Divaina - කියන තරම් නරක නැති ගෙදර චණ්‌ඩියා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

"ග්‍රහ ලොව චණ්‌ඩියා" යන විරුදාවලි ලත් කුජ ග්‍රහයා, අපගේ පෘතුවියට ඉතාම සමීප ග්‍රහයෙකු වන අතර අපට මෙන්ම අඟහරු ලොවට ද දිවා රාත්‍රී එක ලෙසම ඇතිවේ. කුජ ලොවේ එක්‌ දිනක්‌ අපට මෙන් පැය 24 කි. පෘතුවියට ළං වූ විට සැතපුම් 34000000 දක්‌වා සමීප වන කුජ, දුරස්‌ වූ විට සැතපුම් 63000000 පමණ ඈත් වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.
 
 ජ්‍යෙdතිෂයට අනුව කුජ පාපයෙකි. "පාපයා" යනු අයහපත උදාකරන ග්‍රහයාය. එසේ කීවද කුජගෙන් මනුෂ්‍යයා හට කෙරෙන යහපත් බලපෑම නම් සුළු පටු නොවේ. කළු වළාකුලේ රිදී රේඛා ඇතිසේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා විසින් මනුෂ්‍යයා තුළ ආත්ම විශ්වාසය, ඉදිරියට යැමේ ශක්‌තිය, ධෛර්ය තේජවන්ත බව, ඔරොත්තු දීමේ ශක්‌තිය, ස්‌ථීර භාවය, සටන් කාමීත්වය තීක්‍ෂණ ඥානය, නිර්භීතව බව හා දුර දිග සොයා බැලීමේ උනන්දුව වැනි යහපත් සුවිශේෂී ගුණාංග ඇති කරලීම සඳහා ලබා දෙනුයේ ප්‍රබල දායකත්වයකි.
 
 නව ග්‍රහයන් අතරින් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සමහරු සිතන්නේ සිකුරු බලවත් කියාය. සිකුරු විවාහ කාරක යා බව ඇත්තය. නමුත් ලේ ධාතුවට අධිපතීත්වය දරන බැවින් විවාහයේ දී සිකුරුට වඩා කුජ බලවත් බව ජ්‍යෙdතිෂ සිද්ධාන්ත මගින් ඔප්පු කළ හැකිය.
 
 දැරියක්‌ මල්වර වීමේදී ප්‍රධාන වන්නේ කුජගේ භූමිකාව වන අතර විවාහය සඳහා පොරොන්දම් ගැළපීමේදීත් ප්‍රධාන වන්නේ කුජගෙන් යෙදෙන "කුජ දෝෂය" හෙවත් කුජ භෞම දෝෂයයි. එවැනි දෝෂයක්‌ යෙදී තිබෙන කේන්දර පිළිබඳව විශේෂ අවධානයක්‌ විවාහයේදී යොමු කිරීම අතීතයේ පටන්ම සිදුවන්නකි. එමෙන්ම රඡ්ජු පොරොන්දමේ ශීරෝ රඡ්ජුවට වෙන් කර තිබෙන නැකැත් තුනම කුජට අයත් වීමෙන්ම කුජගේ බලය විවාහයේදී කොතරම් බලවත් දැයි සිතා ගැනීමට පුළුවන. ඒ වාගේම ස්‌ත්‍රීන්ගේ මාස්‌ ශුද්ධියට මෙන්ම දරුඵල හටගැන්මට ද කුජ ග්‍රහයාගෙන් සුවිශේෂී බලපෑමක්‌ ඇති බව ජ්‍යෙdතිෂයේ දී තහවුරු වී ඇත.
 
 පොරොන්දම් පරීක්‍ෂණයේදී "භෞම දොaෂ" පිළිබඳව සොයා බලන්නේ විවාහයට කුජ ප්‍රධාන වන බැවිනි. ජන්ම පත්‍රයක කුජ 1, 2, 4, 7, 8 සහ 12 යන ස්‌ථානයක පිහිටා තිබීමෙන් එම ජන්මියාට භෞම දෝෂ බලපාන බව සොයා ගෙන තිබේ. විශේෂයෙන් කුජ හතේ සිටීම පිළිබඳව ද අතීතයේ සිට අපේ ගම්බද ඇත්තන් තුළ ඇත්තේ බියකි. එය අශුභ පිහිටීමක්‌ බවත්, එම නිසා විවාහ ජීවිත අවුල් වන බවට ඔවුන් තුළ මතයක්‌ ගොඩනැඟê ඇත. එය කොතෙක්‌ දුරට සත්‍ය දැයි විමසා බලමු.
 
 කුජ හතේ බලවත් ලෙසින් පිහිටා ඇති ස්‌ත්‍රීන්ගේ වැදගත්ම අංග එකක්‌ වන ළය පෙදෙස පිරිපුන් පයෝධරයන්ගෙන් මෙන්ම ඉණ පෙදෙස පුළුල් උකුලකින් ද සමන්විත වන බව සෘෂිවරු විසින් පෙන්වා දී තිබේ. එය ස්‌ත්‍රීන්ගේ රූප සෝභාව වර්ධනයට මහත් දායකත්වයක්‌ සපයනු ඇත.
 
 හතේ කුජ නරකය කියන කතාවේ සත්‍යයක්‌ නැත්තේ ද නොවේ. කුජ හත්වැන්නේ දී සමීප ඥාතීයා නසන බව ප්‍රකට කරුණකි. එසේ කියන්නට පැරැන්නෝ පෙළඹුනේ මන්ද? හත විවාහය පිළිබඳව කියෑවෙන හා ඒ පිළිබඳව කතා කරන ප්‍රධාන ස්‌ථානය වන අතර එහිදී සමීප ඥාතියා වන්නේ සැමියාගේ නම් බිරිඳය. බිරිඳගේ නම් සැමියාය. එසේ වූවද කුජට ඕනෑ ආකාරයට නෑයා මැරීමට නුපුළුවන. නෑයා කවරකු වූවද උපතින්ම ගෙන ආ පිරිහුන ආයුෂ ඇත්තකු වූවහොත් එසේ වීමට පුළුවන. එවැනි මන්දායුෂ අය හතේ කුජ සිටියත් නැතත් මැරෙනවාමය. එය වළක්‌වන්නට ශක්‍ර දෙවියන්ටවත් බැරිය.
 
 කුජ හතේ සිට පමණින් සැමියා හෝ බිරිඳට විපත් සිදුවන්නේ නැත. එසේ සිදුවීමට නම් තවත් කරුණු කාරණා කිහිපයක්‌ ඊට එකතු විය යුතුමය. එය මරු කපොල්ලක්‌ බවට පත්වන්නේ එවිටය. එසේ නැතිව කුජ පමණක්‌ තනිවම හතේ නෑයා මැරීම කළ නොහැක.
 
 කුජ හතක්‌ සිටියදී හෝ හත පෙනුණ විටදී නියම වයසේ හෝ ඊට කලින් විවාහ දිවියට ඇතුළත් වන ජන්මීන් ප්‍රමාණය වැඩි අගයක්‌ ගනී. බොහෝ විට සිදුවන්නේ ලාබාල විවාහයන්ය. පාසල් යන අවධියේදී රාහු මහ දශාවක්‌ ලද විට කුජ හතේ සිටින අය බොහෝ විට පාසල් දිවියට ආයුබෝවන් කියා විවාහ දිවියට ඇතුළත් වන අවස්‌ථා අපමණය.
 
 කුජ හතේ සිටින ඡන්මීන්ට විවාහය ප්‍රමාදවීම යහපත් නැත. එසේ වීමෙන් විවාහ නොවී සිටීමට ඇති ප්‍රවණතාව වැඩි අගයක්‌ ගනු ඇත. මගේ පර්යේෂණයන්ට අනුව අඩුවයසින් විවාහ දිවියට ඇතුළත් වූ කුජ හතේ සිටින කාන්තාවන් තම සැමියාට දක්‌වනුයේ සිතාගත නොහැකි අන්දමේ ආදරයකි. තම සැමියාට විරුද්ධව වචනයක්‌ හෝ කීමට ඇය ඥාතීන් හටද ඉඩ නොදෙන අතර ඒ වෙනුවෙන් සටන් කිරීමට ද මැළි වන්නේ නැත.
 
 කුජ ලෙයට අධිපතියා බව පෙර සඳහන් කර ඇත. එම හේතුව මතම කුජගෙන් ශක්‌තිමත් බව හා කාම භෝගී බවද නියෝජනය කෙරේ. හත්වැන්න විවාහ ස්‌ථානය, කලත්‍ර ස්‌ථානය වන බැවින් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගිකත්වය ද එම ස්‌ථානයෙන් නියෝජනය වීම රහසක්‌ නොවේ. එම නිසාම අඹු සැමි දෙපළකගේ විවාහ දිවියේ සාර්ථක අසාර්ථක භාවය ද හත් වැන්නෙන් ප්‍රකාශ වනු ඇත.
 
 හැත්වැන්නේ කුජ සිටින පුද්ගලයා සතුව අධික කාම වේගයක්‌ පවතී. එම තත්ත්වය ජන්මියාට ආරෝපණය කරනුයේ වෙනත් ග්‍රහයකු නොව කුජමය. එම අධික කාම වේගය හා කාම පිපාසය සංසිඳවීමට හැකි වන්නේ තවත් එවැනිම හතේ කුජ පිහිටන ලද විරුද්ධ ලිංගිකයකුට පමණී. එනිසා ම හතේ කුජ පිහිටා ඇති කේන්ද්‍ර සඳහා ගැළපෙන්නේ එවැනිම හතේ කුජ පිහිටි කේන්දර බව මගේ විශ්වාසයයි.
 
 එසේ වුවත හතේ පිහිටන ලද කුජගේ බලය හීන වීම තුළින් කුජ හතට කුජ හතේම කේන්දරයක්‌ අවශ්‍ය වන්නේ නැත. නමුත් ගුරුගේ හෝ සිකුරුගේ හෝ ග්‍රහ දෘෂ්ටියක්‌ නොලබා, නීචව හෝ දුර්වලව සිටියහොත් දික්‌කසාදයක්‌ හෝ ද්වේශ සහගත ලෙසින් අතහැර යැමක්‌ සිදුවීමට ඉඩ ඇති අතර එක්‌ අයෙකුගේ මරණය පවා සිදුවීමට එය හේතුවක්‌ වනු ඇත. එසේ සිදුවන්නේ අනික්‌ පුද්ගලයාගේ හතේ කුජ සිටීම නිසාම නොවන අතර මියයන පුද්ගලයාගේ මරණය සඳහා එක්‌ රැස්‌ වූ කේන්ද්‍රීය සාධක සමඟ කර්මය සමපාත වීමෙනි.
 
 කුජ හතේ සිටින අය සමඟ හවුලේ කටයුතු කිරීම තරමක්‌ අපහසුය. තද වචන පාවිච්චි කරන මොවුන්, සමහර විට යමක්‌ ඉදිරිපත් කරන ආකාරයද ආවේගශීලීය. ප්‍රකෝපකාරීය. සමහර දේවල් කටට ආ පලියට කියා දමන්නේ අන් අයගේ සිත් එමගින් රිදෙන බව පිළිබඳවද මොහොතකටවත් නොහිතාය. ආඩම්බරකාරී බවින් යුක්‌ත වන අතර උද්දච්චකම ඇඟ පුරාමය. එලෙසින්ම මහත්තත්වකමද ඇති අතර තමා අන් අයට වඩා උසස්‌ යෑයි නිතර සිතමින් මොනර ලීලාවෙන් ජීවත් වන්නට සිතා ගනී. තමා පිළිබඳව තමා විසින්ම අධිතක්‌සේරුවක්‌ ඇති කර ගැනීම කුජ හතේ සිටින අයගේ ප්‍රධාන දුර්වලකම ලෙස පෙන්වා දිය හැක. කෝප ගැන් වුණ විටදී ඉතාම දරුනු ක්‍රියාවකට හෝ පෙළඹෙන මොවුන් තුළින් එවිට ලොව සිටින භයානකම නපුරා දැකගත හැකිය.
 
 කුජ හතේ සිටින පුද්ගලයන් පිළිබඳව කරන ලද පර්යේෂණයන්වලදී කටක ලග්නයේ ගුරු පිහිටන ලද කේන්දරයක සත්වැන්න වූ මකරයේ කුජ පිහිටා තිබිණි. කටකගේ දී ගුරු උච්ච වුවා සේම හත්වැන්න වූ මකරයේ දී කුජ උච්ච වේ. ඔහු ආකර්ශනීය ප්‍රිය මනාප පුද්ගලයකු වූ අතර ඉතා ධාර්මීක මෙන්ම ත්‍යාගශීලී පුද්ගලයෙකු වූ අතර උසස්‌ මනසකින් යුත් මිත්‍රශීලී අයෙකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන්නෙකි.
 
 එහිදී උච්ච ගුරුගේ සප්තම දෘෂ්ටියට සත්වැන්නේ සිටි උච්ච කුජ ලක්‌ විය. මෙම පිහිටීම "කුජ දෝෂය" නොහොත් "භෞම දෝෂය" සුන්නත් ධූලී කරවන ග්‍රහ පිහිටීමකි. එසේ වූයේ ග්‍රහයන්ගේ බලවත් කම කරණකොටගෙන බව අවිවාදයෙන් පැවසිය හැක. එලෙස කුජ දෝෂය භංග කරවන ක්‍රම රාශියක්‌ ජ්‍යෙdතිෂයේ පෙන්වා දී තිබෙන බැවින් හතේ කුජ දුටු පමණින් "භෞම දෝෂ" ඇතැයි පැවසීමට කලබල නොවීම උගත් ජෙතිෂ්‍යඥයාගේ යුතුකම වේ.
 
 හතේ සිටින කුජ ග්‍රහයාව රවි දුටුවහොත් විවාහයෙන් වෙන් වීම සිදු වේ. ස්‌ත්‍රීන්ගේ හතේ සිටින කුජට වඩා පුරුෂයන්ගේ හතේ සිටින කුජ දරුනු බව පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇති අතර භාර්යාවගේ අකල් වියෝව සඳහා පුරුෂයාගේ හත්වැන්නේ පිsහිටන ලද කුජ වැඩි දායකත්වයක්‌ දක්‌වන බව පර්යේෂණයන් මගින් සනාථ කර ගෙන ඇත. එය ඉතාම නරක තත්ත්වයකි. එවැනි අයට නොයෙක්‌ ආකාරයේ මහජන විරෝධතාවලට මුහුණ දීමට සිදුවන අතර හදිසි අනතුරුවලින් පීඩා විඳීමට ද සිදුවෙයි.
 
 හතේ කුජ සිටින ස්‌ත්‍රීන්ගේ ස්‌වාමි පුරුෂයා තේජවන්ත පෙනුමක්‌ ඇති කීර්තිමත් අයකු වන අතර තම ස්‌වාමි පුරුෂයා හේතු කර ගෙන එවැනි ස්‌ත්‍රීන් ආඩම්බරකාරියක ලෙස සමාජයෙහි බැබළෙනු ඇත. නිර්භීතව සමාජය තුළ ගැවසෙන හතේ කුජ පිහිටන ලද ස්‌ත්‍රීය, පුරුෂාධිපත්‍යය යට කරගෙන නැඟී සිටින අතර දැනුම් තේරුම් ඇත්තියක ලෙස පිරිසකට නායකත්වය පවා දරන්නියක්‌ ද වේ.
 
 ලග්නය තුලාව වී හත් වැන්න වූ මේෂයේ කුජ තැන්පත් වීම ඉතා යහපත්, බලවත් පිහිටීමක්‌ ලෙස සෘෂීහු පෙන්වා දී ඇත. පුරුෂ කේන්දරයේ හතේ සිටින කුජට එක්‌ චින්තන මාරක ස්‌ථානයක්‌ පවතින බව කියා තිබේ. එම මාරක තත්ත්වය උදාකරවීම සඳහා කුජට නිසි බලය ලබා දෙන්නේ, හත අධිපතියාගේ හා චන්ද්‍ර සිකුරු දෙදෙනාගේ ප්‍රති ක්‍රියාවන්ය. හත අධිපතියා කුජට වඩා බලවත්ව සිටිය යුතු අතර සඳු හා සිකුරු හත අධිපතියා අභිබවා සිටීමට සමත් විය යුතුය. ජන්මියාගේ ආයුෂ කාරකයා ඒ අවස්‌ථාවේ දුර්වලව සිටිය යුතුය. චින්තන මාරක ස්‌ථානය" සම්පූර්ණවීමට නම් පහසු අවස්‌ථාවක්‌ උදාවෙතයි මෙතැයි සිතිය නොහැක. ඉහතින් දක්‌වන ලද අවස්‌ථා තුනම සම්පූර්ණ වීම යනු ජීවිත කාලය තුළදී එක්‌වරක්‌ පමණක්‌ අත් විඳීමට ලැබෙන ඉතාම දුර්ලභ මාරක අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැක. වැඩි දෙනෙකුට එවැනි තත්ත්වයකට මුහුණ පෑමට වන්නේ නැත.
 
 හතේ කුජ සිටින කාන්තාව මල්වර වීමත් සමඟ පිරුණ අඟ පසඟ ඇති තැනැත්තියකගේ ස්‌වරූපය ගන්නා අතර අඩු වයසෙන් විවාහ වීමට එයද හේතුවක්‌ වනු ඇත. හතේ කුජ හෙවත් අඟහරු බලවත්ව සිටින කාන්තාවන්ගේ වයසට ගියත් වයස පෙනෙන්නේ නැත. ඔවුන් තමන්ට ස්‌වභාවයෙන් ලැබුණ රූමත් කම තව තවත් ඔප මට්‌ටම් කර ගැනීමට කාලයක්‌, ධනයත් වැය කරන්නේ කිසිම ලෝභ කමක්‌ නැතිවය.
 
 වයසට යන්නට පෙර තුරුණු වියේ අග කොටසේදී "ආච්චි අම්මලා" බවට පත් කරවීම හතේ කුජගේ තවත් ජීවිත වික්‍රමයකි. ඊට හේතුව ඉක්‌මනින් විවාහ වී, දරු සුරතල් බලා දරුවන්ගේ දරුවන් ද සුරතල් කිරීමට කඩිනමින් ම අවස්‌ථාවක්‌ ලබා දීමට බලවත් හතේ කුජ පරිත්‍යාගශීලී වීමයි. ඇත්ත වශයෙන් එවැනි ආච්චිලා වාසනාවන්තියක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 කුජ හතේ සිටින කාන්තාවන්ගේ විවාහය, ලාබාල වියේදී සිදුවන්නේ හිතුවක්‌කාර අන්දමිනි. ප්‍රේම සම්බන්ධතාවක්‌ මුල් කරගනිමින් එවැනි විවාහ බොහෝ විට සිදුවන්නේ දෙමාපිය, ඥාති විරෝධතා මධ්‍යයේ වීම විශේෂත්වයකි. ඔවුන්ට ලැබෙන දරුවන්ද අඩු වයසින් ලාබාල වියේදීම විවාහ වී ඇති බව බොහෝ විට අත් දැක තිබේ.
 
 මා දන්නා හඳුනන ස්‌ත්‍රී පුරුෂ බොහෝ දෙනෙකුගේ කේන්දරවල කුජ ග්‍රහයා හත් වැන්නේ තැන්පත් ව සිටින බැවින් ඔවුන්ගේ ජීවිත පිළිබඳව අධ්‍යයනය කිරීමේ මහඟු අවස්‌ථාවක්‌ මා හට හිමිව ඇත. එලෙස පිරික්‍ෂණ ලද කේන්දරවල දෝෂ භංග වූ අවස්‌ථා පිළිබඳව මා විශේෂයෙන් විමසිලිමත් වූ අතර ඔවුන්ගේ ජීවිතවලට ඔරොත්තු දීමේ ශක්‌තිය හතේ සිටින කුජ හෙවත් අගහරු ලබා දී ඇති බව මගේ පර්යේෂණයන්වලදී මනාව සනාථ විය.
 
 හතේ කුජ සිටින පිරිමියාට හතේ කුජ සිටින ස්‌ත්‍රිsයක්‌ හෝ හතේ කුජ සිටින ස්‌ත්‍රියට හතේ කුජ සිටින පුරුෂයකු හෝ කරකාර බන්ඳවා දීම පුරාණයේ සිටම එන සිරිතකි. සිරිතකටවත් වඩා උපක්‍රමයකි. විෂෙන් විෂ නැසීමේ මෙම ක්‍රම වේදයට අනුව බලන විට දෙදෙනාගේම කුජ හතේ බැවින් දෙදෙනාම චණ්‌ඩිය. චණ්‌ඩීන් දෙදෙනකු හැම විටෙකම එකිනෙකා දෙස බලන්නේ සැක මුසුවය. චකිතයකින් යුතුවය. ගිහි ජීවිතයට අවශ්‍යම දේ වන ගෞරව සම්ප්‍රයුක්‌ත බිය දෙදෙනාගේ මෙම චකිතය තුළ අන්තර්ගතව ඇත. සාමයට මාර්ගය එයම වේ. පවුල් අවුල් අඩු කිරීමේ උපක්‍රමයක්‌ ලෙස අතීතයේ සිටම භාරතීය සංස්‌කෘතිය තුළ ද මෙම ක්‍රමය භාවිත කර ඇති බවට සාක්‍ෂි තිබේ.
 
 සමහරු හතේ කුජ පිහිටන ලද කේන්දරවලට හතේ ශනි සිටින කේන්දර ගැළපේ යෑයි පවසති. එය ද සියුම් උපක්‍රමයකි. සෙනසුරු ලෝකෝත්තර බව නියෝජනය කරනු ලබන තිර ගති ගුණ ඇති ග්‍රහයෙකු බැවින් විවාහය කඩා බිඳ දමා ගෙන නොයන බව තහවුරු කර ගත් පැරණි ජ්‍යෙdතිෂවේදීන් හතේ කුජ සිටින කේන්දර සඳහා හතේ ශනිව යෝජනා කර තිබේ.
 
 හතේ කුජ සිටින කේන්දරවලට තවත් සමහරු හතේ රාහු සිටින කේන්ද්‍ර සොයන බව අපගේ පර්යේෂණයන්ගෙන් හෙළි විණි. ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යනයේ යෙදීමෙන් එහි ඇති රහස කුමක්‌ දැයි හඳුනාගත හැකිය. හතේ රාහු සිටින ජන්මියාට පෙර හතේ කුජ සිටින්නා මිය යන බවට පිළිගත් මතයක්‌ ඇති අතර හතේ කුජට වඩා හතේ රාහු අනතුරුදායක බව සමාජ සම්මතයක්‌ ගොඩනැඟê තිබීම ඊට හේතුව වී ඇත.
 
 එය දැඩි ආත්මාර්ථකාමී බවක්‌ ප්‍රකට කරවන ක්‍රියාදාමයක්‌ වන අතර තමාගේ ජීවිතය පිළිබඳව වැඩියෙන් සලකා අනෙකාගේ ජීවිතය අඩුවෙන් තක්‌සේරු කිරීමකි. කපටිකමක්‌ වන මෙම ක්‍රියාව මනුෂ්‍යයන් වන අප හට කිසිසේත් නොගැළපෙන්නක්‌ වන අතර සාධාරණ ක්‍රියාවලියක්‌ ලෙස එය කිසිම විටෙක අපට අනුමත කළ නොහැක. එමෙන්ම එය යහපත් විවාහ ගැළපීමක්‌ ලෙස කිසිම දාක සමාජයට ඉදිරිපත් කළ නොහැකි බව අවධාරණයෙන් පැවසිය හැක.
 
 හතේ කුජ පිහිටන ලද ජන්මීන් වාසනාවන්තයන් බවට සමාජයෙ පිළිගැනීමක්‌ ඇත. හතේ තැම්පත් බලවත් කුජගෙන් "රුචක" නමැති පංච මහා පුරුෂ යෝගය යෙදෙන අතර එය බලගතු රාජයෝගයක්‌ ලෙස ජ්‍යෙdතිෂයේ හඳුන්වා දී ඇත.
 
 මෙම යෝගය යෙදුනු ජන්මියා කෙරෙන් නිර්මිත බව තේජාන්විත බව, බලපරාක්‍රමය මෙන්ම ආඥාපති ස්‌වරූපය ද පැහැදිලිව දැකගත හැකිය. මැනවින් වැඩුණු සවිබල දේහයකට උරුම හිමිකම් පාන මෙම යෝගධාරීන් සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් ආදිය හිස්‌ මුදුනින් පිළිගන්නා භාග්‍යවන්තයන් වේ. ආගම දහමට හා ඒවා ඇදහීමට මුල් තැනක්‌ දී ක්‍රියා කරන්නන් වන අතර ප්‍රිය මනාප පෞරුෂයකින් ද යුක්‌ත වේ. මහත් වු පුණ්‍ය කර්මයන් හී යෙදෙන මොවුන් පසුපස වාසනාව හා කීර්තිය ලුහු බැඳ එනු මා මගේ හිතවත්ම මිතුරා තුළින් අත්දැක තිබේ. "රුචක" යෝගයේ ඵල නිසි ලෙසින් භුක්‌ති විදින ඔහු තම වියදමෙන් ගම්වැසියන් හා හිතමිතුරන් වන්දනාවේ රැගෙන යැමෙන් මහත් තෘප්තියක්‌ ලබන පරිත්‍යාගශීලී පින්වතුකු බව අවිවාදයෙන් පැවසිය හැක.
 
 ඉහත කී කරුණු අනුව බලන කල හතේ තැන්පත් බලවත් කුජ මිනිසුන් හිතන තරම් නරක නැත. හතේ කුජ සිsටින කේන්දරවලට හතේ කුජ, ශනි රාහු සිටින කේන්දරවලට වඩා හතේ ශුභයන් සිටින කේන්දර වඩාත් සුදුසු බව ගුරු පරම්පරාවේ මතයයි
 
 පාරම්පරික ජ්‍යෙdතිෂවේදී, කොටදෙණියාවේ
 ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන
 0776283097
 සංස්‌කරණය - ජනිත සෙනෙවිරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles