Divaina - කොරෝනා නෑ... චීනයෙන් දියතලාවට ගිය 33 දෙනා ගෙවල්වලට

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 හේමන්ත රන්දුණු
 
 චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට පැමිණ සති දෙකකට අධික කාලයක් තිස්සේ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශී‍්‍ර ලාංකිකයන් තිස්තුන් දෙනා ඊයේ (14 වැනිදා* සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
 
 මෙම පිරිස දියතලා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයෙන් පිටවී ඊයේ පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූහ. යුද හමුදාවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ මෙම පිරිස දියතලාව හමුදා කඳවුරේ සිට අකුරේගොඩ හමුදා මූලස්ථානය වෙත රැුගෙන එනු ලැබුවේ විශේෂ බස්රථවලිනි.
 
 යුද හමුදාපතිවරයා මුණගැසී පැවති සුහද පිළිසඳරෙන් පසුව මෙම තිස්තුන් දෙනා තම ඥාතීන් සමග නිවෙස්වලට පිටව ගොස් ඇත.
 
 චීනයේ වූහාන් සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් තිස්තුන්දෙනා අතුරින් කිසිවකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබූ බව මොවුන් සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබිණි.
 
 චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි මෙම ශී‍්‍ර ලාංකිකයෝ ඉකුත් 01 වැනිදා ශී‍්‍ර ලංකාවට රැුගෙන එනු ලැබූහ. පසුව ඔවුහු දියතලාව හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන කි‍්‍රයාවලියකට භාජන කර දින 14 ක් තිස්සේ රඳවාගනු ලැබූහ.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles