Divaina - මාලි රාජ්‍යයේ ගම්මානයකට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ 100 ක්‌ මරුට; 19 ක්‌ අතුරුදන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

maalibomb444
 
 මාලි රාජ්‍යයේ සන්හා නුවර අසළ පිහිටි ගම්මානයකට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් 100 කට අධික ගම්වාසීන් මරුමුවට පත්වූහ. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඩොගොන් වාර්ගික ජනතාවටය. මාලි බලධාරින් පැවසුවේ මේ වනවිට සිරුරු 95 ක්‌ සොයාගෙන ඇති බවත් සිරුරු රැසක්‌ බරපතළ ලෙස පිළිස්‌සී ඇති බවත්ය.
 
 ඩොගොන් සහ පුලානි වාර්ගික ජනතාව අතර පසුගිය කාලය මුළුල්ලේම ගැටුම් පැවැති බව මාලි රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 
 මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගම්වැසියන් 19 ක්‌ අතුරුදන් වී තිබේ.
 
 මෙකී ගම්මානය සමීපයේ පිහිටි බන්කාන් නගරයේ නගරාධිපති මවුල්කුගේ ගුයින්ටෝ මාධ්‍ය අමතමින් යතුරුපැදි සහ පිකප් ට්‍රක්‌ රථවලින් පැමිණි දැඩි ලෙස සන්නද්ධ 50 කට අධික ත්‍රස්‌තයන් පිරිසක්‌ මෙම සංහාරය සිදු කළ බව පැවසීය.
 
 මේ සන්නද්ධ කණ්‌ඩායම ගම වට කර ගම්වාසීන්ව මරා දැමුවා යෑයි දිවි ගලවා ගත් අමදු ටොගෝ ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles