Divaina - කයිලී ජෙනර්: ලොව ලාබාලතම කෝටිපතිනිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

fori3ෆෝබ්ස් සඟරාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩ නැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ඇමෙරිකානු ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන කයිලී ජෙනර් නම් කර තිබේ.
 
 ජනප‍්‍රිය රංගන ශිල්පිනී කිම් කාඬේෂියන් පවුලේ ලාබාලතමයා වන ඇය මෙතරම් ධනවත් වූයේ, රූපලාවණ්‍ය ව්‍යාපාරය නිසාය.
 
 21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.
 
 ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කෝටිපතියන්ගේ ලැයිස්තුවට එක් වන විට 23 හැවිරිදි වියේ පසුවූ අතර කයිලී එම තත්ත්වයට පත් වූයේ, 21 වන වියේදීය.
 
 ‘‘මම කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. කොහොම වුණත් මේ ලැබුණු තත්ත්වය ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක්,” කයිලී ජෙනර් ෆෝබ්ස් සඟරාවට පැවසුවාය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles