The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

රනිල් ධර්මසේන
prasanna134
රට පුරා ඇති ජනාධිපති, අගමැති හා ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ගේ රුව ඇතුළත් බැනර් හා කටවුට්‌ ඉවත් කිරීමට අදාළ අංශවලට උපදෙස්‌ දෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
 
 මිනුවන්ගොඩ පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අදාළව තම රුව යෙදූ දැන්වීම් පුවරුවක්‌ උඩුගම්පොළ මංසන්ධියේ ප්‍රදර්ශනය කරමින් තිබූ බවද වෙනත් පක්‍ෂ සංවිධායකවරයකු විසින් මැතිවරණයේදී වාසි සහගත වන බව කියමින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව එය ගලවා ඉවත් කිරීමට පොලිසිය තමාට දැන්වූ බවද හෙතෙම කීවේය.
 
 මහජන නියෝජිතයකු ලෙස තම දැන්වීම් පුවරුව එසේ ගලවා ඉවත් කළ ද පක්‍ෂ නායකයන් දෙදෙනකු වන ජනාධිපති හා අගමැතිගේ රුව රැගත් පුවරු ද මැති ඇමැතිවරුන්ගේ රුව ඇතුළත් පුවරු ද රට පුරාම මේ වනවිට දක්‌නට ඇතැයි ද එය නීත්‍යනුකූල නොවන බව පොලිසියට නොපෙනෙන්නේ මන්ද යන්න විමතියට කරුණක්‌ බවද හෙතෙම සඳහන් කළේය.
 
 මැතිවරණ අපේක්‍ෂකයකු හෝ පක්‍ෂ නායකයකු නොවුවද පොලිසියේ ඉල්ලීමට ගරු කරමින් තම දැන්වීම් පුවරුව ගලවා ඉවත් කර ගත් බවද එලෙසම රටපුරා පිහිටි ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ගේ රුව ඇතුළත් දැන්වීම් පුවරු ගලවා දැමීමට පොලිසියට උපදෙස්‌ දෙන ලෙසද ඒ මහතා සභාපතිවරයාගෙන් ලිතව ඉල්ලා තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles