The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

MM Divaina 365x90 S

UPali


bud135මේ දිනවල අප සමාජය තුළ කතාබහට ලක්‌වී ඇති ප්‍රධාන මාතෘකාවක්‌ වී ඇත්තේ බෞද්ධ භික්‌ෂුව මත උසාවි අධිකරණ බලය ඇත්තාවූ ආකාරයි. ආදියේ සිටම මෙරට ගිහි නීති හා පැවිදි නීතිය යනුවෙන් වර්ග දෙකක්‌ විය. ගිහි නීතිය සැකසුණේ බිම් මට්‌ටමේ ගම් සභාවේය. අනතුරුව දසගම, දනව්ව, රට, රජු ආදී ලෙස ඉහළට ඉහළට විශාල ප්‍රදේශයන් කරා ගොස්‌ අන්තිමට මුළු රටේම රජු වෙත ගමන් කර එම නීති ක්‍රියා කිරීමේ විධායක බලය රජුට පැවරුණි. අනතුරුව විධායක බලය රජුගෙන් පහළට රට, දනව්ව, දසගම, ගම ආදී ලෙස ක්‍රියාත්මක විය.
 
පැවිදි නීති සැදුණේ විනය පිටකයෙනි. එම විනය නීති කඩකළ භික්‌ෂූන්ට විරුද්ධ සංඝ අධිකරණය මගින් විනිශ්චය කර සුදුසු මානසික දඬුවම් දෙන ලදී. බුද්ධ ශාසනයේ ශාරීරික දඬුවම් නොවීය. බ්‍රහ්ම දණ්‌ඩනය නොහොත් අන් අය වරදකරු සමඟ කතා නොකර ඉඳීම නිදසුනක්‌ ලෙස දැක්‌විය හැක. දානය පිළිගන්වන පුද්ගලයාගේ චර්යාවන් වැරදි නම් භිéQන් තම පාත්‍රය නොපිට පෙරළීම තවත් දඬුවමකි. මේවා ශාරීරික දඬුවම් නොවේ.
 
 1815 න් පසු ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ වීම සමඟ ආගන්තුක වූ ඉංග්‍රීසි නීති අප මත බලහත්කාරයෙන් පටවන ලදී. නීතියකට යම් පුද්ගලයකු යටත් වන්නේ එම නීතිය ඔහු විසින් පිළිගතහොත් පමණි. ඉංග්‍රීසීsන් ඇතුළු යුරෝපීය ක්‍රිස්‌තියානින්ට අනුව ළදරුවෙකු ඉපදී සත් දිනෙන් බෞතිස්‌ම කෙරේ. බෞතීස්‌මය යනු නිදහසේ උපන් දරුවා මත දෙවියන්ගේ ආධිපත්‍යය තැබීමයි. ඉන්පසු මුළු ජීවිත කාලය තුළම ඔහු දේව ආධිපත්‍යයට යටත්ය. ඊට හේතුව නම් මිනිසා මැව්වේ දෙවියන් විසින් වීම නිසාය. නමුත් බෞතිස්‌ම නොකළාවූද දෙවියන් හෝ බයිබලය නොපිළිගන්නාවූද බෞද්ධයාටත් 1815 න් පසු ඉංග්‍රීසි අධිකරණ නීති උසාවි හා විනිසුරුවන් පිළිගන්නට විය. මෙය සිදුවූයේ කෙසේද? නමුත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය හමුවේ කවුරුත් ඒ ගැන ප්‍රශ්න නොකළහ. අභියෝග නොකළහ.
 
 ප්‍රශ්න නොකර බලහත්කාරයෙන්ම පිළිගන්වා තිබූ දේ ප්‍රශ්න කළ දිනට දුර්වල වී අසරණවේ. 1517 දී ෙ-සුයිට්‌ නිකායික පූජකයෙකු වූ මාර්ටින් ලූතර් තමන් විසින් දේවධර්මය (බයිබලය) ඉගැන් වූ ජර්මනියේ විට්‌න්බර්ග් විශ්ව විද්‍යාලයේ දී ක්‍රිස්‌තියානිය ප්‍රථම වරට ප්‍රශ්න කළේය. විශ්වවිද්‍යාල දැන්වීම් පුවරුවේ ප්‍රශ්න 90 න් යුත් ලියවිල්ලක්‌ ඔහු ඇණ ගසා සවි කළේය. දෙවියන් වහන්සේ බයිබලය, ෙ-සුතුමා, වතිකානුව, පාප්තුමා, කතෝලික සභාව යන මේ සියල්ල එමගින් ප්‍රශ්න කෙරුණි. බලධාරීන්ට ඊට ප්‍රමාණවත් පිළිතුරු සපයන්න නොහැකි විය. එබැවින් එම පළමු වෙඩි මුරය සමඟින් විවිධ ප්‍රොතෙස්‌තන්ත්‍ර නිකායක්‌ හා ආගම් ඇතිවුණි.
 
 ඒ අතර ප්‍රංශයේ කැල්වින්ගේ දේශනය ප්‍රධාන විය. 1734 දී එංගලන්තයේ 8 වැනි හෙන්ද්‍රි රජුට කැතරින් කුමරිය සමඟ ස්‌පාඤ්ඤයෙන් ලැබුණ දැවැද්ද වූ නැව් හමුදාව ආපසු භාරදෙන ලෙස වතිකානුව මගින් නියම කළේ කුමරිය දික්‌කසාද කළ නිසාය. ඊට උරණ වූ හෙන්රි කිං කතෝලික සභාවෙන් කැඩී ගොස්‌ කිං ප්‍රධානියා වන එංගලන්ත සභාව ඇරඹීය. 8 වැනි හෙන්රිට එදාවූ අකරතැබ්බයක්‌ අද ලංකාවේ ආණ්‌ඩු බලය ට ඒමේ නීතිය වී ඇත. වතිකානුවේ පාප්තුමා අත්හල විට 8 හෙන්රිට දේව උරුමය හා රාජ්‍ය බලය ලබාදෙන්නේ කවුද? කපටියකු වූ 8 වැනි හෙන්රි අලුත් දහමක්‌ දේශනා කළේය. දෙවියන් විසින් තමන් සමානත්වයෙන් මිනිසා මැවූ නිසා දෙවියන් හා මිනිසුන් සමානය. එබැවින් එම කැමැත්ත මාගේ මිනිසුන්ගෙන් ලබාගනිමියි කියා නොයෙක්‌ තෑගි භෝග හා වරප්‍රසාද දී රදළ ප්‍රධානීන්ගේ කැමැත්ත ලබාගන රාජකීය උරුමය ස්‌ථිර කරගනී. මහජන ඡන්දයෙන් රාජ්‍ය නායකයා හා පාර්ලිමේන්තුව බලයට පත්විය යුතුය යන ලංකාවේ මේ නීතිය එම අකරතැබ්බයෙන් 8 හෙන්රි ගොඩ ආ උපාය මාර්ගයයි.
 
 මෙරට බෞද්ධ ජනතාවට හා භික්‌ෂුන්ටද දැනගැනීමට අවශ්‍ය කරුණක්‌ වී ඇත්තේ උපසම්පදා භික්‌ෂුවට, සාමණේර භික්‌ෂුවට හා ගිහි බෞද්ධයාට ඉංග්‍රීසි අධිකරණ නීති, උසාවිය හා විනිශ්චයකරුවන් මගින් නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකාරී බලය ලැබුණේ කවදාද? කෙසේද? කාගෙන්ද? කොහේදීද? යන ප්‍රශ්නයන්ය. එංගලන්තය යනු අවසාන ආක්‍රමණිකයාගේ නිත්‍ය බලය හා සංස්‌කෘතිය ශේෂ වන්නාවූ රටකි. ලංකාව එසේ නොවේ. ආරම්භයේ සිට 1815 දක්‌වා එකම නීතිය බලය හා සංස්‌කෘතිය මෙරට පැවතුණි. ලංකාව එංගලන්ත කිංට යටත්වීම නිසා ඉංග්‍රීසි කිංගේ කැමැත්ත ලංකාවේ නීතිය බව බ්‍රවුන්රිග් පැවසුවද එය ඔහුගේ පෞද්ගලික වාචාල කියුමක්‌ පමණි. නීතිය පදනම් වන ඉංග්‍රීසි මූලධර්ම ඇත. ඒ දෙවියන් විසින් මිනිසා මැවීම හා දේව කැමැත්ත නීතිය ලෙස සැලකීමේ මූලධර්මයයි. බෞද්ධ ලංකාවට එය ආදේශන නොවේ. ලංකාව ඉංග්‍රීසින් විසින් අල්ලා ගැනීම නිසා යථාර්ථය නොහොත් ලෝක ස්‌වභාවය වෙනස්‌ නොවීය. ඇතැමුන් පවසන පරිදි ගිවිසුමකින් එංගලන්ත කිංගේ ආධිපත්‍යය අප පිළිගත් නිසා එම කිංගේ කැමැත්ත රටේ නීතිය වන්නේය. නමුත් මහනුවර ගිවිසුම සීමාවන්නේ එහි සඳහන් කාරණා 12 ට මිස 3 වැනි ජොර්-ගේ පූර්ණ ආධිපත්‍යයට නොවේ. එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉටුකළ කොටස 3 ජෝර්- කාර්යයට පැවරීමට පමණි. අපගේ නීති පැවතුණේ පිළිගත් සිරිත් ලෙසටය. එබැවින් "සිංහලේ රජ සිරිත් නොකඩවා පවත්වන්නට ඕනෑය" යනුවෙන් ගිවිසුම අද පත් කළේ සිංහල පාලන නීති (සිරිත්) අනුව රට පාලනය කළයුතු බවය.
 
 ගිවිසුමේ 5 වැනි වගන්තියෙන් කියෑවෙන්නේ "බුද්ධ ශාසනයද දෙවාගම්ද කඩකළ නොහැකි පරිදි පවත්වන්ඩ ඕනෑවෙන සහ එකී කටයුතුද සංඝයාද විහාරස්‌ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරéd කරන්ඩත් ඕනෑය" යනුවෙනි. ඉංග්‍රිසි අධිකරණ ක්‍රම උසාවි හා විනිශ්චයාකාරවරුන් ලවා භික්‌ෂූන් විනිශ්චය කිරීමට මීට පටහැනි නොවන්නේද? මේ රජය විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි. නමුත් දඬුවම් ලැබේවි යන බිය නිසා ඒ කිසිවක්‌ ප්‍රශ්න නොකරති. එසේ ප්‍රශ්න නොකිරීම ඒ සියල්ල පිළිගෙන සම්මතවීමක්‌ නොවේ.
 
 1815 මහනුවර ගිවිසුම අද වලංගු නැති බවත් ඉංග්‍රීසි පාලනය 1948 දී අවසන් වූ බවත් ඇතැම් දැනුම මඳ නීතිවේදීහු තර්ක කරති. නමුත් නියෝජිත නීතිය අනුව (ඛ්අ Aටැබජහ) එක්‌ අයෙකුගේ කායH_යක්‌ ඔහුගේ අවසරය හෝ නියෝගය අනුව තවත් අයෙකු විසින් කරන්නේ නම් එය නියෝජිත කටයුත්තකි. (Aටැබඑs Adසඩසඑහ) 1815 මහනුවර ගිවිසුම බ්‍රවුන්රින්ග් විසින් 1818 නොවැම්බර් 21 දිනට ලිතව (Deජක්‌ර්එසදබ) කඩකරන ලදී. ඔහු ප්‍රකාශ කර සිටියේ ඉංග්‍රීසිනට මෙරට පරමාධිපත්‍යයට හිමි බව හා ගිවිසුමේ දෙවැනි පාර්ශ්වය වන "සිංහලේ රටවැසියා" මෙතැන් සිට හුදු යටත් විජිතවාසීන් පමණක්‌ බවය. මෙය බ්‍රවුන්රිග් විසින් අහංකාර ලෙස සැකසූ හිතුවක්‌කාර පුද්ගලික ලියවිල්ලක්‌ මිස වෙනත් යමක්‌ නොවේ. නමුත් කිංග් ඒජන්ත වූ ආණ්‌ඩුකාරයා විසින් කළ මෙම ලිත ප්‍රකාශනය ලන්ඩන් යටත් විජිත කාර්යාලය විසින් අනුමත කිරීම නිසා එය මහා බ්‍රිතාන්‍යයේ ගිවිසුම් කඩ කිරීමකි. ගිවිසුම අවසන් කළ පසු දෙවැනි පාර්ශ්වය වූ සිංහලේ රටවැසියාට රටේ පාලන බලය නොලැබිණි. එංගලන්ත ඉංග්‍රීසි නීතියට හා ලංකාවේ වලංගු රෝම ලන්දේසි නීතියට අනුව ගිවිසුම අවසන්වීම හා සමඟම රටේ පාලනය සිංහලේ රටවැසියා නමැති එම දෙවන පාර්ශ්වයට අයත්වේ. එසේ නුවූ නිසා 1818 නොවැ. 21 දින සිට 1948 පෙබරවාරි 4 දක්‌වා බ්‍රිතාන්‍ය අධිරාජයා විසින් පැනවූ නීති, කරන ලද පරිපාලනය, දෙන ලද දඬුqවම් ඇතුළත් ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ කටයුතු නීත්‍යනුකූලද නැද්ද යන්න තීරණය කළ යුතුව ඇත.
 
 1948 දී ලබාදුන් ස්‌වාධීනතාවය (ෂබාeචැබාeබජැ) යනු තුන් තේරවිල්ලකි. ස්‌වාධීනත්වය ලැබුවේ රට හා ජනතාවද? නැතිනම් ලංකාවට ලබාදුන් වෙස්‌ට්‌ මිනිස්‌ටර් වර්ගයේ පාර්ලිමේන්තුව එංගලන්ත වෙස්‌ට්‌මිනිස්‌ටර් මවු පාර්ලිමේන්තුවෙන් බැහැර වූ ස්‌වාධීන පාර්ලිමේන්තුවක්‌ද? ස්‌වාධීනතා ප්‍රකාශය කළ ග්ලොස්‌ටර්හි ආදිපාදවරයා කියා සිටියේ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් ස්‌වාධීන වූ පාර්ලිමේන්තුවක්‌ ලබාදුන් බව පමණි. රටට හා ජනතාවට ස්‌වාධීනව බව (නිදහස) ලබාදුන් බවක්‌ නොකියවුණ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු නියෝග කිරීමකි. 1948 දී ලබාදුන් සෝල්බරි ව්‍යවස්‌ථාව නිදහස දීමක්‌ නොවේ. නමුත් ජනතාව රැවටීම සඳහා එදා ආණ්‌ඩුව විසින් නිදහස්‌ උත්සව වාර්ෂිකව පැවැත්විණ. අද පෙබරවාරි 4 ජාතික දිනය වී ජාතික දින උත්සව පැවැත්වේ.1972 මැයි 21 මෙම සෝල්බරි ව්‍යවස්‌ථාවේ ඉස්‌පිලි පාපිලි කීපයක්‌ වෙනස්‌කර ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කරන ලදී. එහි පිටකවරයේ ඇති නාමය වන "ç ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව" දඩමීමා කරගෙන සිංහල නමැති ජාතිකත්වය වෙනුවට "ç ලාංකික"නමැති අලුත් ජාතිකත්වයක්‌ රජය හා ජනමාධ්‍ය විසින් ව්‍යවහාරයට ගන්නා ලදී. ç ලංකික යනුවෙන් භාෂාවක්‌ නැතිව ç ලාංකික යනුවෙන් ජාතියක්‌ පැවතිය හැකිද? ලොව තවත් රටක එබඳු ජාතියක්‌ ඇත්ද? සිංහලයන් ජාතික දිනය හා ජාතික උත්සවය වූ සිංහල අලුත් අවුරුද්ද කෙසේ හැඳින්විය යුතුද? වසර 6000 ට පෙර අප විසින් බැබිලෝනියාවටද ගෙන ගිය සිංහලයාගේ ජාතික කොඩිය වූ සහ 1815 දී යටපත් කළ සිංහ කොඩියට විරුද්ධව 2015 දී නඩු දෙකක්‌ පවරා විභාගයට නොගෙන පවතී.
 
 1948 දී වෙස්‌ට්‌මිනිස්‌ටර් වර්ගයේ අනුකාරක පාර්ලිමේන්තුවක්‌ ලබාදුන්නේ "සිංහලේ රටවැසියා" නමැති 1815 ගිවිසුමේ දෙවැනි පාර්ශ්වයට නොවේ. ඉංග්‍රීසින් විසින් මහත්වූ ආයාසයෙන් සිංහල සිංහල හා මලබාර් කලවම් කර නිර්මාණය කළ ඉංග්‍රීසි උගත්කම් ඇති ජනගහනයෙන් 1්‍ර කට නොවැඩි උගත් හා වරප්‍රසාද සහිත කොමදොaරු පන්තියටය. එම උගත් පංතියට (eකසඑe ජක්‌ss) බලයට ඒමට අවශ්‍ය ඡන්දය දීම සඳහා සිංහලේ රටවැසියාට ඡන්ද බලය ලැබුණි. පරමාධිපත්‍යයෙන් තොර ඡන්ද බලය සැලකෙන්නේ උපාය මාර්ගයක්‌ ලෙස පමණි. මුදලාලි විසින් පුහුණු කළ මැනේජර්ට ව්‍යාපාරය භාරදී මුදලාලි ගෙදර ගොස්‌ විශ්‍රාම සුවයෙන් ඉඳීමට මෙම "නිදහස්‌ද" සමානය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉංග්‍රීසින්ගේ වීම නිසා සිංහලේ රටවැසියාට ඊට යටත්වීම මිස වෙනත් කළ හැකි දෙයක්‌ නොවීය. අවුරුදු 70 ක්‌ ගතවී 2018 දීද එය එසේමය. දේශපාලන පාර්ශ්වය එසේ වෙද්දී 1970 සිට ලංකාව හැසිරවෙන්නේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවලින් ෂගඵගFල ෂගඊගRගෘල (ලොAක බැංකුව), උග්‍යගධල FගAගධල ෂගෂගඵගෂල ෂගඛගධල ඹගභගෘගඡල ඹගභගෑගඡල ඹගභගෑගීගCගධල ෂගCගRගCල උගFගඡල EගීගCගAගඡ ආදී ලෙස දුසිම් 1 1/2 පමණ වන නියෝජිත ආයතන වලිනි.
 
 නීතිය සම්බන්ධ දේව ආධිපත්‍යය ලංකාවේ සමාජය තුළ තදින්ම ඇත. නඩුවක සාés දෙන සාésකරුවෙකු බයිබලයේ අතගසා දිවුරුම් දී සාés දිය යුතුයි. දැන් බෞද්ධයාට එය අවශ්‍ය නැත. දිවුරුම් ප්‍රකාශය තවමත් දෙවියන්ගේය දෙවියන් නමින් කරන ප්‍රකාශය අයත් දෙවියන්ටය. රාජ්‍ය සේවයේදී මෙය ගැටලුවකි. රජයේ කාර්යාලයකට ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය අනිවාර්යයෙන්ම එම ප්‍රධානියා විසින් භාරගත යුතුය. එය දෙවියන්ගේ නීතියකි. හදිසියේ නිවාඩු නොගෙන මැද පෙරදිග රැකියාවට ගියවිට "නොදන්වා සේවයට නොපැමිණීම නිසා සේවය හැරයැම" නිවේදනය නිකුත් කෙරේ. අවුරුදු දෙකකට පසු ආපසු විත් තමා මානසික රෝගයකින් පෙළුණ බවට ව්‍යාජ වෛද්‍ය සහතිකද සහිතව දිවුරුම් පෙත්සමක්‌ දුන්විට වෛද්‍ය සහතික හෝ දිවුරුම් ප්‍රකාශ බොරුව ඔප්පු කිරීමට නොහැකි නිසා ආයතන ප්‍රධානියා විසින් එය අනිවාර්යයෙන් භාරගත යුතුය. දේව ප්‍රකාශය එතරම්ම බලවත්ය. භාර නොගතහොත් ආයතන ප්‍රධානියාට විරුද්ධව නඩු පැවරිය හැක. ත්‍රස්‌තවාදී ක්‍රියා බහුල වී යාපනයේ හා උතුරු පළාතේ කාර්යාල ගිනි තැබීමෙන් පසුව අදාළ ලිපිගොනු විනාශ වී ඇති බව කියමින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත්කර කිසිදින රාජ්‍ය සේවයේ නොයෙදුන අය විශ්‍රාම වැටුප් ලබන බව අසන්නට ඇත.
 
 බෞද්ධ භික්‌ෂූන්ට හා ගිහි බෞද්ධ ජනතාවටද ප්‍රශ්නයක්‌ වී ඇත්තේ පළමුව සංඝ විනය හා සංඝ අධිකරණයන්ගෙන් සංඝයා වහන්සේගේ වැරදි විනිශ්චය කර දඬුවම් කිරීම අවුරුදු දහස්‌ ගාණක්‌ සම්මතව පැවැති අතර එය ඉංග්‍රීසි අධිකරණ ක්‍රමවලට උසාවි හා විනිසුරුවරුන්ට මාරුවුණේ කෙසේද යන්නයි. දෙවැනිව සිංහල සිරිත් නීති වලට අනුව නඩු අසා දඬුවම් කළ ලංකාවේ ඉංග්‍රීසි නීති උසාවි හා විනිසුරුවන්ට එම බලයේම, මාරුවුණේ කවදාද යන්නයි. ඉහත සඳහන් කළ බ්‍රවුන්රින්ගේ අහංකාර පරවශ ප්‍රකාශය හැරුණ විට (එංගලන්ත කිංගේ නීතිවලට අප යටත් විය යුතු බව) වෙනත් යමක්‌ ඉතිහාසය තුළින් සොයාගත නොහැක.
 
 එබැවින් බුද්ධශාසන අමාත්‍යාංශය හෝ අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රජයේ ආයතනයක්‌ ඉදිරිපත් වී උපසම්පදා භික්‌ෂුවකට එරෙහිව නඩු ඇසීමට නීතියට, උසාවියට හා විනිසුරුවන්ට බලය ලැබුණුq අවස්‌ථාව පෙන්වා දෙන්නේ නම් මැනවි. එමෙන්ම වැරදිකරු වී සිරගත කළ භික්‌ෂුවකට දේව නියෝජිතයා වන කිං විසින් සමාවක්‌ දිය හැකි අතර මහජන ඡන්දයෙන් අවුරුදු 6 ට පත්වූ ජනාධිපතිවරයාට එම හැකියාව ලැබේද? මහජන ඡන්දයෙන් පත්වී මොහුට දෙවියන්ගේ නියෝජිතයා විය හැකිද? බෞතිස්‌ම නොවූ අයෙකුට දේව වරම හා දේව උරුමය හිමිද යන්නද විස්‌තර කරදීම ඉතා වටනේය.
 
 ආචාර්ය සූරිය ගුණසේකර

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

suminda250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles