The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

MM Divaina 365x90 S

UPali

කීර්ති වර්ණකුලසූරිය
 
 ත්‍රස්‌තවාදයට උදව් කළ කොටි 13 දෙනකුට පස්‌ අවුරුදු සිරදඬුවමක්‌ සහ දඩ නියම කරන ලෙස ස්‌විස්‌ නීතිපතිනි ජුලියට්‌ නොටෝ ස්‌විස්‌ අධිකරණයෙන් ඉල්ලීම නිසා ස්‌විස්‌ කොටි ඩයස්‌ පෝරාව අන්දමන්ද වී ඇත.
 
 ස්‌විස්‌ නීතිපතිනිය මෙම ඉල්ලීම කිරීමට පෙර කොටින්ට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් කොටි ක්‍රියාකාරීන් අධිකරණ ශාලාව ඉදිරියේදී උද්ඝෝෂණයක්‌ කර තිබේ.
 
 එහෙත් ස්‌විස්‌ නීතිපතිනිය ඒ කෙරෙහි තැකීමක්‌ කර නැත.
 
 මොවුන් ත්‍රස්‌තවාදයේ ආධාරකරුවෝ යෑයි ඇය අධිකරණය ඉදිරියේ කීවාය.
 
 ස්‌විස්‌ බැංකුවලින් ණය ගෙන ඩොලර් මිලියන 12.5 ක්‌ ඩුබායි සහ සිංගප්පූරුව වෙත එවා කොටින්ට අවි ලබාදීම සඳහා වැයකර ඇති බව ස්‌විස්‌ පෙඩරල් පොලිසිය හෙළිකර ඇත.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

suminda250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles