Divaina - ආසියාවේ පැතිරෙන උග්‍ර විෂ සහිත දිලීරය ඕස්‌ටේ්‍රලියාවෙනුත් හමුවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

orange
 
 ලෝකයේ මෙතෙක්‌ හමුවී ඇති මාරාන්තික දිලීර වර්ගවලින් එකක්‌ පළමු වතාවට ඕස්‌ටේ්‍රලියාවෙන් ද හමුවී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
 
 උග්‍ර විෂ සහිත රතු පැහැති මෙම දිලීර වර්ගය zµයර් කොරල්Z ලෙස හඳුන්aවන අතර, මෙය මෙතෙක්‌ කල් දැකගත හැකි වූයේ ජපානය සහ කොරියාවේ පමණි.
 
 ආසියාවේ වෙනත් ප්‍රදේශයක තිබුණ මෙම දිලීර වර්ගය ඕස්‌ටේ්‍රලියාවේ ක්‌වීන්ස්‌ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවිමත් සමග එහි ව්‍යාප්තිය ගැන "අවධානය යොමු කළ යුතු" බව පරීක්‍ෂකයෝ පවසති.
 
 මෙම දිලීර වර්ගය ආහාරයට ගතහොත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් අකීය වීම මෙන්ම මොළයට හානි සිදුවීමට ඉඩ ඇත.
 
 පාරම්පරික ඖෂධයකට ලබා ගන්නා වෙන්ත දිලීර වර්ගයක්‌ යෑයි වරදවා සිතා මෙම විෂ දිලීරයෙන් පානයක්‌ සකසා පරිභෝජනය කිරීමෙන් මියගිය පුද්ගලයන් ගැන ජපානය සහ දකුණු කොරියාවෙන් වාර්තා වී තිබේ.
 
 ඡේම්ස්‌ කුක්‌ විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂකයන් පවසන පරිදි මෙම දිලීර වර්ගය ඇල්ලීමෙන් පමණක්‌ ද ශරීරය ඉදිමීම, දැවිල්ල සහ චර්ම රෝගවලට ගොදුරු විය හැකිය.
 
 "පරීක්‍ෂකයන් හඳුනා ගෙන තිබෙන සිය ගණනක්‌ විෂ සහිත හතු වර්ග අතර, පුද්ගලයකුගේ සම තුළින් ශරීරයට විෂ ඇතුළු වන එකම වර්ගය මෙයයි. " ආචාර්ය මැට්‌ බැරෙට්‌ පැවසීය.
 
 zකැන්ස්‌Z නගරය ආසන්නයේ පිහිටි වැසි වනාන්තරයක තිබූ මෙය ප්‍රදේශවාසියකු ඡායාරූපගත කර ඇති අතර එම ඡායාරූපය මගින් අදාළ දිලීර වර්ගය හඳුනා ගෙන තිබේ.
 
 චීනය, තායිලන්ත සහ පැපුවා නිව්ගිනියාවේ ද මෙම දිලීර වර්ගය දුටු බව වාර්තා වී ඇතැයි ආචාර්ය මැට්‌ බැරෙට්‌ පැවසුවේය.
 
 වසර දහස්‌ ගණනකට පෙර මෙම දිලීරයේ බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි ඔහු සැක පහළ කරන්නේය.
 
 "බිම්මල් සොයා යන විශාල පිරිසක්‌ ඕස්‌ටේ්‍රලියාවේ දකින්න නැහැ.... ඒ නිසා මේ වෙනකම් මෙය සොයාගත හැකි වුණේ නැහැ." ඔහු බීබීසී වෙත පැවසීය.
 
 මෙම දිලීරය ඇතුළු මින් පෙර නොදුටු වර්ග විස්‌සක්‌ පසුගිය සය මස තුළ ඕස්‌ටේ්‍රලියාවෙන් සොයාගැනීමට හැකිවූ බව ඔහු තවදුරටත් පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles