Divaina - තමන්ගේ වාසියට පාර්ලිමේන්තුව පාවිච්චි කර මඩ ගහන එක වැරදියි.... උත්තර දෙන්න එළියෙන් එන අභියෝග භාරගත යුතුයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

අරුණ බෝගහවත්ත
 
 tilasපාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවෙන් පිටත අයෙකුට චෝදනා කරනවා නම් එම පුද්ගලයා එළියේදී උත්තර දෙන්න අවස්‌ථාවක්‌ ඉල්ලුවොත් එම අභියෝගය භාර ගත යුතු යෑයි ද තාක්‍ෂණික හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
 රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24 දා) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කීය.
 
 හිරුණිකා මහත්මියගේ තාත්තා සමග මම ඉතා සමීපව කටයුතු කළ කෙනෙක්‌. එතුමිය භාවිත කළ වචන සාකච්ඡා කළ කරුණු හරිම පිළිකුල්. එතුමිය අද වැටිලා තියෙන තත්ත්වය ගැන කනගාටු වෙනවා. එතුමියගේ සීයා මේ රටේ ප්‍රගතිශීලී කඳවුරක්‌ බිහි කළ දේශපාලන නායකයෙක්‌.
 
 දේශපාලන වාසිය තකා ප්‍රකාශ කරන්න ගියොත් දේශපාලන අරමුණු සඳහා මඩ ගැසීම්වලට කටයුතු කරන අය ගැන කතා කරන එක තේරුමක්‌ නැහැ. සට කපට වෙලා අවස්‌ථාවාදීන් එක්‌ක කතා කිරීමත් අපිට සුදුසු නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළ හැක්‌කේ තමන්ට අදහස්‌ ප්‍රකාශ කරන්න මිසක්‌ කාටවත් විරුද්ධව ගරහන්නවත් කාටවත් විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්න නෙවෙයි. යම්කිසි කෙනෙක්‌ පාර්ලිමේන්තුවෙ ප්‍රකාශයක්‌ කරනවා නම් ඒ ප්‍රකාශනයේදී යම්කිසි කෙනෙකුට එම ප්‍රකාශයට පිළිතුරක්‌ දෙන්න අවස්‌ථාවක්‌ නැත්නම් ඒ අවස්‌ථාව නැති කෙනා ඉල්ලීමක්‌ කරනවා නම් පුළුවන්නම් එළියෙ ඇවිල්ල කියන්න මට අවස්‌ථාවක්‌ දෙන්න මම උත්තර දෙනවා කියලා. ඒ අභියෝගය භාරගත යුතුයි. මුහුණට මුහුණ සාකච්ඡා කරල උත්තර දිය යුතුයි. එයින් මඟහැරල යන්න පුළුවන්කමක්‌ නැහැ. පාර්ලිමේන්තුව තමන්ගේ රැකවරණය සඳහා පාවිච්චි කිරීමටත් ප්‍රතිවිරුද්ධවාදීන්ටත් මඩ ගහන්න තියෙන තැනක්‌ නෙවෙයි. එවැනි මඩ දේශපාලනය ජනතාව ප්‍රතික්‌ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වාසියට පාර්ලිමේන්තුව පාවිච්චි කරල තවත් කෙනෙකුට මඩ ගැසීම වැරදියි.

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles