Divaina - පළමු ශ්‍රේණියට 40 ක් ගන්න රජය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩිකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
 
 ඊට අදාළව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස් පහ (35) ක් විය යුතු බවට අධිකරණ නියෝගයකි.
 
 ප‍්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප‍්‍රතිපත්තියට අනුව ප‍්‍රාථමික පන්ති භාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයන් පත්කිරීමේ ප‍්‍රතිපත්තිමය තීරණයයි.
 
 අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් මුහුණදී ඇති තවත් දුෂ්කරතාවක් නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාසයයි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles