Divaina - දේශගුණය වෙනස්‌ වේවි..... ලෝක ජනතාවටම හදිසි තත්ත්වයක්‌ ගැන විද්‍යාඥයෝ 11000 ක්‌ අනතුරු අ`ගවති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


desagunaya555
 
 
 සමස්‌ත ලෝකය දේශගුණික හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවට නිගමනය කළ පර්යේෂණයක්‌ විද්‍යාඥයින් 11000 කින් පමණ සමන්විත කණ්‌ඩායමක්‌ විසින් තහවුරු කරනු ලැබ තිබේ.
 
 වසර 40 ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවය.
 
 ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක්‌ නොකිරීම හේතුවෙන් ලෝකය "අසීමාන්තික මානුෂීය පීඩාවන්ට" මුහුණ පා සිටින බව එම අධ්‍යයනයෙන් පැවසෙයි.
 
 පර්යේෂකයන් පවසන්නේ, මෙම තර්ජනයේ පරිමාණය පිළිබඳව අනතුරු ඇ`ගවීමට ඔවුන් සදාචාරාත්මකව බැඳී සිටින බවය.
 
 චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ගනු ලැබූ දත්ත අනුව පසුගිය ඔක්‌තෝබර් මාසය පෘථිවියේ උෂ්ණත්වය වැඩිම මාසය ලෙස වාර්තා වේ. නව අධ්‍යයනය මගින් පවසන්නේ, පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය පමණක්‌ මැනීම මගින් අධික ලෙස උණුසුම් වන ලෝකයක සැබෑ තර්ජනයන් ග්‍රහණය කර ගැනීම නිසි ලෙස සිදු නොවන බවය.
 
 එහෙයින්, මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයින් විශ්වාස කරන ආකාරයට zzපසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිදු වූ දේශගුණික විපර්යාස පිළිබඳ වැදගත් රූපමය සලකුණුZZ ඇතුළත් කර තිබේ.
 
 මෙහිදී සැලකිල්ලට ගැනුණු දර්ශක අතර, ජනගහනයේ සහ සත්ත්වගහනයේ වර්ධනය, ඒක පුද්ගල මාංශ නිෂ්පාදනය, ගෝලීය වෘක්‌ෂලතා විනාශය මෙන්ම ෙµdසිල ඉන්ධන පරිභෝජනය ද වේ.
 
 ඇතැම් ක්‍ෂේත්‍රවල යම් ප්‍රගතියක්‌ දක්‌නට ලැබිණි. උදාහරණයක්‌ ලෙස සුළං සහ සූර්ය බලය භාවිත කරමින් පුනර්ජනනීය බලශක්‌ති උත්පාදනය දශකයකට 373% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස්‌ තිබේ. එහෙත්, 2018 වසරේ ෙµdසිල ඉන්ධන පරිභෝජනයට සාපෙක්‍ෂ්ව පුනර්ජනනීය බලශක්‌ති භාවිතය තවමත් 28 ගුණයකින් පහළ අගයක පවතී.
 
 පර්යේෂකයින් පවසන්නේ, ඔවුන් සැලකිල්ලට ගත් ප්‍රධාන දර්ශකවලින් වැඩි සංඛ්‍යාවක්‌ වැරදි දිශාව කරා යොමු වෙමින් පවතින අතර එමගින් දේශගුණික හදිසි තත්ත්වයක්‌ ඇති විය හැකි බවය.
 
 zzකාබන් විමෝචනය අඩු කිරීමෙන්, මාංශ නිෂ්පාදන අඩු කිරීමෙන්, ඉඩම් හෙළිපෙහෙළි කිරීම අඩු කිරීමෙන් සහ ෙµdසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමෙන් දේශගුණික විපර්යාසවල බලපෑමට ප්‍රතිචාර නොදැක්‌ වුවොත් දැන් අප අත්විඳින බලපෑම් වඩා දරුණු වෙන්න පුළුවන්. ඒ නිසයි අපි මේක හදිසි තත්ත්වයක්‌ කියන්නේ,ZZ පර්යේෂණයේ ප්‍රධානියෙකු වන සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය තෝමස්‌ නිව්සම් පැවසීය.
 
 zzඒකෙන් අදහස්‌ කරන්නේ මිනිසුන්ට වාසය කළ නොහැකි ප්‍රදේශ පෘථිවියේ තියෙන බවය.ZZ
 
 මෙම පර්යේෂණය දේශගුණික විපර්යාස පිළිබඳ වෙනත් වාර්තාවලින් වෙනස්‌ වන්නේ කෙසේද?
 
 මෙම අධ්‍යයනය මගින් අන්තර්රාජ්‍ය දේශගුණික විපර්යාස පිළිබඳ මණ්‌ඩලය ඇතුළු විද්‍යාඥයින් විසින් වාර්තා කරනු ලැබ ඇති අනතුරු ඇ`ගවීම් බොහොමයක්‌ ප්‍රතිරාවය කරයි. මෙහි පර්යේෂකයින් සිය දර්ශකවල පුළුල් පරාසය පිළිබඳ පැහැදිලි සහ සරල විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කර තිබේ. එමගින් මෙම තර්ජනය කෙරෙහි දක්‌වන ප්‍රතිචාරය දුර්වල වුවහොත් එහි අනතුරුදායකභාවය වඩාත් බරපතළ බවට මහජනතාවට මෙන්ම රජයයන්ට දැනුම් දීමක්‌ සිදු කර තිබේ.
 
 එහි දක්‌නට ලැබෙන තවත් වෙනස්‌කමක්‌ වන්නේ, තත්ත්වය නරක අතට හැරී ඇතත් අපේක්‍ෂාභංගත්වයට පත් නොවිය යුතු බව පෙන්වා තිබීමය. මෙහිදී විශාල වෙනසක්‌ සිදු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ක්‍ෂේත්‍ර 6 ක්‌ පිළිබඳව පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
 
 එම යෝජනා මෙසේය.
 
 Ö බලශක්‌ති( ෙµdසිල ඉන්ධන භාවිතය අධෛර්යවත් කිරීම සඳහා දේශපාලනඥයින් කාබන් ගාස්‌තු පැනවිය යුතුය. ෙµdසිල ඉන්ධන සමාගම් සඳහා සහනාධාර නතර කළ යුතුය. ඛණිජ තෙල් සහ ගෑස්‌ වෙනුවට පුනර්ජනනීය බලශක්‌ති භාවිත කරමින් දැවැන්ත සංරක්‍ෂණ වැඩපිළිවෙළක්‌ ආරම්භ කළ යුතුය.
 
 Ö කෙටි කාලීන දූෂක( මීතෙන්, හයිෙඩ්‍රාµaලොරෝකාබන් ආදී දූෂක ද්‍රව්‍ය සීමා කිරීමෙන් මීළ`ග දශක කිහිපයේ කෙටි කාලීන ගෝලීය උෂ්ණත්වය 50% කින් කපා හැරිය හැකි බව පර්යේෂකයෝ පවසති.
 
 Ö ස්‌වභාවධර්මය( ඉඩම් හෙළිපෙහෙළි කිරීම නතර කිරීම, වනාන්තර සහ කඩොලාන යළි වගා කිරීම මගින් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය අඩු කිරීමට උපකාරී වේ.
 
 Ö ආහාර( පර්යේෂකයින් පවසන්නේ, දැවැන්ත ආහාරමය වෙනසක්‌ සිදු විය යුතු බවය. ඒ, මාංශමය නිෂ්පාදන අවම වශයෙන් පරිභෝජනය කර ශාකමය ආහාර භාවිතය වැඩි කිරීමක්‌ හරහාය. ආහාර නාස්‌තිය අවම කිරීම ද මෙහිදී අතිශය වැදගත්ය.
 
 Ö ආර්ථිකය( කාබන් විමෝචන ඉන්ධන මත පදනම් වූ ආර්ථිකයන් වෙනස්‌ කිරීම. ලෝකයේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම සහ ධනවත් වීම යන සංකල්පවලින් වෙනස්‌ වීම.
 
 Ö ජනගහනය( දිනකට 200,000 කින් පමණ වර්ධනය වන ගෝලීය ජනගහනය ස්‌ථාවර තත්ත්වයක පවත්වාගෙන යැම ලෝකයට අවශ්‍ය වී තිබේ.
 
 මානව ජනගහන වර්ධනයට බලපෑම් කිරීමට උත්සහ කිරීමේ අදහස බෙහෙවින් මතභේදාත්මක අතර එය එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයින් පවා හැසිරවිය නොහැකි තරම් ආන්දොaලනාත්මක බව පෙනී යයි.
 
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles