Divaina - ඉන්දීය රජයෙන් ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන... ඉන්දීය රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ඩොලර් බිලියන 20.4 ක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

india135ඉන්දියාවේ තම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා පුද්ගලික සමාගම් වලින් අය කරන බදු අඩුකර තිබේ.
 
 මේ අනුව ලාභය මත ඉන්දියානු සමාගම්වලින් මෙතෙක්‌ අය කළ බද්ද සියයට තිහේ සිට සියයට විසි දෙක දක්‌වා අඩුකර තිබේ.
 
 නව නිෂ්පාදන සමාගම් සඳහා බද්ද සියයට විසිපහේ සිට සියයට පහළොව දක්‌වා අඩු කර තිබේ. ඉන්දීය රජයේ නව තීරණයත් සමග එරට කොටස්‌ වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් වර්ධනයක්‌ සිදුව තිබේ. එසේම ඉන්දීය රුපියලේ අගයද සුළු වැඩිවීමක්‌ සිදුව තිබේ.
 
 මෙම බදු අඩු කිරීම නිසා ඉන්දීය රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ඩොලර් බිලියන 20.4 කි.
 
 ඉන්දියාව ආර්ථික වර්ධනය වේගවත් කර නව රැකියා බිහිකරළීමේ අරමුණින් නව බදු අඩු කිරීම් සිදු කර තිබේ.
 
 සංස්‌කරණය ජනිත සෙනෙවිරත්න

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles