ 8.00 ට නාඩා එකට එන්න කියලා මා ආරාධනා කරනවා...

 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles