Divaina - අයිසිස්‌ සංවිධානය ඊශ්‍රායලයට බයයි - ජර්මන් මාධ්‍යවේදියකු හෙළි කළ බව ඊශ්‍රායලයේ හාරෙට්‌ස්‌ පුවත්පත පවසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fori2අයිසිස්‌ සංවිධානය ලොව රටවල් අතරින් ඊශ්‍රායලයට බය බව ජර්මන් මාධ්‍යවේදී ජර්ජන් ටොඩෙන්හොපර් හෙළි කර ඇත. මේ බව ඊශ්‍රායලයේ හාරෙට්‌ස්‌ පුවත්පත කියයි.
 
 ඊශ්‍රායල් හමුදාව සමග අපට සටන් කිරීමේ හැකියාවක්‌ නැහැ. එම හමුදාව ඉතා බලවත් යෑයි අයිසිස්‌ හමුදා නායකයන් තමාට පැවසූ බව ජර්ජන් ටොඩෙන්හොපර් පළ කළේය.
 
 ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගොඩබිම් හමුදා තමන්ට පරාජය කළ හැකි බවත් එම හමුදාවන්ට ගරිල්ලා සටන් ගැන හෝ ත්‍රස්‌තවාදී උපාය මාර්ග ක්‍රියා ගැන දැනීමක්‌ නැති බව අයිසිස්‌ හමුදා නායකයන් වැඩිදුරටත් පවසා ඇත. අයිසිස්‌ සංවිධානයේ මුල්ම සැලසුම මුළු මැද පෙරදිගම තම පාලනයට ගෙන පසුව බටහිර රටවල් සහ ඉතිරි රටවල් තම පාලනයට ගැනීම බවද ඔවුන් තමා වෙත කියා සිටි බව ජර්මන් මාධ්‍යවේදියා හෙළි කර තිබේ.
 
 ඊශ්‍රායල් හමුදාව ගරිල්ලා සටන් ක්‍රම සහ ත්‍රස්‌තවාදීන්ට එරෙහි උපායමාර්ග දන්නවා. ඔවුන් දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා යෑයි අයිසිස්‌ හමුදා නායකයන් තවදුරටත් පවසා තිබිණි.
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles