Divaina - පාස්කු ප‍්‍රහාරයෙන් පසු රටවල්’ 48 කට ලබාදුන් නිදහස් වීසා කාලය දික්කෙරේ

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 චමින්ද සිල්්වා
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ් ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අපේ‍්‍රල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබාදීම සිදු කෙරුණේ 2019 අගෝස්තු 01 වැනි දා සිට මාස 06 ක කාලයක් සඳහාය. ඒ අනුව එම කාලය 2020 ජනවාරි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබිුණි. මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.
 
 නිදහස් වීසා වැඩසටහන කි‍්‍රයාත්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මේ නිසා සංචාරක ක්ෂේත‍්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles