Divaina - එයාර් කැනඩා යානයේ ට උඩු ගුවනේ සිදුවූ අනතුරින් මගීන් 37 කට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

airbus444
 
 කැනඩාවේ වැන්කුවර් නගරයේ සිට ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගීන් පිරිසක්‌ උඩු ගුවනේදී වායුගෝලයේ සිදුවූ හදිසි කැළඹිලි තත්ත්වයක්‌ හේතුවෙන් තුවාල ලබා තිබේ.
 
 මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ එයාර් කැනඩා ගුවන් සේවයට අයත් බොයිං 777-200 වර්ගයේ ගුවන් යානාවක ගමන් කරමින් සිටි මගීන් පිරිසකි.
 
 සිද්ධියෙන් මගීන් 37 දෙනකු තුවාල ලබා ඇති අතර එයින් නව දෙනකු දරුණු තුවාල ලබා තිබේ.
 
 ඒ අවස්‌ථාවේ 284 දෙනකු යානයේ ගමන් කළ අතර යානය වහාම හවායි දූපත් වෙත හදිසි ගොඩබෑමක්‌ සිදු කර තිබේ.
 
 මේ වනවිට තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිසට හොනලුලුහී හෝටල් ලබාදී තිබේ.
 
 යානය ගුවන් ගත වී පැය දෙකකට පමණ පසු මෙම අනතුර සිදුව තිබේ. එම අවස්‌ථාවේදී එක්‌වරම මගීන් ගුවන් යානයේ ඇතුළත් වහලට විසිවී ගොස්‌ නැවත ආසනයට වේගයෙන් ඇදවැටී තිබේ.
 
 ආසන පටි ගලවා ගෙන සිටි මගීන් ගුවන් යානය තුළ වේගයෙන් පාවී ගොස්‌ තැන තැන ඇදවැටී තිබේ. සිද්ධියෙන් සමහර මගීන්ගේ අත් පා බිඳී ගොස්‌ තිබේ.
 
 මෙය ඉතාම විරල සිදුවීමක්‌ වුව ද මෙවැනි දේ උඩු ගුවනේදී සිදුවිය හැකි බව ගුවන් සේවා ප්‍රවීණයන් පවසා තිබේ.
 
 සංස්‌කරණය
 ජනිත සෙනෙවිරත්න

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles