Divaina - ගංවතුර - සුළිකුණාටු ආසියාව වනසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

fori5ඉන්දියාවේ සහ චීනයේ ගංවතුරෙන් හා සුළි කුණාටුවලින් විශාල පිරිසක් මියගොස් තිබේ.
 
 දකුණු හා බටහිර ඉන්දියාවට බලපා ඇති ගංවතුරෙන් මේ වනවිට 140 දෙනකු
 
 මියගොස් තිබේ. මෙයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කේරළයේය.
 
 ජල ගැලීම්වලින් තවත් ලක්‍ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටිති.
 
 මේ අතර චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් තිස් දෙදෙනකු මියගොස් තවත් දහසය දෙනකු අතුරුදන්ව සිටිති.
 
 චීනයේ ෂෙජියාං පළාතේ ලක්‍ෂ දහයක ජනතාවක් අවතැන්ව සිටිති.
 
 නිවාස තිස් හතර දහසක් විනාශ වී ඇති අතර යුආන් බිලියන පහළොවක පමණ අලාභයක් සිදුව තිබේ.

fori6

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles