Divaina - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කලබල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fori1බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දැඩි කලබලකාරි තත්ත්වයක්‌ ඇති වී තිබේ.
 
 ඇතැම් මන්ත්‍රීවරු zzනිහඬ කළාZZ යනුවෙන් සඳහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ අතර ඇතැම් දෙනා zzඔබ ගැන ලඡ්ජයිZZ යනුවෙන් ඝෝෂා කළහ.
 
 මෙම සිදුවීම් හටගත්තේ ඔක්‌තෝබර් මාසයේදී හදිසි මහ මැතිවරණයක්‌ කැඳවීමට අගමැති බොරිස්‌ ජොන්සන් ගත් උත්සහය දෙවැනි වරටත් පරාජය වීමෙන් පසුවය.
 
 විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරු ඊට සහය දැක්‌වීම ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන් පවසන්නේ එක`ගතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළක්‌වන නීතියක්‌ ප්‍රථමයෙන් ගෙන ආ යුතු බවය.
 
 හදිසි මහ මැතිවරණයක්‌ සඳහා වූ අගමැතිවරයාගේ යෝජනාවට පක්‍ෂව ඡන්ද 293 ක්‌ ලැබුණ ද එය, අවශ්‍ය තුනෙන් දෙකේ වරමට වඩා ඉතා අඩු සංඛ්‍යාවකි.
 
 කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය වේලාවෙන් අ`ගරුවාදා (සැප්තැම්බර් 10) අලුයම දෙක උදාවීමට පෙර පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබීය.
 
 මීට පෙර තමා තනතුරෙන් ඉල්ලා අස්‌වන බව නිවේදනය කළ කථානයක ජොන් බර්කොව්, පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම සංකේතවත් කරමින් මන්ත්‍රීවරුන් සම`ග පෙළගැසී සාමි මන්ත්‍රී මණ්‌ඩලය වෙත යැමට නියමිතව තිබිණි.
 
 නමුත් විරෝධය පළකළ විරුද්ධ පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඔහුගේ ගමන වැලකීමට උත්සාහ දැරූහ.
 
 රාත්‍රියේදී මන්ත්‍රීවරු සම්ප්‍රදායික වේල්ස්‌ සහ ස්‌කොට්‌ලන්ත ගීත ගයමින් පාර්ලිමේන්තුව තුළම රැඳී සිටියහ.
 
 පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති සති පහ තුළදී පක්‍ෂවලට තම වාර්ෂික සම්මේලන පැවැත්විය හැකි නමුත් කිසිදු විවාදයක්‌, ඡන්දයක්‌ හෝ පාර්ලිමේන්තු කමිටු වාරයක්‌ නොපැවැත්වෙනු ඇත.
 
 එම කාලය නිම වනතුරු අගමැතිවරයා ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු නොදෙනු ඇත.
 
 පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බැවින්, මහ මැතිවරණයක්‌ කලින් පැවැත්වීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්‌ථාවක්‌ නැවත පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙන තුරු, මන්ත්‍රීන්ට නොලැබේ.
 
 ඒ අනුව නොවැම්බර් මාසය වනතුරු මැතිවරණයක්‌ පැවැත්විය නොහැක.
 
 නව රජයක්‌ බලයට පත් වූ විට පාර්ලිමේන්තුව අත්හිටුවීම සාමාන්‍ය දෙයකි. එමගින් මහ රැජිනගේ කතාව හරහා නව නීති සම්පාදන ක්‍රියාවලියක්‌ ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ට අවස්‌ථාව හිමිවේ.
 
 නමුත් මෙවර එහි කාල පරාසය හා තත්කාලීන ස්‌වභාවය, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ මතු කිරීමට හේතු විණි.
 
 පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම නවතාලීම සඳහා අධිකරණය හරහා අසාර්ථක ප්‍රයත්න කිහිපයක්‌ ගැනුණද ඒ පිළිබඳ තීරණය සම්පූර්ණයෙන් රජය සතු වූවකි.
 
 සඳුදා තවත් බොහෝ දේ සිදුවිය.
 
 අගමැතිවරයා තවත් පරාජයක්‌ ලැබීය. එහිදී පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම සහ එක`ගතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන හුවමාරු වූ කරුණු ප්‍රකාශයට පත් කරන ලෙස කෙරෙන ඉල්ලීම් සඳහා මන්ත්‍රීවරු එක`ගතාව පළ කළහ.
 
 එකගතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළකාලන නෛතික කරුණු උල්ලංඝනය කිරීම නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවට අගමැතිවරයාට අවවාද කෙරිණි.
 
 නීතියට අනුකූලව කටයුතු කරන මෙන් රජයට බල කරන යෝජනාවක්‌ මන්ත්‍රීවරුන් විසින් අනුමත කරනු ලැබීය. කම්කරු පක්‍ෂනායක ජෙරම් කෝබින් එම යෝජනාව සභාගත කළේය.
 
 බීබීසී දේශපාලන කර්තෘ ලෝරා කුවෙන්ස්‌බර්ග් පවසන්නේ එම නීතිය අභිබවා යැමට අගමැති කාර්යාලය උත්සහ නොකරනු ඇති නමුත් එයින් ගැලවී යා හැකි මගක්‌ සොයමින් සිටින බවය.
 
 යුරෝපීය සංගමය සම`ග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති කාලය යොදා ගන්නාබව අගමැති ජොන්සන් පවසයි.
 
 zzමගේ අත් බැඳ දැමීමට කුමන ක්‍රමයක්‌ සොයා ගත්තද, රටේ අවශ්‍යතාව වෙනුවෙන් එක`ගතාවක්‌ ලබා ගැනීමට මම වෙහෙසෙනවා.ZZ ඔහු පැවසීය.
 
 zzරජය තවදුරටත් යුරෝපා සංගමයෙන් ඉවත්වීම පමා කරන්නේ නැහැ.ZZ
 
 ඔක්‌තෝබර් 31 වැනිදා එක`ගතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළක්‌වාලන ලෙස සම්පාදිත නෛතික කරුණ නීතිගත වුවහොත්, තමා මැතිවරණයක්‌ සඳහා සහාය දෙන බව කොර්බින් කී බව මන්ත්‍රීවරුන් අමතමින් අගමැතිවරයා පැවසූවේය.
 
 ඔහුගේම තර්කය අනුව, ඔහු දැන් මැතිවරණයට සහාය දිය යුතුයිZZ
 
 නමුත් කම්කරු පක්‍ෂය, ස්‌කොටිෂ් ජාතික පක්‍ෂය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්, හරිත පක්‍ෂය, වෙනසක්‌ සඳහා වූ ස්‌වාධීන කණ්‌ඩායම සහ වේල්ස්‌ ජාතික පක්‍ෂය යන සියල්ලෝ, එකගතාවකින් තොරව ඉවත්වීමේ නීතිය ක්‍රියාත්මක කරන තුරු තමන් මැතිවරණයකට සහාය නොදෙන බව පවසති.
 
 මේ වනවිට අගමැති ජොන්සන්ට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම සඳහා ආසන 20 ක්‌ පමණ අඩුය.
 
 එම නිසා ඔහුට ක්‍රියාශීලී රජය මෙහෙයවාගෙන යැම අපහසු වනු ඇත.
 
 බ්‍රෙක්‌සිට්‌ ප්‍රමාද කරනුවස්‌ ආණ්‌ඩුවට කෙරෙන බලපෑම සඵල වුවත් එය බ්‍රිතාන්‍යයට පමණක්‌ තීන්දු කළ නොහැක. යුරෝපා සංගමයේ සාමාජික රටවල පූර්ණ සහාය ද ඊට හිමි විය යුතුය. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත යැමේ දිනය දීර්ඝ කර ගැනීමට මීට පෙර හැකියාව ලැබිණ.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles