Divaina - ගොවි අරගලයේ ඊළඟ පිම්ම පාර්ලිමේන්තුව වැටලීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

re11 1වී කිලෝවේ සහතික මිල වැඩිකර දෙන ලෙස රජයට බල කරමින් දියත් කෙරෙන ගොවි අරගල මුහුකුරා යමින් තිබෙනු පෙනෙන්නට තිබේ. පසුගියදා පොලොන්නරුවේ ගොවි නායකයන් එක්‌ව මාධ්‍ය හමුවක්‌ කැඳවමින් කියා සිටියේ වී කිලෝවේ සහතික මිල වහාම වැඩි නොකළහොත් ගොවීන් සිය දහස්‌ ගණනක්‌ කොළඹට එක්‌රැස්‌ කර පාර්ලිමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය වටලන බවයි. ඒ සඳහා දීප ව්‍යාප්ත මට්‌ටමින් ගොවි ජනතාව ඒකරාශී කිරීමට සංවිධානය කරන බව ද ඔවුහූ කීහ.
 
 නාඩු වී කිලෝවක මිල රුපියල් 50 දක්‌වාත්, සම්බා වර්ගයේ වී කිලෝවකට රුපියල් 55 දක්‌වාත්, රජයේ සහතික මිලක්‌ ලබාදෙන ලෙසයි ගොවීන්ගේ ඉල්ලීම වී ඇත්තේ. මේ වෙනුවෙන් පසුගිය දිනවල රට පුරාම ගොවි උද්ඝෝෂණ පැවැත්වුණු බව ද ඊට රජය යහපත් ප්‍රතිචාරයක්‌ නොදුන් නිසා ගොවීන් ඒකරාශී කර කොළඹට කැඳවා පෙර කී අන්දමට ගොවි විරෝධය පළ කිරීමට තීරණය කළ බව ද ගොවි නායකයෝ කියා සිටියහ. තමන් රජයට මේ ඉල්ලීම යොමු කරන්නේ ගොවියා තම ප්‍රශ්නවලින් මිරිකී හෙම්බත්ව ගොවිතැන අත්හැර දැමීමට සූදානම්ව සිටින ඉතාමත් තීරණාත්මක මොහොතක බව එහිදී පෙන්වා දුන් පොලොන්නරුවේ ගොවි නායකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය තම සාධාරණ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර ඊට නිසි විසඳුම් ලබාදිය යුතු යෑයි ද ප්‍රකාශ කළහ. ඉදිරියේදී රටේ පවත්වනු ලබන කුමන ආකාරයේ මැතිවරණයකදී වුව ද ගොවි ජනතාව තීරණාත්මක බලවේගයක්‌ ලෙස පෙළ ගස්‌වන බව කී ඔවුහූ මේ රටේ ගොවි ජනතාව ලක්‍ෂ 20 ක්‌ පමණ සිටින හෙයින් ඔවුන් සහ ඒ අයගේ පවුල්වල ඡන්ද පිළිබඳව අමතක කර දමා කිසිවකුටත් කටයුතු කළ නොහැකි බව ද පෙන්වා දුන්හ.
 
 මේ මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දැක්‌වූ ගොවි නායකයන් කියා සිටියේ පසුගිය කන්නයේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ කුඹුරු අක්‌කර 60,000 ක්‌ පමණ කීඩෑ හානි සහ වෙනත් වසංගත රෝග හේතුවෙන් විනාශ වූ බවත් ඒ සඳහා කිසිදු වන්දි මුදලක්‌ ගොවීන්ට ලබාදීමට රජය ක්‍රියාකර නොමැති බවයි. ඒ හේතුවෙන් මේ මාස්‌ කන්නයේ බොහෝ ගොවීහු තම අඹු දරුවන්ගේ කනකර රන් ආභරණ පවා උකස්‌කර පොලියට ණය ලබාගෙන කුඹුරු වගාකර තිබෙන බව කීහ. මේ දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාවට තමුන් ගොවිතැනේදී මුහුණ දෙන කාලීන ගැටලු ප්‍රශ්න රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තිබෙන දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීම පවා දැන් පැවැත්වෙන්නේ මෙතෙක්‌ පැවති ආකාරයට මාසයකට වතාවක්‌ නොව මාස දෙකකට වරක්‌ යෑයි ද එය පොලොන්නරුවේ ගොවීන්ට කර තිබෙන බලවත් අසාධාරණයක්‌ බව ද එහිදී පෙන්වා දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් ද තමන්ගේ දැඩි විරෝධය මෙහිදී පළ කරන බව ද ගොවි නායකයෝ කියා සිටියහ.
 
 අතීසාරයට අමුඩ ගැසීම හෙවත් අලි මිනිස්‌ ගැටුමට පැලැස්‌තර ඇලවීම
 
 රජරට බිමේ අලි මිනිස්‌ ගැටුම් පිළිබඳව නෑසෙන දිනයක්‌ නොමැති තරම් ය. සිය පාරම්පරික නිජබිම්, වාසභූමි අහිමිව සරණාගත තත්ත්වයට පත්ව සිටින අලි ඇතුන් ප්‍රමුඛ සතා සීපාවාගේ විලාපය වෙනුවෙන් විවර වන දෙසවන් විරලය. ජන සමාජයේ බොහෝ දෙනා එහිදී නෑසූ කන් ඇතිව ක්‍රියා කිරීමේ එක්‌ ප්‍රතිඵලයකි. වර්තමානයේ මේ දින දින ඉහළ යන අලි මිනිස්‌ ගැටුම් වනජීවී කලාප පවා නොමනා මිනිස්‌ ක්‍රියාකාරකම් සඳහා නිදහසේ දිගේලි වී තිබෙන මෙකල එහි උරුමකරුවන් වන වනජීවීන් අනතුරේ බැව් අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ සියල්ල හමුවේ නිරතුරුව බැට කන්නේ පීඩා විඳින්නේ බලපුළුවන්කාරයන් නොව අහිංසක ජනතාවම බව නොරහසකි.
 
 අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ තලාව හා තඹුත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් ගම්මාන රැසක ජනතාව දැනට කාලයක පමණ මුහුණ දෙන අලි හිරිහැරවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් අනුරාධපුර පාදෙණිය මාර්ගය අවහිර කරමින් තලාව ජයගඟ පාලම අසලදී උද්ඝෝෂණයක නිරත වූයේ ඉකුත් සඳුදා (11 දා) දිනයේයි.
 
 දිනෙන් දින කිසිදු අඩුවකින් තොරව අලින්ගෙන් ජන ජීවිතවලට එල්ලවන හිරිහැර තර්ජන හේතුවෙන් තම ගම්මානවල ජීවත්වීම පවා අසීරු කරුණක්‌ බව උද්ඝෝෂණයට එක්‌ව සිටි ගම්මාන 10 ක පමණ ජනතාව කියා සිටියහ.
 
 ඒ ජනතාව මහ මඟට බැස සිය විරෝධය පළ කිරීමට ආසන්නතම සිදුවීම ලෙසට පෙන්වා දුන්නේ පසුගිය දිනයක සවස්‌ කාලයේම ගම් වැදුණු අලියකු විසින් බිලිගත් බව කියන මිනිස්‌ ජීවිතයකි. තම කුඹුරට ගොස්‌ ආපසු නිවස බලා එමින් සිටි ගොවියකු අලියාගේ පහර කෑමට ලක්‌ව මරු දැක තිබිණි. හෙතෙම ගොවියකු පමණක්‌ නොව ප්‍රදේශයේ ගොවි නායකයකු බව ද දැනගන්නට ලැබිණි.
 
 උද්ඝෝෂකයන් සන්සුqන් කිරීමට ප්‍රදේශයේ දේශපාලනඥයන්, පොලිස්‌ නිලධාරීන් පැමිණ උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. පසුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා විරෝධතාකරුවන් හමුවට පැමිණ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට ඉක්‌මනින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව ඒ පිරිස විසිර ගියහ. එහෙත් මේ අලි මිනිස්‌ ගැටුම්වලට තිරසර විසඳුම් ලබාදීම කෙරෙහි නිසි අවධානය යොමු නොකර පැලැස්‌තර පමණක්‌ පිළියම් ලෙස තෝරා ගැනීම අතීසාරයට අමුඩ ගැසීමක්‌ වැනිය යන්න නොකියාම බැරිය.
 
 ජගත් කාන්තා දිනය දා පොලොන්නරුවේ කතුන් දහසක්‌ මහ පාරේ
 
 ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඉකුත් 08 වැනිදා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඈත දුෂ්කර ගම්මානවල වෙසෙන කාන්තාවෝ දහසකට අධික පිරිසක්‌ හිඟුරක්‌ගොඩදී වීදි බැස විරෝධතාවක යෙදී සිටිනු දක්‌නට ලැබිණි. ඊට තේමා වී තිබූ කාරණය වූයේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් ඔවුන් විසින් ලබාගෙන තිබෙන ණය මුදල් නැවත ආපසු ගෙවා ගැනීමට නොහැකිව ණය බරින් පීඩිතව සිටින හෙයින් රජය මැදිහත්ව ඒ ණය අහෝසි කළ යුතුය යන්නයි. ගම්බද කාන්තාවන් බොහෝ දෙනකු මේ ණය ලබාගෙන ඇත්තේ ගොවිතැන් කටයුතු සඳහා බවත් පසුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ වගා පාලුවීම් නිසා ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වී අන්ත අසරණභාවයට දැන් පත්ව සිටින බව ද එහිදී කියෑවිණි. ණය බරිතභාවය හේතුවෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ද ඇතුළුව මුළු රටේම මේ වනවිට 170 දෙනකු අකාලයේ ජීවිතවලින් සමුගෙන තිබෙන බව එහිදී හෙළිදරව් විය. මෙය බරපතළ සමාජ ව්‍යසනයක්‌ හෙයින් රජය මේ සඳහා නොපමාව මැදිහත්ව ඊට නිසි විසඳුමක්‌ ලබාදිය යුතු බව ද උද්ඝෝෂණයට එක්‌ව සිටි කාන්තාවෝ එක හඬින්ම කියා සිටියහ.
 
 පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් ගම්මාන රාශියක ජනතාව මේ උද්ඝෝෂණ පෙළපාලියට එක්‌ව සිටි අතර ඔවුන් අතරේ ඉස්‌මතුව කියෑවුණු සටන් පාඨයක්‌ වූයේ කාන්තාවන් සඳහා ගොවි බැංකුවක්‌ ආරම්භ කරන්නැයි යන ඉල්ලීමයි. ක්‌ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ඉහළ පොලී අනුපාත මත මේ අටවා ඇත්තේ ණය උගුලක්‌ බව දැන් තමන් අවබෝධ කරගෙන සිටින බව ද ඒ කාන්තාවෝ කියා සිටියහ.
 
 උතුරු මැද පාසල් හැමදාමත් ලෙඩින්
 
 ලෙඩ නිවාඩු දමා ගුරුවරු පාසල් නොපැමිණීම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම රජරට පළාතේ පාසල්වල ද කටයුතු ඊයේ (13 දා) දිනයේ අඩපණ වූ බව නොරහසකි.
 
 අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින බරපතළ කඩාවැටීම් සහ වර්තමානයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුහුණදී තිබෙන ගැටලුවලට පිළියම් ලබා නොදී රජය අනුගමනය කරන නිහඬ පිළිවෙතට විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව එය සංවිධානය කළ ලංකා ගුරු සංගමය කියා සිටී.
 
 උතුරු මැද පළාතේ පාසල්වල ගුරුවරුන් 16,000 ක්‌ පමණ සේවය කරන අතර පාසල් ගණන 815 ක්‌ පමණය. අනුරාධපුර, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ක දෙකටම පොදු වූ ප්‍රශ්නයක්‌ ලෙස ඒ පාසල්වල පවතින ගුරු හිඟය ප්‍රමුඛ ය. එය දිනෙන් දින උග්‍රවනු හැර පිළියම් යෙදෙන බවක්‌ ඈත මානයක හෝ පෙනෙන්නට නොමැති බව ද කියති. මේ හේතුවෙන් බොහෝ පාසල්වල ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ ද ගුරුවරුන් ද දැඩි දුෂ්කරතා අත්විඳින බව ද රහසක්‌ නොව ඉතා ප්‍රකටය. දුෂ්කර කලාපයේ නියමිත සේවා කාලය සම්පූර්ණ කර තමන්ට හිමි ස්‌ථාන මාරු ලැබ මේ දිස්‌ත්‍රික්‌කවලින් නික්‌ම යන ගුරුවරුන්ගේ ගණන ද සෑම වසරකම පාහේ ඉහළ යමින් තිබෙන අතර ඒ පුරප්පාඩු පිරවීමට ද රජය, අධ්‍යාපන බලධාරීහු ඇතුළු සියලු වගකිවයුත්තෝ අසමත් ය. ඒ අනුව බලන කල ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසලට නොපැමිණි ඊයේ (13 දා) පමණක්‌ නොව අනෙක්‌ දිනවලත් බොහෝ විට උතුරු මැද පළාතේ පාසල්වල කටයුතු අඩාල බැව් තතු දත් උදවිය පෙන්වා දෙති.

p11 166
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles