Divaina - සයනයිඩ් එන්නත් කර රිමාන්ඩ් එකේ ඉන්න 'විත්තා' මරන්න හදලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

 සමන් ගමගේ
 
 ඝාතනයට ලක්‌වූ පාතාල නායක 'සමය' ගේ සමීප සගයකු වූ මාදින්නාගොඩ විදුරංග හෙවත් 'විත්තා' ඊයේ (24 දා) දහවල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී සයනයිඩ් පිරවූ එන්නත් කටුවකින් ඇන ඝාතනය කිරීමට ගත් උත්සාහයක්‌ එන්නත් කටුව කැඩීයැම නිසා වැළකී ගොස්‌ තිබේ.
 
 මාදින්නාගොඩ zවිත්තාZ සමග තවත් රැඳවියකු රිමාන්ඩ් බන්ධනාගාරයේ zඑල්Z වාට්‌ටුවේ උඩුමහලට යමින් සිටියදී ඔහු පිටුපසින් පැමිණි zඅංගොඩ ඩෙරී බගොයිZ නමැති පාතාල සාමාජිකයකු විසින් මෙසේ zවිත්තාZ ඝාතනය කිරීමට එන්නත් කටුවෙන් ඇන ඇතැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක්‌ පැවසීය.
 
 මෙම ඝාතන උත්සාහය පිටුපස zඅංගොඩ ලොක්‌කාZ, zකංජිපානි ඉම්රාන්Z සහ zමාකඳුරේ මධුෂ්Z කල්ලිය සහ කොළඹ කොටහේන පාතාලයේ සෙල්ලිගේ පුත්තු ලෙස හඳුන්වන ශිරාන්, චෙනිස්‌ටර් මෙන්ම zදෙහිවල චුව සමන්තZ, zඅංගොඩ චිටීZ යන පාතාල ප්‍රබලයන් සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 මදින්නාගොඩ zවිත්තාZ ඝාතනය කිරීම සඳහා සෙල්ලිගේ පුතුන් විසින් සයනයිඩ් ගෙනැවිත් ඩෙරී බගොයිට ලබාදී තිබෙන බව ද බන්ධනාගාර නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles