Divaina - පර්සියානු බොක්‌කේ තෙල් නැව් හතරක පුපුරන ද්‍රව්‍ය සවිකිරීමේ මෙහෙයුමක්‌ හෙළි වෙයි; ඉරානය සිද්ධියට සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

percian555
 
 ඩුබායි වෙරළ සමීපයේ නතර කර තිබූ සව්දි තෙල් නැව් දෙකක්‌ ඇතුළු නැව් හතරක පුපුරණ ද්‍රව්‍ය සවිකර කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කර ඇති බව ඇමරිකානු ආරක්‍ෂක අංශ කියා සිටී.
 
 මේ නිසා එම නැව්වල සිදුරු ඇති වී ඇත. ඇමරිකානු බලධාරීන් දක්‌වන්නේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියා පසුපස ඉරානය සිටින බවයි.
 
 පුපුරන ද්‍රව්‍යවලින් හානියට පත් එක්‌ නැවක්‌ ඇමරිකාවට තෙල් ගෙන යැම සඳහා සව්දි වරායක්‌ වෙත පැමිණෙන අවස්‌ථාවේ මෙය සිදු වී ඇත.
 
 මෙම වාණිජ නැව්වලට පුපුරන ද්‍රව්‍ය සවි කිරීමෙන් අඩි 10 ක්‌ වූ සිදුරු සෑදී ඇත. එම නැව්වලට සිදු වී ඇති හානිය සොයා බැලීම සඳහා ඇමරිකානු හමුදා කණ්‌ඩායමක්‌ ඩුබායි වෙත පැමිණ තිබේ. පුපුරන ද්‍රව්‍යවලින් හානියටපත් නැව් අතර නෝර්වේ නැවක්‌ ද වේ.
 
 මේ පිළිබඳව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානයට බරපතල විපාක විඳීමට සිදුවන බවයි. මෙම තෙල් නැව්වල පුපුරන ද්‍රව්‍ය සවිකිරීම ගැන සව්දි රජය හෙළාදැක ඇත.
 
 මේ අතර ස්‌කයි නිව්ස්‌ පැවසුවේ ඩුබායි වෙරළ ආසන්නයේ පිපිරීම් සිදු වී ඇති බවයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles