Divaina - මහ ඡන්දයෙන් පස්සේ යමපල්ලෝ නැගිටීවි.... විජිත් විජයමුණි සොයිසා

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 අකිත පෙරේරා
 
 මේ කි‍්‍රයාත්මක වෙන්නේ අපායේ ඉන්ටවල් එක. දැන් යමපල්ලෝ නිදි. මහ මැතිවරණයෙන් පසුව යමපල්ලෝ නැගිටීවි. එම්. සී. සී. ඇතුළු අනෙකුත් ගිවිසුම් කි‍්‍රයාත්මක කොට ජනතා විරෝධී කටයුතු කරාවි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත් විජිතමුණි සොයියා මහතා පැවසීය.
 
 විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14දා* පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
 
 මේ නිසා අපි එකමුතු විය යුතුයි. නැතිනම් කම්මුතුයි. අපේ පක්ෂයේ තිබෙන ප‍්‍රශ්න අපි අද අදම විසඳා ගත යුතුයි. නැතිනම් අපි කොහොමද ඡන්ද කරන්න ගමට යන්නේ. අද වන විට මේ ආණ්ඩුව යටතේ ජනතාවට කිසිම සහනයක් නෑ. සමාගම් කිහිපයකට විතරක් සහන ලැබිලා. ආණ්ඩුවේ අය දෙකට බෙදිලා. ජනාධිපතිගේ වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කරන්න දෙන්නේ නෑ. ජනපතිගේ අණ නොතකා තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. මේ ආණ්ඩුවේ තිබෙන ගැටලූ ළඟදීම පිපිරේවි. බොරු කරලා ලබා ගත්තු අණ්ඩුවක් මේක යැයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියා සිටියේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles