Divaina - කොමදෝරු දසනායක ඇතුළු 13 දෙනාට අධි චෝදනා භාරදෙයි... කරන්නාගොඩට සිතාසි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 ඒ. ඡේ. ඒ. අබේනායක
 
 තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 6 වන විත්තිකාර කොමදොaරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ඊයේ (24 දා) අධිචෝදනා භාරදීම සිදුකරන ලදී.
 
 එකී විත්තිකරුවන් 13 දෙනා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් ශරීර ඇප මත මුදාහැරීමට ද එහිදී නියෝග කළ විනිසුරු ම`ඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්‌වමින් නියෝගයක්‌ ද පැනවූහ. එම නඩුවේ 14 වැනි විත්තිකරු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (24 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ලබන 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කිරීමට ද චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජ හා නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ල නියෝග කළහ. එම විත්තිකරුට සිතාසි භාරදීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් නොකිරීම පිළිබඳ කරුණු විමසීම සඳහා වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද වැලිකඩ පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයාට විනිසුරු ම`ඩුල්ල එහිදී නියෝගයක්‌ නිකුත් කළහ.
 
 එම නඩුව ඊයේ (24 දා) කැඳවූ අවස්‌ථාවේදී පළමුවන විත්තිකාර සම්පත් මුණසිංහ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරෝෂන් පෙරේරා මහතා හැර සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළහ.
 
 එකී නඩුවට පාදක වූ විමර්ශන රටේ ජාතික ආරක්‍ෂාවට හානියක්‌ හා බාධාවක්‌ වන පරිදි සිදුකර ඇත්දැයි අනාවරණය කරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්‌ පත්කර ඇති බවත් එකී කොමිෂන් සභා නිර්දේශ ලැබෙනතුරු විත්තිකරුවන්ට අධි චෝදනා භාර නොදෙන ලෙසත් විත්තිය නියෝජනය කළ අනිල් සිල්වා හා අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තම ඉල්ලීම නොතකා ගරු අධිකරණය විසින් නඩු විභාගය ආරම්භ කිරීමට නියෝග කළහොත් සාක්‍ෂි විභාගයේදී රටේ ජාතික ආරක්‍ෂාවට හානිකර සාක්‍ෂි ඉදිරිපත් විය හැකි බවද එහිදී විනිසුරු ම`ඩුල්ලට පැවසූ විත්තියේ නීතිඥවරුන් ඒ බව සඳහන් කරමින් සිය සේවාදායකයන් ඉදිරිපත් කළ පැමිණිලි ජනාධිපති කොමිෂන් සභාව විසින් මේ වන විටත් භාරගෙන ඇති බවද අධිකරණයට පැවසූහ.
 
 නීතිපතිවරයා කළ ඉල්ලීම අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ල පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් එකී ජනාධිපති කොමිෂන් සභාව පත්කිරීමට පෙර බවද පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විනිසුරු ම`ඩුල්ලට එහිදී පැවසීය.
 
 මෙම නඩුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණය විසින් නියෝගයක්‌ ලබාදීමකින් තොරව විත්තිය කරන ඉල්ලීම සලකා බැලීමක්‌ සිදුකළ නොහැකි බවද එහිදී අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ස්‌වාධීන අධිකරණයක්‌ විසින් ස්‌වාධීන තීරණ ගතයුතුවා මිස ජනාධිපති කොමිෂන් සභාවක්‌ තීරණයක්‌ ලබාදෙනතුරු නඩු කටයුතු නවතාගෙන සිටීමේ කිසිම අවශ්‍යතාවක්‌ නොමැති බවත් එවැනි කොමිසමක නිගමන පිළිගැනීමට අධිකරණය නෛතිකව බැඳී නොමැති බවත් පැවසීය. විත්තිය සඳහන් කළ පරිදි රටේ ජාතික ආරක්‍ෂාවට බාධාවක්‌ වන යම් කරුණක්‌ අනාවරණය වන්නේ නම් එකී සාක්‍ෂි බාහිර සමාජයට අනාවරණය නොවන පරිදි රහස්‍යභාවය රැකෙන පරිදි විභාග කිරීමේ හැකියාව පවතින බව විවෘත අධිකරණය හමුවේදී පැවසූ චම්පා ජානකී රාජරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු ම`ඩුල්ල විත්තියේ ඉල්ලීම ඒකමතිකව ප්‍රතික්‌ෂේප කර අධි චෝදනා භාරදී නඩු විභාගය පැවැත්වීමට තීරණය කළහ.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles