Divaina - බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවතවීමේ දෙවැනි වර යෝජනාවත් පරාදවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

fori4බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට අගමැති තෙරේසා මේ විසින් දෙවැනි වරටත් පෙරේදා (12 දා) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 149 කින් පරාජයට පත්විය.
 
 යෝජනාවට පක්‍ෂව ඡන්ද 242 ක්‌ ද විරුද්ධව ඡන්ද 391 ක්‌ ද ලැබුණි.
 
 විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රධාන පක්‍ෂය වන කම්කරු පක්‍ෂයේ නායක ජෙරමි කෝබින් මහතා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ මෙම පරාජයත් සමඟ අගමැති තෙරේසා මේ විසින් වහාම ඡන්දයක්‌ ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
 
 අගමැති තෙරේසා මේ විසින් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මේ සඳහා මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඒ සඳහා ඔවුනට බලපෑම් නොකළ යුතු බවත් ය.
 
 බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම මෙම මස 29 සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. නමුත් පවතින වත්මන් තත්ත්වය හමුවේ එම ඉවත්වීමේ තීරණයේ අවිනිශ්චිත බවක්‌ මතුව තිබේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles