Divaina - විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්න උපදෙස් ලැබී නැහැ... උසාවියට කරුණු දක්වන්න සාක්ෂි දෙන්න පියවර ගන්නේ නෑ....

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

ඒ. ජේ. ඒ. අබේනායක සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

gihan135රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් නඩුවක සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කර වැඩ තහනමට ලක් කර ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට ලැබුණත් තමන්ට මේ දක්වා ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කිසිදු උපදෙසක් ලබාදී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඊයේ (13 දා* පස්වරුවේ නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයාට දැනුම් දුන්නේය. 

එබැවින් ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු වාර්තා කිරීමට හෝ වරෙන්තු නියෝග ලබා ගැනීමට අවශය සාක්ෂි ලබා දීමට තම කොට්ඨාසයේ නිලධාරීන් මෙම අවස්ථාවේදී පියවර නොගන්නා බව ද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතාට දැනුම් දුන්නේය. කෙසේ නමුත් පෙර දිනයේ අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව එකී විමර්ශන භාරව සිටින පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ යැයි ද අධිකරණය ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පැවසීය.

නීතිපතිවරයා විසින් පසුගිය 23 වැනිදා ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පිළිබඳව දැනුවත්භාවයක් ඇති ද, එසේ නම් ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්දැයි අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අතර අධිකරණය ඇසූ එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම එලෙස ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා එලෙස ප‍්‍රකාශ කරන්නේ නම් ඔහුට ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ගිහාන් පිලපිටිය මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් අධිකරණයේ විනිසුරුවරුන්ගේ හා නීතිඥ වෘත්තියේ ගරුත්්වයට හා අභිමානයට හානිදායක වන මෙවැනි කරුණුවලදී කි‍්‍රයා කළ යුතු ආකාරය නිර්දේශ කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් හය දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය පියවර ගෙන ඇති බව පැවසීය. එකී නිර්දේශ ලැබුණ පසු ඒවා නීතිපතිවරයා සමග සාකච්ඡුා කොට සුදුසු ක‍්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට කියා සිටියේය.

නිතිපතිවරයාගෙන් හා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඒ සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, සංජය ගමගේ, විදුර පී. මංචනායක, චමින්ද අතුකෝරළ, දේශාන් හේවාවිතාරණ ෂෙහාන් ද සිල්වා, ගුණරත්න මංචනායක, වසන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු සියයකට ආසන්න නීතිඥ මණ්ඩලයක් ගිහාන් පිලපිටිය මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles