The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

fori2ඇල්ජීරියාවේ උසස්‌ පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ රට පුරා අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර කිරිමට කටයුතු කර තිබේ.
 
 විභාග වංචා නතර කිරීමේ අරමුණින් අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකථන සහ ස්‌ථාවර දුරකථන සේවාවන් විභාගය ආරම්භ වී පැයකට පසු අවහිර කරනු ඇත.
 
 විභාගය පැවැත්වෙන සතිය තුළ වරින් වර මෙසේ අන්තර්ජාල පහසුකම් නතර කිරීමට නියමිතය.
 
 2016 දී සිදුවූ බරපතළ විභාග වංචා හේතුවෙන් මෙම පියවර ගැනීමට එරට රජය තීරණය කර තිබේ. එම වසරේදී විභාගයට පෙර සහ එය පැවැත්වෙන අතරතුර විභාග ප්‍රශ්න අන්තර්ජාලයට මුදා හැර තිබුණි.
 
 පසුගිය වසරේදී විභාගය පැවැත්වෙන කාලය තුළ, සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කටයුතු කර තිබුණත් එය විභාග වංචා සම්පූර්ණයෙන් නතර කිරීමට ප්‍රමාණවත් වූයේ නැත.
 
 කෙසේ වෙතත්, මෙම කාලය මුළුල්ලේම ෙµස්‌බුක්‌ සමාජ ජාල වෙබ් අඩවිය රට පුරා අවහිර කරනු ඇති බව ඇල්ජීරියානු අධ්‍යාපන අමාත්‍යවරිය වන භදමරස්‌ ඊeබටය්ඉරසඑ ඇනාහාර් (Aබබ්ය්ර) පුවත්පතට පැවසීය.
 
 මීට අමතරව, සිසුන්ට සහ පාසල් කාර්ය මණ්‌ඩලයට අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි තාක්‌ෂණික උපකරණ විභාග ශාලාව තුළට රැගෙන යැම තහනම් කර තිබේ. මෙම නීතිය රටපුරා පිහිටුවා තිබෙන විභාග මධ්‍යස්‌ථාන 2000 ක්‌ බලපැවැත්වෙන අතර, ඉලෙක්‌ට්‍රොනික උපකරණ හඳුනාගැනීමේ යන්ත්‍ර විභාග ශාලාවට පිටතින් සවි කිරීමට කටයුතු කර ඇත.
 
 විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණාල නිරීක්‌ෂණ කැමරා සවි කර, ජංගම දුරකථන සංඥා අවහිර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.
 
 ලබන සතියේ දී පැවැත්වීමට නියමිත විභාගයට සිසුන් 700,000 කට අධික සංඛ්‍යාවක්‌ පෙනී සිටීමට නියමිතය.
 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles