Divaina - දැව ජාවාරම්කරුවෝ බ්‍රසීල ඇමසන් වනයේ භාරකරු ඝාතනය කරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

amason555බ්‍රසීලයේ ඇමසන් වනයේ භාරකරු යෑයි හැඳින් වූ පවුලෝ පොව්ලිනෝ සහ ඔහුගේ සගයා වූ ලෙවයිසෝ ගුවජාරම්ට නීති විරෝධී දැව ජාවාරම්කරුවන් විසින් වෙඩි තබා ඇත.
 
 මින් මරුමුවට පත් වූ පවුලෝ ප්‍රමුඛ ගෝත්‍රිකයන් 100 ක්‌ ඇමසන් වනය රැකීමේ කටයුතුවලට දායක විය. ඔහුගේ සගයා වෙඩි වැදී තුවාල ලබා පලාගොස්‌ දිවි බේරාගෙන ඇත. මේ පිළිබඳව පරීක්‍ෂණ අරඹා ඇතැයි අධිකරණ ඇමැති සර්ජියෝ මෝරෝ පැවසීය.
 
 මෙය සිදු වුයේ සැන්ට්‌ ලුවිස්‌ නුවර සිට සැතපුම් 310 ක්‌ ඈත ප්‍රදේශයේ බවද ඔහු කීවේය.
 
 ඇමසන් වනය ආශ්‍රිත කලාපයේ ගෝත්‍රිකයන් 5000 ක්‌ සිටින අතර ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා රජය අවි ලබා දී නැත.
 
 මෙම ඝාතනය ගැන බ්‍රසීල ජනපති බොල්සොනාරෝ වගකිව යුතු බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles