Divaina - තායිලන්තයේ අපායේ දිය ඇල්ලෙන් ඇද වැටී මියගිය තවත් අලි පස්‌දෙනකුගේ සිරුරු හමුවෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

fori2- සිරුරු ඉවත් කිරීමට ටොන් 40 ක්‌ බර ඉසිලිය හැකි දැලක්‌

- තායිලන්තයේ අපායේa දිය ඇල්ල නමින් හඳුන් වන දියඇල්ලෙන් ඇද වැටී මියගිය තවත් අලි පස්‌දෙනකු ෙඩ්‍රාaන යානාවක්‌ විසින් සොයාගෙන ඇත.

මේ අනුව විපතට පත් වූ අලි සංඛ්‍යාව 11 කි. මෙම අලි මියගිය හේතුව සෙවීමට පශ්චාත් පරීක්‍ෂණයක්‌ පවත්වන බව තායි වනජීවී නිලධාරීහු පවසති.

දියඇල්ලෙන් වැටී මියගිය අලින්ගේ සිරුරු ඉවතට ගැනීමට ටොන් 40 ක්‌ බර ඉසිලිය හැකි දැලක්‌ භාවිතා කරන බව වනජීවී ප්‍රකාශකයෙක්‌ පැවසීය. මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මියගිය අලි 11 ක කණ්‌ඩායම එකම අලි රැලකට අයත් වූවන් වේ.

මුලින් අලි 6 කගේ සිරුරු හමුවීමෙන් පසු වනජීවී නිලධාරීහු ෙඩ්‍රාaන යානාවක්‌ දියඇල්ලේ පතුලට යවා නිරීක්‍ෂණය කිරීමේදි තවත් අලි පස්‌දෙනකුගේ සිරුරු හමු විය. 1992 වසරේදී ද මෙම අපායේ දියඇල්ලෙන් වැටී අලි අටක්‌ මරුමුවට පත්වූහ.

මේ අතර තායිලන්තයේ අලි ඇතුන් 7000 ක්‌ සිටින බව අනාවරණය වේ.

මෙම අලි ඇතුන්ගෙන් දිවි ගලවා ගත් අලි පැටවුන් දෙදෙනාට ආරක්‍ෂාවීම සහ ආහාර සොයා ගැනීම දුෂ්කර වන බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම විපත ගැන තායි මාධ්‍ය පැවසුවේ මේ සිද්ධිය පවුලෙන් බාගයක්‌ නැතිවීමට සමාන බවයි. මෙය ඉතාමත් ශෝකජනක සිද්ධියක්‌ බවද තායි මාධ්‍ය කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles