Divaina - රටේ සහල් හිඟයකදී ප‍්‍රයෝජනයට ගන්න ආරක්‍ෂිත සහල් ගබඩාවක්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 සමන් ගමගේ
 
 සෑම වසරකම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී රටේ ඇතිවන සහල් හිඟයට පිළියමක් ලෙස සහ සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වගෙන යනු පිණිස මෙටි‍්‍රක් ටොන් 20,000 - 24,000ක ආරක්‍ෂිත සහල් තොගයක් ගබඩා කර පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.
 
 කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන ඇමැතිවරයා විසින් පෙරේදා (12 වැනිදා* පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ සඳහා අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.
 
 කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (13 වැනිදා* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
 
 මෙම සහල් තොගය ගබඩා කර පවත්වාගෙන යෑම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ගබඩා පහසුකම් ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 රටේ සහල් මිල ඉහළ යන අවස්ථාවන්හිදී මෙම සහල් තොග සතොස හරහා සහතික මිලට නිකුත් කිරීම මගින් සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑම රජයේ අපේක්‍ෂාව බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
 මහින්ද රාජපක්‍ෂ රජය පැවති ඉකුත් 2014 -2015 වන විට මෙරට තුළ සහල් අතිරික්තයක් පැවති අතර එම සහල් තොග මත්තල වී ගබඩාවේ ගබඩා කළ යහපාලන රජය පසුගිය වසරවල සහල් විදේශයන්ගෙන් ගෙන එන තැනට රට පත්කර පසුව ඉතා අඩු මිල ගණන් යටතේ සත්ව ආහාරවලට ඒවා විකුණා දැමූ බව මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles