Divaina - බදුර්දීන්ට එරෙහිව ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මුසම්මිල්ගෙන් පැමිණිල්ලක්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
musam
 හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ (13දා* පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළේය.
 
 සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක මෙන්ම හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් මොහොමඞ් මුසම්මිල් මහතා මෙම පැමිණිල්ල කර තිබේ.
 
 පසුගිය කාලය තුළ රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද විවිධ බරපතළ චෝදනා එල්ලවී ඇති අතර, එම නිසා මේ තරම් විශාල මුදලක් ඇමරිකානු බැංකු ගිණුමට බැරවීම බරපතළ සැක සහිත බව ද මොහොමඞ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles