The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

ශ්‍යාම් නුවන් ගනේවත්ත

2008 වසරේ සිට 2014 දක්‌වා කාලය තුළ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ 2016 මාර්තු මාසයේ පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්‌ සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් පියවර ගැනීමට තීරණය කර ඇත.

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්‌වා කාලය තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‌ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් ප්‍රකාශයක්‌ නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මුදල් මණ්‌aඩලය නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්‌වා කාලය තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‌ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාව, එහි ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා, ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණි.

මහ බැංකුව විසින් දැනටමත් එහි අඩංගු ඇතැම් නිර්දේශයන් ක්‍රියාවට නංවා ඇති අතර අනෙකුත් නිර්දේශයන් බොහොමයක්‌ ද ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මුදල් මණ්‌ඩලය විසින් එම පියවර ගැනීමේදී නිසි පරිදි නීතිපතිතුමාගේ උපදෙස්‌ ලබාගෙන ඇත. එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශයන්ට අදාළව මෙතෙක්‌ ගනු ලැබ ඇති සහ ගැනෙමින් පවතින පියවර සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනතාව වෙත දැනුම් දීමත්, පොදුවේ රාජ්‍ය ණය සහ සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීමේ කටයුතු සම්බන්ධව විනිවිදභාවය වර්ධනය කිරීමත් සුදුසු බව මුදල් මණ්‌ඩලය අදහස්‌ කරයි. මුදල් මණ්‌ඩලය විසින් ජනාධිපති කොමිසමේ වාර්තාව අඛණ්‌ඩව සැලකිල්ලට ගනු ඇති අතර සුදුසු පරිදි වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

ව්‍යවස්‌ථාපිත පනත් සංශෝධනය කිරීමට ගෙන ඇති පියවර මෙසේය,

* 2017 වසර මැදදී ආරම්භ කරන ලද නීති ප්‍රතිශෝධන වැඩසටහනක්‌ මේ වන විට ක්‍රියාත්මකව පවතී. වර්තමාන ආර්ථික සහ මූල්‍ය පරිසරය සලකා බලමින් මුදල් නීති පනතට මෙන්ම ලියාපදිංචි කොටස්‌ සහ සුරැකුම් ආඥා පනත (Registered stocks and Securities Ordinance) සහ දේශීය භාණ්‌ඩාගාර බිල්පත් ආඥා පනත (Local Treasury Bills Ordinance) ඇතුළු අනෙකුත් ප්‍රධාන අණ පනත්වලට ද හඳුන්වාදිය යුතු සංශෝධනයන් මේ වන විට සකස්‌ කෙරෙමින් පවතී.

* වගකීම් කළමනාකරණ පනත (Liability Management Act) නමැති නව පනතක්‌ 2018 මුල් භාගයේදී බලාත්මක කිරීමට අපේක්‌ෂා කෙරේ. වගකීම් කළමනාකරණ පනත මඟින් නැවත මිලදී ගැනීම්, මාරු කිරීම් සහ පූර්ව මූල්‍ය සැපයුම් කටයුතු වැනි සක්‍රීය ණය කළමනාකරණ කාර්යයන් සඳහා නම්‍යශීලී බවක්‌ ලැබෙනු ඇත. එසේම හිඟ ණය කළඹෙහි කල්පිරුම් ගොනුව වෙනස්‌ කිරීම මඟින් යටිතල ණය කළඹ සම්බන්ධ ප්‍රති අවදානම අවම කිරීමට ද එමඟින් හැකිවනු ඇත. තවද, උපාය මාර්ගික නොවන වත්කම් අලෙවියෙන් ලැබෙන විශේෂ අරමුදල් පවත්වා ගැනීමට ද එමඟින් හැකියාව ලැබේ. වගකීම් කළමනාකරණ පනතේ විධිවිධාන මඟින් දේශීය හා විදේශීය යන අංශ දෙකෙහිම රාජ්‍ය ණයට අදාළ අවදානම් ගොනුව පුළුල් කිරීමට අපේක්‌ෂිතය.

මේ අතර 2008 වසරේ සිට 2014 දක්‌වා කාලය තුළ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ 2016 මාර්තු මාසයේ පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්‌ සිදුකිරීමට මුදල් මණ්‌ඩලය විසින් පියවර ගනු ලැබේ.

 

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles