Divaina - සඳුගේ අපලයට පිළියම් මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

හිරු, සඳු පවතිනා තුරු පවතින්නට නින්දගම් පවරා දී ඇති බව පෙන්වා දෙමින් හිරු - සඳු කොඩි පෙරටු කර ගනිමින් ඓතිහාසික දේව මන්දිරවල පෙරහර පැවැත්වේ.
 
 සඳු - සෙනසුරුගෙන් පීඩාවට පත් වූ කල්හි පුද්ගලයා පමණක්‌ නොව මුළු රටම හැඬවීමට සමත් වේ. සඳුගේ අධිපතිත්වය දරන කටක රාශියට සෙනසුරු පැමිණි දා සුනාමි ව්‍යසනය ඇති වී මුළු රටම මළ ගෙයක්‌ වූ අයුරු අපට මතකය.
 
 පුර පස උදාකරමින් මුල් සඳු අහසේ දිලෙන විට සඳු දිනක නැරඹීම - වස්‌තු විනාශයට හේතු වන බව පුරාණාචාරීන් දක්‌වා තිබේ. මුල් සඳු හිරුදින දැකීම - සෞභාග්‍යද, කුජ දින දැකීමෙන් භය හා රෝග ඇතිවන බවද, බදාදා දුටුවේ නම් ශෝක ජනක දේ සිදුවන බවද ගුරු දින - සුබ ඵලද කිවිදින - සෞභාග්‍යද ශනි දින - ලෙඩ රෝගද, නියමිත බව සෘෂිවරු ප්‍රකාශකර ඇත්තාහ.
 
 ග්‍රහ මඬුල්ලේ රංජිනිය වන චන්ද්‍රdට හිමි වර්ණය, සුදුය, ජල දේවතාවාට හා සිතට අධිපතිත්වය දරන්නේය. ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයෙහි ලග්න ස්‌ථානයෙහි පුර සඳු හෝ අවසඳු තැන්පත්ව සිටි කල්හි යෙදෙන ගුණ - අගුණ මෙම කවියෙන් දක්‌වා තිබේ.
 
 පුර සඳු, ලග්නෙහි වැස උන
 
 රූමතියක්‌ වෙයි බබළන
 
 අව සඳ වුව සැපෙන් හීන
 
 ගතිගුණ ඇතියෙක්‌වෙ මිලින
 
 හතේ - සඳු,
 
 හත සඳු සිටියෙ නම් - ඉතිරිය හට ලැබෙන
 
 පතියා ධනවතෙක්‌ වෙයි රුසිරෙන් දිලෙන
 
 එතෙකුදු වුවත් ඇඟපත වෑරුන නීතින
 
 ගත රෝගැතියෙක්‌ වෙයි හේතෙම නදන
 
 වෘෂභ රාශියට සඳු ඉතා හොඳ සුභදායි ග්‍රහයෙකි
 
 නිසයුරු පිරිපුන් බලයෙන් යුතුවම
 
 පිවිතුරු "ගවරුස" සිටි කල මනරම
 
 එකයුරු පෙනුනොත් අන් ගහ සැමටම
 
 එකු මරු රජ වෙයි බාල වයසෙදීම
 
 චන්ද්‍ර දිව්‍ය රාජයා - සතුටු වන ස්‌නාන විධි
 
 එළකිරි, ගිතෙල්, ගෝමුත්‍ර, රජමද, බෙලි කොළ, දිවුල් කොළ, නෙළුම් පෙති, කවඩි, හක්‌ගෙඩි, පළිඟු, කුමුදු, මේ සියලු ද්‍රව්‍ය තම්බා සඳු දින උදේ සඳුගේ හෝරාවෙන් ස්‌නානය මැනවි. මවුවරුන් හත් දෙනකුට කිරිබත් කෙසෙල් ගෙඩි හා තුටු පඬුරු දන්දීමද නියම කර තිබේ. පන්තිනි දෙවඟනට පූජා පැවැත්වීම, බුදු මැඳුරේ බෝමළුවේ සියලුම සුදු මල් වර්ග පිදීමද, කිරි මවුන්ගේ දානය සිදු කිරීමද, සඳුගෙ අපල දුරුකර ගැනීම සඳහා නියම කර තිබේ.
 
 කුමුදු වන පෙති පිපෙති, සවසට - දිනිඳු
 
 අවරට ගොසින්නේ
 
 පුරුදු සව්සිරි විඳින සැපසේ යව්න දේසේ
 
 උපන්නේ
 
 පසිඳු බඳවෙළුවකුන් ගනිමින් ගිජිඳුපිට
 
 වැඩ සිටින්නේ
 
 තරිඳු සඳුගේ කාලහෝරා දෝෂ හැර
 
 නිති රකින්නේ
 
 පුර පසළොස්‌වක්‌ දිනයෙහි, එළකිරි භාජනයකට සමන් පිච්ච මල් දමා එයට සඳරැස්‌ වැටෙන්නට සලස්‌වා පසුදා උදේ හිස්‌ බඩ බීමෙන් ඡවී වර්ණයත් මුහුණේ ස්‌වභාවයත්, ඇස්‌ පෙනීමත් දියුණු වන බව පැරැණි වෛද්‍යවරු කියා තිබේ.
 
 සඳුගේ අපලයට
 
 චන්ද්‍ර මණ්‌ඩල යන්ත්‍රය හෝ නව නාථ යන්ත්‍රය අවංක ඇදුරන් ලවා සාදවා ගෙන පැළඳීම සුදුසුය.
 
 කතරගම - ශ්‍රී දැඩිමුණ්‌ඩ දේවාලයේ
 ප්‍රධාන කපු මහතා - නිමල් කුඩාතිහි
 සංස්‌කරණය - ජනිත සෙනෙවිරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles