Divaina - තායිලන්ත විනිසුරුවරයෙක්‌ අධිකරණය තුළදී වෙඩි තබා ගනියි; හේතුව පෞද්ගලික ආතතියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

thayi

 

රටේ අධිකරණ පද්ධතියට එරෙහිව ඉතා දුර්ලභ ප්‍රකාශයක්‌ සිදු කොට තායිලන්ත විනිසුරුවරයකු අධිකරණය තුළදී වෙඩි තබා ගත්තේය.
 
 මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ලවී සිටි මුස්‌ලිම් පුරුෂයන් පස්‌ දෙදෙනකු පසුගිය සිකුරාදා නිදොස්‌ කොට නිදහස්‌ කළ කනකොන් පියන්චනා නම් එම විනිසුරුවරයා, ඉන් අනතුරුව ප්‍රකාශයක්‌ කරමින් වඩාත් සාධාරණ අධිකරණයක අවශ්‍යතාව අවධාරණය කළේය.
 
 ඉන් අනතුරුව අධිකරණයේ නීත්‍යනුකූල දිවුරුම කියෑවූ ඔහු පිස්‌තෝලයක්‌ එළියට ගෙන සිය පපුවට වෙඩි තබා ගත් බව වාර්තා වේ.
 
 කෙසේ වෙතත් එහිදී විනිසුරුවරයාගේ දිවි බේරුණු අතර. රෝහල් ගත කෙරුණු ඔහු මේ වනවිට සුවය ලබමින් සිටියි. විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ලියන ලදැයි විශ්වාස කරන සටහනකින් ඇඟවෙන්නේ ඔහුගේ මෙම දිවි නසා ගැනීමේ උත්සාහය සහ මෙම නඩුවට එල්ලවූ බව සැලකෙන ඇඟිලි ගැසීම් අතර යම් සම්බන්ධයක්‌ තිබිය හැකි බවය.
 
 දකුණු තායිලන්තයේ කැරළිකාරී තත්ත්වයක්‌ පවතින පළාතක්‌ වන zzයාලZZ හි පිහිටි අධිකරණයක මෙම විනිසුරුවරයා සේවය කළේය.
 
 මිනීමැරුම් සහ ගිනි අවි වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ පස්‌දෙනකු නිදොස්‌ කොට නිදහස්‌ කිරීමෙන් පසුව ඔහු ආවේගශීලී ප්‍රකාශයක්‌ කරමින් අධිකරණය ඇමතීය. එය ෙµaස්‌බුක්‌ ඔස්‌සේ ද සජීවී ලෙසින් විකාශය කෙරිණ.
 
 "යමෙකුට දඬුවම් කිරීම සඳහා ඔබට පැහැදිලි සහ විශ්වසනීය සාක්‍ෂි අවශ්‍යයි. ඔබට විශ්වාස නැත්නම් ඔවුන්ට දඬුවම් නොකරන්න," ඔහු පැවසීය.
 
 "විත්තිකරුවන් පස්‌දෙනා අපරාධ ෙ නාකළ බව මම නොකියමි. ඔවුන් ඇතැම් විට අපරාධ කරන්නට ඇති."
 
 "නමුත් අධිකරණ ක්‍රියාවලිය විනිවිද පෙනෙන සුළු හෝ විශ්වාසනීය විය යුතුයි... වැරදි පුද්ගලයන්ට දඬුවම් කිරීම යනු ඔවුන් බිලිදීමක්‌."
 
 පසුව ෙµaස්‌බුක්‌ සජීව විකාශය නවතා දැමූ නමුත් අධිකරණයේ සිටි පුද්ගලයන් ප්‍රකාශ කර සිටියේ හිටපු තායි රජුගේ පින්තූරයක්‌ ඉදිරිපිට අධිකරණයේ දිවුරුම කියවා පිස්‌තෝලයක්‌ ගෙන විනිසුරුවරයා තමාටම වෙඩි තබාගත් බවය.
 
 විනිසුරුවරයා වහාම රෝහල්ගත කෙරිණ.
 
 විනිසුරු "පියන්චනා" සිය දිවි නසා ගැනීමට උත්සාය කළේ ඇයිද යන්න සම්පූර්ණයෙන් පැහැදිලි නැත.
 
 අධිකරණයේ ප්‍රකාශක "සූරියන් හොංවිලයි" ඒඑස්‌පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විනිසුරුවරයා තමාටම වෙඩි තබා ගැනීමට හේතුව " පුද්ගලික ආතතිය" විය හැකි බවය.
 
 එහෙත් විනිසුරුවරයා ඔහු විභාග කළ නඩුව සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූවා විය හැකි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
 වෙඩි තබා ගැනීමට පෙර විනිසුරුවරයා විසින් ෙµaස්‌බුක්‌හි පළ කළ බව සැලකෙන ප්‍රකාශයක සඳහන් වී තිබී ඇත්තේ සාක්‍ෂි නොමැති වුවද ඔවුන් වැරදිකරුවන් කරන මෙන් බලපෑම් කර ඇති බවය.
 
 " මේ මොහොතේ, රට පුරා ප්‍රධාන අධිකරණවල සෙසු විනිසුරුවන්ට ද මට සැලකූ ආකාරයටම සලකමින් තිබේ." ඔහු සටහන් කර තිබිණි.
 
 "මට දිවුරුමට අනුව අධිකරණයේ කටයුතු කිරීමට නොහැකි නම්, ගෞරවයෙන් තොරව ජීවත් වීමට වඩා මිය යැම යහපති."
 
 විනිසුරුවන් විසින් අධිකරණ පද්ධතිය විවේචනය කිරීම තායිලන්තයේ අතිශය දුර්ලභ කරුණකි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles