Divaina - පකිස්‌තානු මානව හිමිකම් ක්‍රියාකාරිනීය ශ්‍රී ලංකාව හරහා ඇමරිකාවට පලා යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

maanawa222
 
 පකිස්‌තානයේ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ගුලාලායි ඉස්‌මයිල් ඇමරිකා එක්‌සත් ජනපදයට පලාගොස්‌ තිබේ.
 
 විවිධ තර්ජන හේතුවෙන් තම ජීවිතය බේරා ගැනීම සඳහා පසුගිය මාස ගණනාවක්‌ තිස්‌සේ ඇය සැඟව සිටියාය.
 
 පකිස්‌තානයෙන් පිටවිය නොහැකි ලෙස ඇයට තහනමක්‌ පනවා තිබූ අතර ඇය කෙලෙස පැන ගියේ දැයි තහවුරු වී නොමැත.
 
 තිස්‌තුන් හැවිරිදි ගුලාලායි මේ වනවිට තම සොයුරිය සමග නිව්යෝර්ක්‌ නගරයට පැමිණ සිටින අතර, ඇය දේශපාලන රැකවරණ ඉල්ලා ඇත.
 
 වයස අවුරුදු 16 සිට ඇය මානව හිමිකම් උදෙසා සටන් කිරීම ආරම්භ කළාය.
 
 විශේෂයෙන්ම ඇය කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාකිස්‌තානු කාන්තාවන් දැනුවත් කළාය.
 
 ඒ වෙනුවෙන් දෙස්‌ විදෙස්‌ සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.
 
 පාකිස්‌තානයෙන් පිටවීම ඇයට තහනම් කර තිබූ බැවින් වීසා නොමැතිව පකිස්‌තානුවන්ට යා හැකි ශ්‍රී ලංකාවට පැමිණ එතැන් සිට ඇය ඇමරිකාවට ගමන් කර ඇතැයි සඳහන්ය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles