Divaina - සයිටම් යළි අරින්න දුන්නොත් ලාභයෙන් කොටසක් ආණ්ඩුවට දෙනවා... දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 නෝමන් පලිහවඩන
 
 navilපසුගිය ආණ්ඩුව මගින් වසා දැමූ සයිටම් වෛi ආයතනය වත්මන් ආණ්ඩුව තමාට යළි ලබා දීමට ක‍්‍රියා කළහොත් එහි ආදායමෙන් කොටසක් රටේ සංවර්ධන වැඩ කටයුතු සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට ලබා දීම සඳහා තමා ක‍්‍රියාකරන බව සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (14 දා* ප‍්‍රකාශ කළේය.
 
 පසුගිය ආණ්ඩුව තමාට සිදුකළ මානසික වධ මෙන්ම පාඩුව නිසා තමා හෝකන්දර ප‍්‍රදේශයේ කුඩා පරිමාණයේ ‘බේකස්’ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය නමුත්, සිදු වූ පාඩුව මත එම ව්‍යාපාරය පවා නතර කළ බව කී දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා වත්මන් ආණ්ඩුව ආරම්භ කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව තමා සෑහීමකට පත්වන බව ද කීවේය. සයිටම් ආයතනය තමාට යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරනු ලැබුවහොත් එහි වැඩි ආදායමක් ආණ්ඩුවේ සංවර්ධන වැඩ සඳහා ලබාදීමට එකඟ වන බව ද ඔහු පැවසීය. මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ළඟදීම සාකච්ඡුා කිරීමට තමාට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ද ඔහු කීවේය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles