Divaina - දුගී පැලෙන් රජ මැඳුරට ඔබ කැඳවන රාජයෝග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

"රාජ යෝග" යනුවෙන් අතීතයේ හඳුන්වනු ලද්දේ රාජකීය උරුමයක්‌ ඇති කේන්දරවල උපතින් පිහිටන ලද බලවත් යෝගයන්ය. වර්තමානයේ අප රටේ රජවරු නොමැත. එහෙත් උපත ලබන්නන්ගේ ජන්ම පත්‍රයන්හි "රාජ යෝගයන්" දක්‌නට ඇත.
 
 රජවරු හා රජකම් නැතිවද රාජ යෝග ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම දැනට ලොව පුරා රජවරු ඇත්තේ අතළොස්‌සකි. ඒ අතර මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජණට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයයි. ජපානයේ රජ පවුල හා නේපාලයේ රජ පවුලද වර්තමානයේ රජකරන රාජකීයයන් වේ.
 
 අප රටේ වත්මන් දේශපාලනය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ අනුව මහජන නියෝජිතයන්ට හිමි වනුයේ අද්වීතීය ස්‌ථානයකි. වර්තමානයේ ලොව පුරා සිටින ජනපති, අගමැති හා මැති ඇමැති යන තනතුරු දරන්නන්ට පැරණි රජවරුන් මෙන් උසස්‌ බලයක්‌ ජනතාව විසින් ලබාදී ඇත.
 
 සමාජය තුළ විවිධ ක්‍ෂේත්‍රයන්හිS ඉහළ හැකියාවන් හා දක්‍ෂතා පෙන්නුම් කරන පුද්ගලයන්ද රජවරු මෙන් මහත් සැලකුම් ලබන බව නොරහසකි. ඔවුන් සමාජයේ ගෞරවයට හා ප්‍රශංසාවට බඳුන් වන්නේ නිරායාසයෙනි. මෙවැන්නෝ ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සිටින අතර ඔවුන් හඳුන්වනුයේ රජවරු හා රැජනන් ලෙසිනි. උදාහරණයක්‌ ලෙස අප රටේ විසූ සුප්‍රසිද්ධ විකට නළුවකු වූ එඩී ජයමාන්නයන් ගෙන හැර දැක්‌විය හැක. ඔහු හඳුන්වනු ලැබුවේ "විකට රජා" යන නාමයෙනි.
 
 එලෙසින් සෑම ක්‍ෂේත්‍රයකම උසස්‌ දක්‍ෂතා දක්‌වන්නන් හැඳින්වූයේ එවැනි විශේෂිත නාම පදයක්‌ යොදා ගනිමින්ය. උසස්‌ පුද්ගලයන්ගේ කේන්දරවල පමණක්‌ නොව හිඟන්නන්ගේ කේන්දරවලද රාජ යෝග දක්‌නට ඇත. ඔවුන් හිඟන රජවරු ලෙස සමාජයේ වැජඹෙති.
 
 රජවරු සැප විඳිති. ඒ රාජයෝග බලය හේතුකොට ගෙනය. ආගිය තැන පිළිගැනීමද, පිරිස්‌ බලය ද ඔවුනට අඩු නැත. සියලු සැප සම්පත් භුක්‌ති විඳීමේ භාග්‍ය ඇති රාජයෝගධාරීන් ඉසුරුමත් ජීවිත ගත කරන්නෝ වෙති. ලෞකික සැප සම්පත් නොඅඩුව භුක්‌ති විඳීමේ භාග්‍ය මොවුන් ගෙන එන්නේ පූර්ව ආත්මවල සිටය.
 
 රාජයෝග කේන්දරයේ පිහිටා තිබුණද, ලෞකික සැප සම්පත් භුක්‌ති විඳීමේ භාග්‍ය සැමටම උරුම නැත. සිද්ධාර්ථ ගෞතමයන්ගේ කටක ලග්න කේන්දරයේ රාජයෝග රැසක්‌ පිහිටා තිබුණද, උන්වහන්සේට එම ලෞකික රාජයෝග ඵල දුන්නේ නැත. නමුත් උන්වහන්සේට "බුද්ධත්වය නමැති මහා උතුම් රාජයෝගය බලගැන්විණි. ඒ වනාහි ලොව අසමසම රාජයෝගය වේ.
 
 ජ්‍යෙdතිෂයෙහි සඳහන් යෝග දහස්‌ ගණන අතරෙන් රාජයෝගවලට හිමිවනුයේ අද්වීතීය ස්‌ථානයක්‌ බව එක හෙළා ප්‍රකාශ කළ හැක. රාජ යෝග ඵල ලබන්නෝ රජ, මැති, ඇමැති ආදී පවුල්වල අය පමණක්‌ නොවේ දුගී දුප්පත් අන්ත අසරණ පවුල්වලින් පවා රාජයෝගධාරීන් බිහිවන බව රහසක්‌ නොවේ. ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දිය හැක්‌කේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමන්ය. කුඩා කල සිටම තම මවට ජීවිකාව ගෙන යැමට සහය දුන් බව රහසක්‌ නොවේ.
 
 සාන්ත බස්‌තියමේ මුඩුක්‌කු, පැල්පත්වාසීන්ගේ අසහාය වීරයා බවට පත්වෙමින් ඔවුන්ගේ දුගී ජීවිත ආලෝකමත් කිරීමට එතුමා ගත් වෙහෙස අපමණය. නාගරික මන්ත්‍රීවරයකු ලෙස දේශපාලන කරළියට පිවිසි ඔහු පියවරෙන් පියවර, දේශපාලනයේ නිම් වළලු පුළුල් කරමින් ජනාධිපති ධුරය තෙක්‌ පැමිණුනි.
 
 දේශපාලනයේ මුල් පුටුව තෙක්‌ ඔහු ආ ගමන් මග කටු, කොහොලින් ගහන වූ වේදනාකාරී මාවතක්‌ විය. ඔහුගේ කේන්දරයේ ජනතාව නියෝජනය කරනු ලබන සෙනසුරු ග්‍රහයා හත්වැන්න වූ තුලාවේ උච්චවී ඇත. එය පංච මහා පුරුෂයෝගයක්‌ මෙන්ම රාජ යෝගයක්‌ ද වන "සස" යෝගය නිර්මාණය කර ගනිමින් බලවත්ව පිහිටීම නිසා එතුමාට දුක දිනා රජවීමට හැකි විය. සෙනසුරුගේ දිග්බල වීමද (7 වැන්නේ සෙනසුරු දිග් බලවේ) මෙහිදී ඔහුට වාසනාව ගෙනෙන ලද බව පැහැදිලි වේ.
 
 එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකයන් අප රටේ රදළ පවුලක උපත ලද ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහුගේ කුම්භ ලග්න කේන්දරයට අනුව රාජ යෝග රාශියක්‌ පෙන්නුම් කරන ලදි. රජසැප පසෙකලා දුප්පත් ජනතාවට සෙත සැලසීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ඔහු දේශපාලනයට පිවිසුනේ පියාගේ දැඩි අකමැත්ත මධ්‍යයේය.
 
 ඔහුගේ කුම්භ ලග්න කේන්දරයේ බලගතු රාජයෝග කිහිපයක්‌ම පිහිටා තිබිණි. ගුරු නව වැන්නේද බුධ 11 වැන්නේ ද තැන්පත්ව සිටියදී, කුජ ග්‍රහයා 6 වැන්නේද, ශනි 10 වැන්නේද තැන්පත්වීම රාජ යෝගයකි.
 
 බණ්‌ඩාරනායක මහතා විසින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග පිහිටුවමින් 1956 දී ලංකාවේ අගමැති ධුරය දක්‌වා පැමිණුනි. හොරගොල්ලේ වලව්වට වී රජ සැප විඳීමට හැකියාව තිබියදීත් ඔහු තෝරාගනු ලැබුවේ පීඩිත ජනතාවට සෙත සැලසීමේ මහඟු දුෂ්කර කර්තව්‍යයයි.
 
 එංගලන්තයේ අධ්‍යාපනය නිමකර ලංකාවට පැමිණි ඔහු ගත කරන ලද දුෂ්කර ජීවිතය පිළිබඳව නියමාකාරයෙන් දැනගත හැක්‌කේ හෙන්රි අබේවික්‍රම මහතා විසින් රචිත "බණ්‌ඩාරනායක පරිවර්තන යුගය" නමැති ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් පමණකි.
 
 සියලු ග්‍රහයින් කන්‍යා, මීන, මිථුන, වෘෂභ, සිංහ, ධනු හා කුම්භ යන රාශිවල පිහිටීමෙන්ද රාජයෝග නිර්මාණය වන අතර ඔහු ප්‍රසිද්ධ රජෙකු බඳු අයෙකු වේ යෑයි කියා තිබේ.
 
 10 අධිපති ගුරු 5 වැන්නේද, 4 අධිපති බුධ 10 වැන්නේ ද පිහිටා සිටියදී 5 අධිපති සිකුරු විසින් ගුරු හට තම සප්තම දෘෂ්ටිය හෙළයි නම් එයද රාජ යෝගයකි. එපමණක්‌ද නොව 9 අධිපති ශනි, මිථුන ලග්නය පුරා සිටිමින් තම 10 වන දෘෂ්ටිය ලග්නාධිපති බුධ වෙත හෙළයි නම් එයද ප්‍රබල රාජ යෝගයකි.
 
 ඉහතින් දක්‌වන ලද ග්‍රහ පිහිටීම නිර්මාණයවී ඇත්තේ අප රටේ පළමු සිංහල ආණ්‌ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ කේන්දරයේය.
 
 තුලා, මේෂ, වෘෂභ, මීන යන රාශි හතරේ සියලුම ග්‍රහයින් පිහිටා ඇත්නම් එය අධිරාජ්‍යයකු බිහිකරනු ලබන බලවත් රාජ යෝගයක්‌ බව සෘෂීන් දක්‌වා ඇත.
 
 ලග්නයේ 2, 3, 45 6, 7, 9 යන ස්‌ථානවල එක්‌ ග්‍රහයා බැගින් තැන්පත් වූයේ නම් ඔහු සාධාරණත්වය අගයන, ධර්මිෂ්ඨ රජෙකු වේ යෑයි කියා තිබේ.
 
 ඔබව දුගී බවින් මුදවා පැල්පතෙන් රජ මැඳුරට කැඳවාගෙන ගොස්‌ රජ සැප ප්‍රදානය කරන බලවත් රාජයෝග ඔබේ කේන්දරයේත් ඇත්දැයි පරීක්‍ෂා කර බලන්න.
 
 පාරම්පරික ජ්‍යෙතිෂවේදී කොටදෙනියාවේ
 ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles