Divaina - මිග්යානා ගනුදෙනුවට උදයංග 17 දා තෙක් රිමාන්ඞ්.... එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පසු සීඅයිඞීයෙන් රැගෙන එයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා

uda155ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී අති විශාල මුදලක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (14 දා* රාති‍්‍ර නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දුටු තැන අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කොට තිබූ සැකකාර උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබිණි. ශී‍්‍ර ලංකා පොලිසිය විසින් රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් කරන ලද ඉල්ලීම අනුව පසුගියදා (12 දා* එක්සත් එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරැු එරටට ගොස් අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (14 දා* පස්වරු 6.38 ට පමණ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා කරුණු දක්වමින් ඊයේ (14 දා* සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමට පියවර ගත් බවත් ඉදිරි විමර්ශන අපක්‍ෂපාතී හා නිවැරැුදිව කිරීම සඳහා තව දින දහයක්වත් ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කළ යුතු බව අධිකරණයට දැන්වීය. එය ගෙවුන වසර පහක කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයක් වන නමුත් එකී ගනුදෙනුවට අදාළව විවිධ තොරතුරු ලැබී ඇති බැවින් නිවැරැුදි වැදිකරුවන් අනාවරණය කරගැනීම සඳහා ඉතා විධිමත්ව විමර්ශනය කිරීමට සිදුවන බවද අධිකරණයට පැවසීය.

පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි හා මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුවී ඇති බව පෙර විමර්ශනවලදී අනාවරණය වී ඇති නමුත් එකී මුදල් සැකකරු වසර 30 කට අධික කාලයක් සිදුකළ ව්‍යාපාරවලින් හා වැටුප් ලෙස උපයාගත් මුදල් බව ඔහු ඊයේ (14 දා* ලබාදුන් ප‍්‍රකාශ මගින් හෙළිකර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එහිදී අධිකරණයට කීවේය.

එකී විමර්ශන කටයුතු මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකුගේ අධීක්‍ෂණය යටතේ සිදුකර අධිකරණයට වාර්තා කර ඇති බැවින් වගකීමෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අවවාද කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනවලදී අනාවරණය කරගත් විශාල ලේඛන ප‍්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර එකී වරෙන්තු නියෝග හා රතු නිවේදන නිකුත් කොට ඇතැයි ද එහිදී පැවසූ මහෙස්ත‍්‍රාත්වරයා නඩුව පිළිබඳ අවබෝධයක් ඇති රජයේ අධිනීතිඥවරයා සිටින අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම වඩා උචිත බවද දැන්වීය. ඊයේ (14 දා* පස්වරුවේ සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටි බවත් ලබන සඳුදා (17 දා* අධිකරණ කටයුතු සඳහා එම දෙපාර්තමේන්තුවේ නීතිඥ නියෝජනයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එකී ගනුදෙනුවට අදාළ තවත් ලේඛන විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට ඇති බවද පැවසීය.

ඉදිරි දිනයේදී එම සැකකරු වෙනුවෙන් වාචිකව හා ලිඛිතව ඇප ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කීවේය. පොලිස් පරීක්‍ෂක රණසිංහ, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළහ.

නීතිඥ ජගත් නානායක්කාර, නීතිඥ යසින්ත කපුවැල්ල යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සැකකාර උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles